පාසල් ගුරුවරුන් එන්නත්කරණ වැඩසටහන දින 10කින් අවසන්
ඊයේ(12) දීප ව්‍යාප්ත මට්ටමින් ආරම්භ කරන්නට යෙදුණු පාසල් ගුරුවරුන් එන්නත්කරණ වැඩසටහන දින 10ක් තුළ අවසන් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
ඊයේ දහවල් 12 වනවිට බස්නාහිර පළාතේ ගුරුවරුන් 86%කට (කොළඹ දිස්ත්‍රික්කය 97%ක්, ගම්පහ 81%ක් සහ කලුතර 82%) ඌව පළාත 60%ක් (බදුල්ල 90%ක්) උතුරු පළාත 47%ක් (මුලතිවු 67%ක්, යාපනය 64%ක්, කිලිනොච්චි 64%ක්) ද වශයෙන් එන්නත්කරණය සම්පූර්ණ කර ඇත.
ඊයේ දිනයේ ම එන්නත්කරණ කටයුතු ආරම්භ කෙරුණු පළාත් වන මධ්‍යම, නැගෙනහිර, දකුණ, වයඹ, සහ උතුරුමැද පිළිවෙළින් 18%ක්, 17%ක්, 15%ක්, 15%ක් හා 9%ක් සම්පූර්ණ කර තිබෙන බවත් දින 10ක් ඇතුළත සමස්ත දිවයිනේ ම පාසල් ගුරුවරුන් සඳහා එන්නත්කරණය අවසන් කිරීමට හැකිවනු ඇති බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ අද (13දා) වන දින කොළඹ නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

