ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා
විලියම් සහ හැරී පසුගිය කාලයේ දුටු ඔවුන්ගේ වෙනස්කම් පසෙකට දමා, සිය නැසීගිය මව හෙවත් වේල්ස් කුමරිය වන ඩයනාට ගෞරව කරන පිළිමයක් කෙන්සිංටන් මාලිගයේ සන්කන් උද්‍යානයේදී නිරාවරණය කළහ.
මෙම පිළිරුව මුලින් 2017 දී ඇගේ මරණයේ 20 වැනි සංවත්සරය වෙනුවෙන් ආරම්භ කරන ලද්දකි. ඩයනාගේ පුතුන් සිය නැන්දලාට සහ මාමාට සුබ පතන්නට පෙර එක්ව සංවාදයක යෙදෙමින් උද්‍යානයට ඇතුළු වූහ. ඔවුන්ගේ මවගේ සහෝදර සහෝදරියන් වන සාරා මැකෝර්කෝඩේල් ආර්යාව, ජේන් ෆෙලෝස් සහ අර්ල් ස්පෙන්සර් මෙම අවස්ථාවට එක්ව සිටියහ. පිළිමයේ මූර්ති ශිල්පී ඉයන් රැන්ක්-බ්‍රෝඩ්ලි, උද්‍යාන නිර්මාණකරු පිප් මොරිසන් මෙන්ම ප්‍රතිමා කමිටුවේ සාමාජිකයින්ද සහභාගී වූහ.
ඉන්පසු විලියම් සහ හැරී කොළ පැහැති ආවරණයකින් වසා තිබූ පිළිරුව වෙත ඇවිද ගිය අතර, එම ආවරණය දෙදෙනාම ඉවතට ගනිමින් පිළිරුව නිරාවරණය කළහ. ලෝකඩයෙන් නිර්මාණය කළ පිළිරුව ඩයනා විසින් කුඩා දරුවෙකු සහ දැරියක සමග සිටියි. අනෙක් අමුත්තන් වෙත යෑමට පෙර ඩයනාගේ පුතුන් දෙදෙනා මොහොතක් පසෙකට වී තම මවගේ පිළිරුව දෙස බලා සිටි අතර, ඔවුන්ගේ නැන්දාද එම අවස්ථාවට එක්විය. කෙසේ වෙතත් මෙම උත්සවයේදී කේම්බ්‍රිජ් ආදිපාදවරයා හෝ සසෙක්ස් ආදිපාදවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් නොකළහ. එසේම චාල්ස් කුමරුද මෙම අවස්ථාවට එක්ව නොසිටියේය.
popular news
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
රු. 2000 නෝට්ටුව ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්
ලංකාවේදී අයිස් නිපදවන්න ඉරානයෙන් ඇවිත්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd