saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7548 hours ago

LATEST

පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළට

calendar_today 2021 ජුලි 07 - 19:24 remove_red_eye - 1051  

මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වැටුප ඉහළ නැංවීමට අදාළ සංශෝධනය කිරීම පිණිස ඉදිරිපත් කරන පනත් කෙටුම්පත අද (07) දින කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශිය උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට ලක් විය.

වසංගත රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයන් සති ගණනාවක් පුරා කියා සිටියේ ජූලි 23දා ආරම්භ වන ගෝලීය ක්‍රීඩා උළෙල කිසිදු ප්‍රේක්ෂකයෙකුගෙන් තොරව පැවැත්වීම අවම අවදානමක් සහිතව ක්‍රීඩා උළෙල පැවැත්වීමේ විකල්පය බවයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 38ක් වාර්තා වී තිබේ. මෙම මරණ 38 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (06දා) තහවුරු කළ මරණ වෙයි.

Read More

හෙට පස්වරු 9 යි 30 සිට ලබන 10 වනදා පස්වරු 09 යි 30 දක්වා කාලය තුළ මන්නාරම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ක් 70 ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Read More

එංගලන්ත තරගාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කළ ජෛව ආරක්ෂක බුබුල කඩ කිරීම නිසා නැවතත් ශ්‍රි ලංකාවට ගෙන්වූ නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 678 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවය රුසියාවේ මොස්කව් නුවර වෙත යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More

ආයුධ සන්නද්ධ පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් හයිටියේ ජනපති ජීවතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

රටේ උරුමය විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින අවධාරණය කළේය.

Read More
1,472කට සුවයි
7 07 2021 16:11:00
0 169

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,472ක් අද (07) දිනයේ පිටවගොස් තිබේ.

Read More

15 හැවැරිදි දැරියක් අන්තර්ජාලය හරහා මිලදී ගෙන ලිංගික කටයුතුවලට යොදාගත් බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත්වූ නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

Read More

සියලුම ගුරුවරුන්ට කොවිඩ් 19 එන්නත ලබාදීමේ වැඩසටහන ලබන සඳුදා (12) ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සඳහන් කර සිටියි. මෙරට සියලුම ගුරුවරුන්ට මෙන් ම විදුහල්පතිවරුන්ට සහ සියලු ම අනධ්‍යයන සේවකයන්ට ද මේ වැඩපිළිවෙළ සමඟ ම එන්නත් ලබා දීමට කටයුතු සංවිධානය කර ති​බේ.

Read More

ගෙවුණු දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 934 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරනවා.

Read More

ඉන්දීය තරගාවලිය සදහා නම් කර ඇති මූලික සංචිතයට ඇන්ජෙලෝ මැතිව්ස් ඇතුළත්ව සිටි නමුත්, තමාව ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලෙසට ඔහු ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර සිටි​යේ.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන මහින්ද ජයසිංහ මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවර්ධනය කෙරුණු නව ගම්මාන විවෘත කිරීම අද (07) පෙරවරුවේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් සිදු කරනු ලැබීය.

Read More

“බන්දුල කියන දේ ගෙදර නෝනවත් ගණන් ගන්නේ නෑ දැන්. ඔයා මොනවද නොකිව්වේ. මේ බන්දුල ගුණවර්ධන අපිට කියපුවා. 2500න් කන්න පුළුවන් කිව්වා. 1000 සහන මල්ලක් දෙනවා කිව්වා. සීනි 85ට දෙනවා කිව්වා. පොල් 80ට දෙනවා කිව්වා. හාල් 95ට දෙනවා කිව්වා. අනේ බන්දුල නොදුටු මොක්පුර. වාඩිවෙන්න.”

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (7) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයින් 236 දෙනෙකු හමුව ඇති බවත් මින් 51 දෙනෙකු වන වැඩිම පිරිසක් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට සේවයේ යෙදී සිටින ඉහළ කළමණාකරණයේ නිලධාරියෙකු රුපියල් මිලියන 3.1 ක මාසික වැටුපක් ලබන බව කෝප් කමිටුවේදී අණාවරණය විය. ඒ එම සමාගම කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

Read More

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව පාස්කු දා ප්‍රහාරයට එරෙහිව නීතිපතිවරයා විසින් පවරනු ලැබූ නඩු දෙක විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මේ වනවිට රුපියල් බිලියන 372ක අලාභයක් සිදුව ඇති බවට පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ.

Read More

වත්මන් තීරණාත්මක අවස්ථාව යටතේ මෙම මොහොත කළමනාකරණය වෙනුවෙන් ජනපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් රජයත් ගන්නා වූ අප්‍රතිහත ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කර පොදු අභිලාෂයන් ජයග්‍රහණය කරවීම පිණිස කොන්දේසි විරහිතව වෙහෙස වී සේවය කරන බවත් ඔහු පවසයි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ 02 ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වීම හේතුවෙන් දුමින්ද නාගමුව ඇතුළු ඒ්කාබද්ධ ඉන්ජිනේරු සංස්ථා සේවක සංගමයේ 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ති​බේ.

Read More

ග්‍රාමිය මට්ටමේ ප්‍රවාහන අවශ්‍යතා සම්පුර්ණ කිරිම වෙනුවෙන් කුඩා ප්‍රමාණයේ බස්රථ 600ක් ආනයනය කරන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Read More

සිරස රූපවාහිනි නාලිකාව මර්දනය කිරීමට සැලසුමක් තිබෙන බවට තොරතුරු වාර්තා වන බවත් ඒ සම්බන්දයෙන් ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශයක් කරමින් අද(07දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රීවරයෙක් වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්ව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩාය‌මේ හිටපු නායක මෙන්ම සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුුුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස බැසිල් රාජපක්ෂ මහතා පත්කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය අද (07දා) නිකුත් කිරීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් ඔහුගේ නම ගැසට් පත්‍රයේ පළ කිරීමට අදාළ ලියවිලි මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

Read More

රටක් ප්‍රජාතන්ත්‍රවාදීද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබාදිය යුත්තේ එහි ජනතාව විසින් මිස අතළොස්සක් විසින් නොවන බවත්, යහපැවැත්ම සඳහා විවිධ මාවත් ඇති අතර, සෑම රටකම ජනතාවට තමන්ගේ සංවර්ධන මාවත සහ ආයතනික ආකෘති තෝරා ගැනීමට අයිතියක් ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 මරණ සංඛ්‍යාව 725ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.