saravita-anim2

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2026 අප්‍රේල් මස 01 වන බදාදා

Latest News - timelapse 7489 hours ago

LATEST

ගුවන්සේවා 4ක් ලංකාව සමඟ අලුතින් ගුවන් ගමන් ඇරඹිමේ සාකච්ජා

calendar_today 2021 ජුලි 20 - 11:29 remove_red_eye - 328  

දැනට ලෝකය පුරා විහිදී තිබෙන ගුවන් සමාගම් 32 ක් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සේවා වල නිරත වන අතර නව ගුවන් සේවා හතරක් අලුතින් ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

ෂොපින් බෑග් තහනම පළමු අදියර ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දුන්නා.

Read More

ඊයේ හදුනා ගැනිමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කර නැවැත දුම්බර බන්ධනාගාරයට යමින් සිටියදි පළා ගිය බන්ධනාගාර රැදවියන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන කාන්තාවන් සඳහා වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති හා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් අතර සාකච්ඡාවක් අද පැවැත් වීමට නියමිතයි. ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එම සාකච්ඡාවේදී රජයෙන් සාධනීය විසඳුමක් අපේක්ෂා කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසා සිටියි.

Read More

බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටින රැදවියන් 52 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරුවි ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

Read More

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව ති​බේ.

Read More

“විශේෂඥයන් ලෙස හැඳින්වුණු ඇතැමුන්ගේ දැඩි විරෝධයට සහ අවඥාවට ලක්වූ චීන සයිනොෆාම් එන්නත ලබා ගත් අයගෙන් 95% කගේ සිරුර තුළ ප්‍රතිදේහ ගොඩ නැගෙන බවත් ඩෙල්ටා ප්‍රභේදයට ද ඉතා හොඳ රැකවරණයක් ලැබෙන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පර්යේෂණ කණ්ඩායම අනාවරණය කර ගෙන ඇත.”

Read More

ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1150කට අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

උස්බෙකිස්තානු කාන්තාවක් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇය ලිංගික කටයුතු වලට කුට්ටනය කිරීමට අදාළව අවුරුදු 31ක් වන වැල්ලවත්ත ප්‍රදේශයෙ පුද්ගලයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නැතැන්තන් වෙළදාම් හා සමුද්‍රීය වරැදි සම්බන්ධ කොට්ඨාසය මගින් ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අ​ද පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Read More

දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලින් විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3,139 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

මහනුවර හා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේය.

Read More

සෞඛ්‍ය සේවකයන් සඳහා අනිවාර්ය එන්නත ලබාදීම, මහජනතාවට කොවිඩ්-19 එන්නත පිළිබඳ සාක්ෂි පෙන්වීම සහ සමහර පොදු ස්ථානවලට ප්‍රවේශ වීම සඳහා සෞඛ්‍ය අවසර පත්‍රයක් ලෙස මෑතකදී ලබාගත් සෘණාත්මක PCR පරීක්ෂණයක් ලබාදීම ආදී නව නීතිද ප්‍රංශය හඳුන්වා දීමට යයි.

Read More

කොළඹ - ෂැංහයි අතර පියාසර කරන චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් ගුවන් ගමන් සති දෙකකට අත්හිටුවීමට චීන සිවිල් ගුවන් සේවා නියාමන ආයතනය කටයුතු කර තිබේ.

Read More

රුපියල් කෝටියකට අධික හොරෙයින් මත්කුඩු සහ මුදල් තොගයක් සමග මහා පරිමාණ මත්කුඩු ජාවාරම් කාරියක් වන ’’වනාතේ අරුණි’’ නැමැත්තිය හා ඇයගේ පෙම්වතා ජාඇල නිවාසිපුර ප්‍රදේශයේ නිවසක දි අද (19) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී ආසාදිතයන් 1464ක් වාර්තා වී තිබේ. ඒ තවත් ආසාදිතයන් 484ක් වාර්තාවීමත් සමගිනි.

Read More

82 හැවිරිදි පුරෝගාමී කාන්තා නියමුවරියක වන වොලී ෆන්ක් සහ 18 හැවිරිදි ඔලිවර් ඩේමන් මෙන්ම, ජෙෆ් බෙසොස්ගේ සහෝදර මාර්ක් බෙසෝස් මෙම සංචාරයට එක්වනු ඇත. ඩේමන් යනු සමාගමේ මුදල් ගෙවා අභ්‍යවකාශ සංචාරයට සහභාගී වන පළමු වැනි පාරිභෝගිකයාය.

Read More

ජාතික සඳුන් උයන ශ‍්‍රී ලංකාවේ අති දුර්ලභ වටිනා රත් හදුන් ශාඛ 300 කින් සහ සුදු හදුන් ශාඛ 900 කින් සමන්විත වෙයි. උයනේ රෝපිත ශාඛ වඩාත් ආරක්ෂාවීම සඳහා පොළව මට්ටමේ සිට අඩි 02 ක් පමණ උස පස් පීඨිකාවක පැළ සිටුවා තිබීම මෙහි විශේෂත්වයකි. එසේම, පසේ තෙතමනය රදවා තබා ගැනීම සහ පැළවලට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා මුගුණුවැන්න පැළ වගාකර ඇත.

Read More

අන්තර්ජාලය ඔස්සේ පහලොස් හැවිරිදි දැරියක ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෙබ් අඩවියක හිමිකරු සහ එහි මුදල් කලමනාකරුට ඇප ලබාදීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

Read More

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායම විසින් භාරගෙන ඇති අතර, එහි සාමාජිකයෙකු විසින් ඔහුගේ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලය ක්‍රියාත්මක කිරීමෙන් මෙම බෝම්බ ප්‍රහාරය සිදුකර තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 48ක් මෙරටින් වාර්තා වී තිබේ. ඊයේ (18) දිනයේ දී එම මරණ සිදුවු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

Read More

ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට ඇද වැටී අතුරුදන්ව වු තරුණිය සොයා සිදුකළ මෙහෙයුම අද (19) දහවල් තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව දිඹුල- පතන පොලීසිය පවසයි.

Read More

කොවිඩ් තත්ත්වය හමුවේ දිගටම රට වසා තැබීමේ හැකියාවක් නැති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කර සිටියි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදනයන් යළිත් ඉහළයෑමේ ප්‍රවණතාවක් ඇතිවීම නිසා අතිශය බෝවන ඩෙල්ටා ප්‍රභේදය හමුවේ වසංගතය යළි හිස ඔසවනු ඇතැයි යන බිය හමුවේ ඇමෙරිකානු කොටස් වෙළෙඳ පොළ තුළ පවා අද (19දා) දිනයේ දැඩි කම්පන තරංග දැකගත හැකි විය.

Read More

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 980 දෙනෙකු හදුනාගෙන තිබේ.

Read More

අනවසර වැලි කැණීම් නතර කිරීමට දුන් නියෝග එලෙසම ක්‍රියාත්මක කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අවධාරණය කරනවා.

Read More

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබූ මිල කල නොහැකි වටිනා මැණික් 03ක් ආරක්ෂාව එම අධිකාරියේ සිට ලංකා බැංකු සේප්පුව වෙත රැගෙන ගොස් තිබේ.

Read More

’’කිසිදු දේශපාලන බලවේගයකට හෝ කණ්ඩායමකට එන්නත් පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් නොතිබිය යුතුයි. රට නැවත විවෘත කිරීම සහ රටේ අනාගතය රඳා පවතින්නේ එන්නත් කිරීමේ ව්‍යාපාරය මතයි’’ ඉතාලි සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.