saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7064 hours ago

LATEST

බිරිඳගේ පහරකෑමන් තුවාල ලැබූ සැමියා ඉතාලියේ රෝහලකට

calendar_today 2021 අප්‍රේ 27 - 21:53 remove_red_eye - 2987  

පවුල් ආරාවුලක් දුරදිගයාමෙන් ඉතාලියේ බ්‍රේෂියා නගරයේ ජීවත් වූ ලාංකික කාන්තාවක් ඇයගේ සැමියාට තියුණු ආයුධයකින් පහරදී තුවාල කර ඇතැයි බ්‍රේෂීයා පොලීසිය පවසයි.

චීනය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය යන රටවල විදේශ අමාත්‍යවරුන් සම්බන්ධ කර ගනිමින් අද (27දා) පැවැති කොවිඩ්-19 ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකාබද්ධ වීඩියෝ සම්මන්ත්‍රණයකට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්වෙමින් මේ බව පැවැසීය.

Read More

ජැමෙයිකාවේ සිට පෞද්ගලික ත්‍යාග පාර්සලයක් ලෙස ගුවන් තැපැල් ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සීදුව ප්‍රදේශයේ පිහිටි කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් නැමැති පෞද්ගලික පාර්සල් බෙදාහැරීම සිදු කරන ආයතනයක් වෙත ලැබී තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අදදින සවස අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 147ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (27) ගෙවුණු පැය 24 කාලය වන විට 8826ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොරෝනා රෝගීන් ඇතුලත් කිරීම වැඩිවීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කොවිඩ් ප්‍රතිකාර ලබාදීම සිදු කෙරෙන 14 බී වාට්ටුවෙහි සහ වැරැල්ලවත්ත කාන්තා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙහි ඇදන් සියල්ල පිරී පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් අපගේ රෝහල්වල, දැඩිසත්කාර ඒකකවල, අතරමැදි ප්‍රතිකාර ඒකක වල තිබෙන ධාරිතාවය සීමා සහිත බව ඔබ තේරුම් ගත යුතුයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 674 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මැයි මස 9 වනදා පැවැත්විමට නියමිතව තිබු දහම් පාසල් ශ්‍රේණි විභාගය අවලංගු කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 279 දෙනෙකු අද (27) දිනයේ පිටවගොස් තිබේ.

Read More

කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් වල කිසිදු හිඟයක් මෙතෙක් නොමැති බව සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

පාස්කු ප‍්‍රහාර සිද්ධියට අදාළව තමා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති හෙයින් එය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා අද (27දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

Read More

වැල්ලවාය සහ බුත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් කොවිඩ් 19 ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් හමුවීම නිසා වැල්ලවාය, ඇතිලිවැව සහ වෙහෙරයාය නගර සීමාවන් සහ බුත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ රහතන්ගම ග්‍රාම සේවා වසම හුදෙකලා ප්‍රදේශ බවට පත්කිරීමට අද (27) මොනරාගල දිස්ත්‍රික් කොවිඩ් මර්දන ආරක්ෂණ කමිටුව තීරණයකර ඇත.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කුවෙට්යේදී ලියාපදිංචි වී සිටි ලාංකිකයන් ගණන 9000ක් බවද තානාපති කාර්යාලය පැවැසීය.

Read More

මාතලේ අධ්‍යාපන කලාපයේ පාසල් පහකින් කොවිඩ් 19 ආසාදිත පාසල් සිසුන් 13 දෙනෙකු අද (27) දහවල් වන විට වාර්තා වි ඇති බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා විජයන්ති ජයසුරිය මහත්මිය පැවසුවාය.

Read More

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් හෙට දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ සියළු විභාග කල් දමා තිබෙනවා.

Read More

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කිසිඳු ගැටලුවක් නොමැතිව අය කළ හැකි හිඟ බදු මුදල් ප්‍රමාණය සහ, අය කර ගත හැකි නමුත් ගැටලු පවතින හිඟ බදු මුදල් ප්‍රමාණය පිළිබඳව වාර්තාවක් මාස 02 ත් 05 ත් ඇතුළත ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

දැනට දිවයිනේ බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් ආසාදිත රැඳවියන් 260 දෙනෙකු හදුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කෙරේ.

Read More

රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ මූලික විරෝධතා ලිඛිතව ජුනි මස 30 වනදා ඉදිරිපත් කිරීමට පියවරගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (27) ඔහුගේ නීතිඥවරුන්ට නියෝග කළේය.

Read More

සමස්ත මුහුණම ආවරණය වන පරිදි පළදින බුර්කාව ඇතුළු ඒ හා සමාන දෑ භාවිත කිරිම තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

මරදාන ඩී. ආර්. විජයවර්ධන මාවතේ සැපයුම් කොට්ඨාසය ගබඩා පාලක ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා එම ගබඩාවේ නිදන ඇඳක් මත ඊයේ (26) හිටිහැටියේ මියගොස් ඇතැයි මරදාන පොලිසිය කියයි.

Read More

පොලොන්නරුව ඓතිහාසික සෝමාවතිය රාජමහා විහාරස්ථානයේ වැඩ වසන සාමණේර හිමි නමකට කොවිඞ් 19 වයිරසය ආසාදනයවී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. කේ. ඩබ්ලිව්. එස්. කුමාරවංශ මහතා කියයි.

Read More

කොවිඩ් දෙවන රැල්ලේ අද (27) උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 19,532 ක් බවට පත් වෙද්දී ගතවූ පැය 24 ක කාලයක් තුල ආසාදිතයින් 189 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ සියලුම පාසල් සතියක කාලයක් එනම් අප්‍රේල් 30 දා තෙක් වසා දැමීමට අදරැස්වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

කොරෝනා රෝගය පාලනය කිරීමේ අරමුණෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල්,අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය සහ අම්පාර කලාපයට අයත් සියලු පාසල් ලබන සිකුරාදා (30) දක්වා වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අදාළ බලධාරීන්ට නියෝග කළාය.

Read More

පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය යටතේ අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13ක් එළැඹෙන 30 දා තෙක් වසා දැමීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල ‌හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය වී තිබේ.

Read More

දියවන්නා ජලාශය ආශ්‍රිතව වාර්තා වී ඇති ඇල්ගී තීව්‍ර ලෙස වර්ධනය වීමට හේතුව‍ෙඅධික ලෙස පෝශ්‍යකාරක ද්‍රව්‍යයන් ජලාශයට එක්වීම නිසා බව තහවුරු වී ඇතැයි විශේෂඥයින් විසින් අද දින (27) තහවුරු කරනු ලැබුහ.

Read More

අඹගමුව හා කොටගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයන් 21 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 1650 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.

Read More

කොළඹ මහ නගර සභාව සතු කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා තිබේ.

Read More

පොළොන්නරුවේන් අද දින වනවිට හමුවු කොවිඩ් රෝගින් සංඛ්‍යාව 67 දක්වා ඉහළ ගොස් ඇති බවත් දැනට හුදකලා කර ඇති හිගුරක්ගොඩ සිරිකෙත සහ කුමාරගම යන ගම්මාන වලින් පමණක් ආසාදිත රෝගින් 26 දෙනෙකු හදුනාගෙන ඇති බව පොළොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.