saravita-anim2

2025 නොවැම්බර් මස 05 වන බදාදා

2025 නොවැම්බර් මස 05 වන බදාදා

Latest News - timelapse 7095 hours ago

LATEST

අත්‍යාවශ්‍ය සේවා ගැන විමසිමට විශේෂ දුරකථන අංකයක්

calendar_today 2021 මැයි 24 - 16:34 remove_red_eye - 311  

අත්‍යවශ්‍ය සේවා පිළිබඳ මහජන විමසීම් සඳහාම වෙන් වූ විශේෂිත දුරකථන අංකයක් අද (24) සිට හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොල දින 3ක් වසා තබන බව ධිවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කළේය.

Read More

හුදෙකලා ප්‍රදේශ තවදුරටත් හුදෙකලාවෙමහුදෙකලා කර ඇති ප්‍රදේශවල හුදෙකලා කිරීම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

ජුනි 7 දා තෙක් සංචරණ සීමා ක්‍රියාත්මක වීමට සමගාමීව එදින තෙක් සියලුම සුරා සැල් වසා තබන බව රජය නිවේදනය කරයි.

Read More

දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

Read More

කොළඹ ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් සොරා ගැනීමේ ජාවාරමක නිරත වූ බව කියන එම රෝහලේ හෘද රෝග අංශයේ ,දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්යය සහායකයකු ඊයේ (23) අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි.

Read More

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයිකාවක ලෙස සේවය කළ පනස් දෙහැවිරිදි කාන්තාවක් කොවිඩ් ආසාදිතව මරණයට පත්ව තිබේ.

Read More

සංචරණ සිමා පවතින කාල සිමාව තුල 2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරිමේදි මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම්පති යොමු කිරිම ප්‍රමාණවත් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි.

Read More

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව ලැබූ පරාජයත් සමඟ අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පහළ ස්ථානයකම රැඳී සිටීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

Read More

රටක් ලෙස සාර්ථකව කොවිඩ් වසංගතය පාලනය කර ඇති බවත් එන්නත්කරණය අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වාදිය හැකි බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ප්‍රමුඛතම රාජකාරියක් ඉටු කරමින් සිටින ග්‍රාම නිලධාරීන්ට මේවනවිට දැඩි ජීවිත අවදානමක් හමුවේ රාජකාරි ඉටු කිරීමට සිදුව ඇතැයිද ඔවුන්ට කොරෝනා මර්ධන එන්නත ඉක්මණින් ලබා දීමට රජය පියවර නොගතහොත් ලබන 30 වන දින සිට සියළුම කොරෝනා රාජකාරි වලින් ඉවත් වන බවද ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read More

ලිදුල සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාල යටතේ පාලනය වන ආගරපතන ඩයගම සන්දිරිගම ග්‍රාමසේවා වසමේ තේ කර්මාන්ත ශාලාවට යාබදව පිහිටි සන්දිරිමලේ කොටස සහ ඩයගම රජයේ සත්ව ගොවිපොල (24) දින සිට හුදකලා කල බව ලිදුලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

Read More

මන්ත්‍රීවරුන්ගේ ක්ෂේත්‍ර කටයුතු සඳහා වාහන අවශ්‍යතාවක් ඇති බැවින් ඒ වෙනුවෙන් වාහන ගෙන්වීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙයි. මන්ත්‍රීවරුන් සඳහා ආසන 07 ලෑන්ඩ් ක_සර් ප්‍රාඩෝ රථ 227ක් ගෙන්වීමට මේ වනවිටත් කටයුතු යොදා ඇතැයිද වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මේ සතියේදී කැබිනට් මණ්ඩලයට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

Read More

කොවිඩ් ආසාදනය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ අද (24) වැනිදා දක්වා පුද්ගලයින් 53 දෙනෙකු මරණයට පත්ව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

Read More

කුරුණෑගල මාස්පොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේගොල්ල වසමේ ග්‍රාම නිලධාරිවරයා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුගිය 22 වන දින මරණයට පත්ව ඇත.

Read More

කොවිඩ් ආසාදනය වූ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සුව වී පැමිණෙන තෙක් පක්ෂයේ වැඩ කටයුතු සිදු කිරීමට පක්ෂයේ සාමාජිකයන් තිදෙනෙකුට පවරා තිබේ.

Read More

ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ ක්‍රීඩකයින්ගේ සහ නිළධාරීන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීම සහ සෞඛ්‍ය ආරක්ෂාව තරකිරීමට දිනකට වෛද්‍යවරුන් 230ක් සහ හෙඳ මහත්ම මහත්මීන් 310ක් බැගින් ඔලිම්පික් ආරම්භයේ සිට අවසානය දක්වා දිනපතා අවශ්‍ය වන බව පසුගියදා අන්තර් ජාලය හරහා පැවැති සාකච්ඡාවේ දී සාකච්ඡාවට ලක්කළ බව ජපාන ඔලිම්පික් සංවිධායක කමිටුවේ බේස්බෝල් සහ සොෆ්ට් බෝල් ක්‍රීඩා අංශයේ නියෝජ්‍ය තාක්ෂණික කළමණාකරු සුජීව විජයනායක මහතා සඳහන් කළේය.

Read More

එළවළු වෙළඳාම සඳහා 24 දින අලුයම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමත් සමඟ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ 70 ඉක්මවූ ප්‍රමාණයක් ලැබී තිබෙන බව වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.

Read More

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් 2,959 දෙනා ගෙන් 554 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

Read More

කොවිඩ්-19 වසංගතය හමුවේ සමාජ දුරස්ථභාවය ඇතුළු මහජන සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කළ වීඩියෝවකට මිලියන 10ක් ඉක්මවූ නැරඹුම් ලබාගනිමින් ප්‍රංශ ජනාධිපතිවරයා සමග ඔට්ටුවක් දිනූ ප්‍රකට යූටියුබ් තරු යුගලක්, එරට ජනාධිපති මන්දියේදී විනාඩි 36ක වීඩියෝවක් ජනපති එමානුවෙන් මැක්‍රොන් සමග සිදුකරමින්, මන්දිරයේ උද්‍යානය රොක් සංගීතයෙන් කලඹයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාව හා දැඩි සුළං තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවැසීය.

Read More

පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳපොළ, පිටකොටුව තොග වෙළෙඳසැල් සහ තෝරාගත් ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් අද (24) පෙරවරුවේ සිට විවෘත කර තිබේ.

Read More

නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපති වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා කොළඹ නගරය ආශ්‍රිතව අද (24) දිනයෙත් ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන මෙහෙයුම් සිදු කිරිමට පොලිසිය සැලසුම් කර තිබේ.

Read More

පුත්තලම නගර සභාවේ සභාපති කේ. ඒ බායිස්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ රියදුරු සහ අදාළ කැබ් රථයේ සිටි පුද්ගලයින් 02 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 636 දෙනෙක් ඊයේ (23) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 60 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර්. පරික්ෂණවලදි තහවුරු වි ඇති බැව් බුස්ස බන්ධනාගාරය පවසයි.

Read More

ගුවනෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතු කරමින්, ඇතන්ස් සිට විල්නියස් දක්වා පියාසර කරමින් තිබූ යානයක්, ප්‍රහාරක ජෙට් යානාද යොදවා මෙසේ බෙලාරුස් හි ගොඩබස්වා එහි ගමන් කරමින් සිටි විපක්ෂ ක්‍රියාකරුවෙකු සහ බ්ලොග්කරුවෙකු වන රෝමන් ප්‍රතාසෙවිච් අත්අඩංගුවට ගැනීම ඇතැම් රාජ්‍යයන් විසින් විස්තර කර ඇත්තේ බෙලාරුස් රජය විසින් අනුමත කළ කොල්ලකෑමක් ලෙසිනි.

Read More

චීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදෙන දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ඊයේ දිනයේදී බීජින් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ප්‍රවාහනය කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

අද දිනයේදී තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 32ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.