ADA
www.ada.lk
2026 මාර්තු මස 24 වන අඟහරුවාදා
යාපනය මාණිප්පායි පොලිස් වසමේ කල්ලුණ්ඩායි ප්‍රදේශයේදී අද (12) උදෑසන ලංගම බස්රථයක් පෙරළී යාම හේතුවෙන් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව පොලීසිය පවසයි.
යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ සිට අද උදෑසන 7.30 පමණ යාපනයට වඩුක්කොඩ්ඩෙය් මාර්ගයේදී ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති අතර එහිදී බස්රථයේ ගමන් කරමින් සිටි මගීන් 24 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇත.
බස් රථය පෙරළී යාමට හේතුව මෙතෙක් අණාවරනය වී නොමැති අතර පැවති වැසි සහිත කාලගුණය හේතුවෙන් බස් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලීසිය සැකකරයි.
තුවාල ලැබූවන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව යාපනය රෝහල් වෛද්‍ය වරුන් වැඩිදුරටත් පැවසීය.
popular news
ගෑස් මිළත් ඉහළට
සමාවෙන්න අපේ තෙල් විකිණිලා ඉවරයි - ඉරානය
ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කරන්න එපා - ඉරාන ඔටුන්න හිමි කුමරු
ඉරාන යුද්ධය අවශ්‍ය තාක් කල් ගනු ඇති
තරංගගේ පාසල් ක්‍රිකට් වාර්තාවක් තරංග ඉදිරියේදීම බිද දමයි
ඩීසල් පෙට්‍රල් වැඩි මිළකින් ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd