saravita-anim2

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2026 අප්‍රේල් මස 01 වන බදාදා

Latest News - timelapse 7484 hours ago

LATEST

අගෝස්තු මුල්දින 4ක් පාර්ලිමේන්තුව රැස්වෙයි

calendar_today 2021 ජුලි 21 - 11:38 remove_red_eye - 132  

ලබන අගෝස්තු මස 03 වැනිදා සිට 06 වැනිදා දක්වා දින හතරක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම සිය අතුරු වාර්තාව ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.

Read More

ඉන්දීයානු රජයේ ණය ආධාර යටතේ, දියවන්නාව කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ පළමු පාවෙන සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර තිබේ. පාර්ලිමේන්තු පරිශ්‍රයේ දෛනික විදුලි අවශ්‍යතාවය සපුරාගත හැකි වන පරිදි ඉදිකිරීමට යෝජිත මෙම පාවෙන සූර්ය විදුලි බලාගාරය, මෙගාවොට් 1.5 ක ධාරිතාවෙයකින් යුක්තවන අතර මේ වනවිට මෙහි මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදු කෙරෙමින් පවතී.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ ඊයේ වන දින විට 769 ක් වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

Read More

‌ෙඑතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ 12 වන දිනය අදයි.

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි තවත් රැදවියන් 37 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් බුස්ස බන්ධනාගාරය පවසයි.

Read More

ළමයින් වෙනුවෙන් පළාත් නමය තුළ ළමා මහේස්ත්‍රාත් අධිකරණ 09ක් සහ ළමා මහාධිකරණ 09ක් පිහිටුවීම සදහා වැඩකටයුතු ඇරඹීමට සූදානම් බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනී නීතීඥ සුජාතා අලහප්පෙරුම මහත්මිය සදහන් කළාය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ අද (21) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් හමුවීම 513 දෙනෙකු බවත් දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 59,017 වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

ගතවු පැය විසි හතරක කාලය තුළ සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අදට (21) යෙදී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (20දා) පැවැති එක්දින තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක හා පුහුණුකරු මිකී ආතර් අතර වූ සංවාදය ක්‍රීඩකාගාරයේදී සිදුවිය යුතුව දෙයක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග විස්තර විචාරක රසල් ආනෝල්ඩ් පවසයි. ඔහු පවසන්නේ එය පිටිය තුළ සිදු නොවිය යුතු දෙයක් බවයි.

Read More

හිටපු අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතගේ නිවසේ මෙහෙකාරකමට යොදවා සිටි අවුරුදු 16ක දැරියක් පිළිස්සී මිය යෑම පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ගතවූ පැය විසි හතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 207 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

කළුතර දිස්ත්‍රික්කයට අයත් පුහාඹුගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ මලබඩවත්ත කොටස හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

ඇමේසන් ඉන්කෝපරේෂන් හි නිර්මාතෘ බෙසොස් සහ සමාගමේ කොටස් හිමිකරුවකු වන ඔහුගේ සහෝදර මාර්ක් බෙසොස් තවත් දෙදෙනෙකු සමග මෙම ගමනට එක්වූහ. කාතහස්ථ නියමුවරියක වන වොලී ෆන්ක් (අවු.82) සහ මෑතදී උසස් පාසල් උපාධිධාරී 18 හැවිරිදි ඔලිවර් ඩේමන් අභ්‍යවකාශයට ළඟා වූ වයස්ගතම හා ලාබාලම පුද්ගලයන් බවට මේ සමග පත්විය.

Read More

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ දෙවන එක්දින තරගය කඩුළු 3 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වි​ය.

Read More

නැවත දැනුම් දෙන තුරු අන්තර් පළාත් සංචරණ සීමා කිරීම ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

අනාගතය පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම රජය වගකීමක් කොට සළකන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

එරට ආරම්භක එන්නත් කිරීමේ සැලසුම් සාර්ථක වුවද, එන්නත් ලබාදීම මන්දගාමී වීම නිසා ඔස්ට්‍රේලියාවට මෙම අවධියේදී ආසාදන පැතිරයාම වැළැක්වීම සඳහා අගුලු දැමීම දරාගැනීමට සිදුවන බව අගමැති මොරිසන් පැවසීය.

Read More

චාමික යනු තවත් ක්‍රීඩා දෙකකම ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගිය ක්‍රීඩකයෙක් බව ඔබ දන්නවාද? ක්‍රිකට් ක්‍රීඩාව සමග ඔහු ක්‍රීඩා තුනකින් ශ්‍රී ලංකාව ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ නියොජනය කර තිබේ.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 449 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,511 ක් වෙයි.

Read More

කැස්බෑව ජබුරලිය ලූල් වල පාර පෞද්ගලික ඇඟලුම් ආයතනයක සිදුකළ පි සි ආර් පරීක්ෂණ පරීක්ෂණවලදී ඩෙල්ටා ආසාදිත රෝගීන් 5කු ඇතුළු 120 කුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

එක්සත් ජනපද සෙනෙට් විමර්ශන විභාගයේදී රිපබ්ලිකන් සෙනෙට් සභික රැන්ඩ් පෝල් සමග පැහැදිලි වචන හුවමාරුවක් සිදු වූ අතර, චීනයේ වූහාන් වෛරස් විද්‍යා ආයතනයේ පර්යේෂණ සඳහා අරමුදල් සපයන ජාතික සෞඛ්‍ය ආයතන පිළිබඳව ෆවුසි බොරු කියන බවට ඔහු චෝදනා කළේය.

Read More

සිනමාහල් ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් වර්තමානයේදී ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි කෝප් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා.

Read More

කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 43 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියේ අනවසරයෙන් නීතිවිරෝධි ලෙස වන විනාශයන් සිදුකරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හැර තිබේ.ඩ

Read More

චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය සනිටුහන් කරමින් පැවති දැවැන්ත උත්සවයකදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ලෙස ජනාධිපති ෂී ජින්පිං පැවැත්වූ දේශනය විදේශීය භාෂා රැසකින් එරට මධ්‍යම සම්පාදන හා පරිවර්තන මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

කොවිඩ් හතරවන රැල්ලේ මුල් කොටසට අප ලගා වෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

Read More

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස් කිරීමට සමත් විය.

Read More

තවත් කොවිඩ් මරණ 43ක් වාර්තා වි ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.