saravita-anim2

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6979 hours ago

LATEST

ඉන්දියාවෙන් පැන ආ පිරිස අත්අඩංගුවට

calendar_today 2021 මැයි 03 - 13:33 remove_red_eye - 528  

ඉන්දියාවේ චෙන්නායි කුප්පම් හි සිට පසුගිය 30 වනදා නීතිවිරෝධීව මෙරටට පැමිණි කාන්තාව සහ දරු දෙදෙනා පුත්තලම පොලීසිය විසින් අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව සඳහන් කර සිටියි. ඒ බව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. 32 හැවිරිදි තිසර පොර්රා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 6කට එක්දින ජාත්‍යන්තර තරඟ 166කට සහ 20/20 තරඟ 84ක් ක්‍රීඩා කර තිබේ.

Read More

කොවිඩ්-19 මර්දන එන්නත ප්‍රතික්ෂේප කළ නවසීලන්ත රේගුවේ සේවය කළ දේශසීමා සේවකයන් 9 දෙනෙකු සේවයෙන් නෙරපා දැමීමට නවසීලන්ත බලධාරීන් කටයුතු කර තිබේ. මෙසේ සේවයෙන් පහ කරන ලද අය නැවත සේවයේ යෙදවීමේ විකල්පයන් ඉතා සීමිත බව සඳහන් වෙයි.

Read More

කොවිඩ් ආසාදිත බවට තහවුරු වී නිවෙස්වල සිටින අය සිටීනම් 1906 අමතන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Read More

ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ භාරයට ගැනුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකිණිමේ සිද්ධියට අදාළව නඩුවේ සැකකරුවන් 20 දෙනා මේ මස 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයේදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා බවට 22 හැවැරිදි ප්‍රවීන් ජයවික්‍රම වාර්තා අතරට එක්විය. ඒ බංග්ලාදේශය හා පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 11ක් දවා ගනිමිනි. ප්‍රවීන් පළමු ඉනිමේදී කඩුලු 6ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් දවා ගැනීමට සමත්විය

Read More

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි සහ අවසාන ටෙස්ට් තරඟයෙන් ලකුණු 209ක ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවල ධාරිතාවය ඉක්මවා ගොස් ඇති නිසා කොරෝනා වෛරසය ආසාදනය වු රෝගින් 33 දෙනෙකු දැනට දින තුනක කාලයක සිට නිවෙස්වල සිටින බවත සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමාද බවත් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

Read More

කොවිඩ් දෙවන රැල්ලේ අද ( 3) ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 21,129 දෙනෙකු දක්වා ඉහළ යද්දී ගතවූ පැය 24 ක කාලය තුල අද උදෑසන වනවිට ආසාදිතයින් 243 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කළේය.

Read More

(LONG READS) මේ වසරේ ජූනි මස 14වදා සිට නොවැම්බර් 21 දක්වා කාලය තුළ කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට දුෂ්කර මෙන්ම පීඩාකාරී තත්ත්වයක් ගෙන එන බවත් 2021 නොවැම්බර් මාසයේ සිට 2022 අප්‍රේල් මාසය දක්වා යම් සැනසිලිදායක ස්වභාවයක් පවතින බවත් ප්‍රවීණ ටොලමියානු ජ්‍යොතිර්වේදී කේ.සී.ජේ. රත්නායක මහතා පැවැසීය. මෙම වසංගතය 2024 අප්‍රේල් මාසය දක්වා ලෝකයට බලපෑම් එල්ලකරනු ඇති බවත් ඔහු පැවැසීය.

Read More

ගෝලීය එන්නත් හිඟය ළඟදීම අවසන් විය හැකි බවට ඉඟි පළ කරමින්, ගෝලීය සෞඛ්‍ය සංවිධානය චීනයේ සීනොෆාම් සහ සීනොවැක් වෙතින් ඔවුන්ගේ කොවිඩ්-19 මර්දන එන්නත් සඳහා වන හදිසි භාවිත ලැයිස්තුගත කිරීමේ ඉල්ලීම් පිළිබඳ තීන්දු මෙම සතිය අවසන් වනවිට ප්‍රකාශයට පත්වනු ඇත.

Read More

ඉන්දිය ජාතිකයින් මුහුදු මාර්ගයෙන් දිවයිනට පැමිණිම වැලැක්වීම සඳහා මෙරට මුහුදු සීමාවේ ආරක්ෂාව තරකර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Read More

ඒ අනුව පාදුක්ක පොලිස් කොට්ඨාසයේ උග්ගල්ල ග්‍රාම සේවා වසම, කලුතර පොලිස් කොට්ඨාසයේ පිංවත්ත, පිංවත්ත බටහිර, නාරම්පිටිය බණ්ඩාරගම නැගෙනහිර යන ග්‍රාම සේවා වසම්, වත්තල පොලිස් කොට්ඨාසයේ අල්විස් වත්ත, හඟුරන්කෙත පොලිස් කොට්ඨාසයේ රත්මැටිය ග්‍රාම සේවා වසම, මඩකලපුව දිස්ත්‍රික්කයේ තිස්සවීරසිංහම් චතුරස්‍රය යන ප්‍ර දේශ වහාම ක්‍රියාතමක වන පරදි හුදෙකලා කර තිබේ.

Read More

ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් එනම් 387ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් පුද්ගලයන් 330ක් හා 297ක් ලෙස ආසාදිතයන් වාර්තා වෙයි.

Read More

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකිය.

Read More

ඉන්දියාව වර්තමානයේ කොවිඩ්-19 මර්මස්ථානය බවට පත්කරමින්, මෙම වසංගත අර්බුදය හසුරුවා ගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචනයකට පත්ව සිටි මෝදි මෙන්ම, භාරතීය ජනතා පක්ෂය වෙත ජනතාවගේ සැබෑ ප්‍රතිචාරය බලා ගැනීමට මෙම මැතිවරණය බොහෝ දෙනෙකු විසින් සමීපව නිරීක්ෂණය කරන ලදී.

Read More

පුද්ගලයන් 4306කට සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීමට අදාළව අවවාද ලබාදුන් බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

Read More

චීන විදේශ ඇමති වැන්ග් යී ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. එය මෑත කාලයේදී චීනයේ ඉහළම තනතුරු දරන්නන් ශ්‍රී ලංකාවේ කරන තෙවැනි ඉහළ මට්ටමේ සංචාරය වෙයි. එසේම වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව චීන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ කරන දෙවැනි සංචාරය මෙය වෙයි.

Read More

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික වැටුප් සක්‍රීය කිරීම සඳහා වන සත්කාර පියස සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව නතර කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් රෝගීන් වාර්තාවීම වැඩිවීම හේතුවෙන් කොවිඩ් තෙවැනි මට්ටමේ අවධානම තුළ පනවා ඇති සීමාවන් සංශෝධනය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 09ක් අද දිනයේදී තහවුරු කර තිබේ. ඒ අනුවට මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 696ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

පිළියන්දල පොලිස් බලප්‍රදේශයට පනවා තිබූ හුදකලා තත්ත්වය සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව පිළියන්දල පොලිස් බල ප්‍ර දේශයටම පනවා තිබූ හුදෙකලා බව ඉවත් කර ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කර තිබේ.

Read More

කටුගස්තොට ග්‍රාමීය රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් ස්ථාපිත කළ බවත් මධ්‍යම පලාත තුළ ඇති ප්‍රධාන රෝහල් 09 ආශ්‍රිතව ඇති ග්‍රාමීය රෝහල්12 ක් කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන්කොට එහි ඇඳන් 1456 ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවසීය .

Read More

ප්‍රිය සාද, මංගල උත්සවය ආදිය නිවෙස්වල පැවැත්වීම ද තහනම් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මේ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1843ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

’’පළමු රැල්ලේදී අපට වැඩිහිටි රෝගීන් විශාල ප්‍රමාණයක් ලැබුණා. නමුත් දැන් 15 හෝ 17 තරම් තරුණ අය ආසාදනය වී පැමිණීම දැකීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක්. අපි අපේ උපරිමය කරනවා. රෝගියෙකු තුළ එක් හුස්මක් හෝ ඉතිරි වන තුරු ඔහු හෝ ඇය බේරා ගැනීමට අපි උත්සාහ කරනවා.’’ ඉන්දීය හෙදියක වූ විවේකී කපූර් කියයි.

Read More

කොවිඩ් අරමුදල වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම හා ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට තිබූ විස්සයි20 තරගය සැලසුම්කළ පරිදි නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 18 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

කොවිඩ් නිසා මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කිරීමේදී එය පළාත් පාලන ආයතනවලට අයත් ආදාහනාගාර තුළින් නොමිලයේ සිදුකිරීමට අදාළ චක්‍ර ලේඛනයක් නිකුත් කිරිමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා අස (02දා) මාතලේ දී පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.