saravita-anim2

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා

Latest News - timelapse 7004 hours ago

LATEST

වෙසක් පොහොය අදයි

calendar_today 2021 මැයි 26 - 07:47 remove_red_eye - 881  

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන තෙමගුල සිහිකෙරෙන වෙසක් පොහොය අද (26දාට) යෙදී තිබේ.

පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කල පුද්ගලයින් 686 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

වයස අවුරුදු 04 සිට 06 දක්වා වූ පුහුණු සුනඛයන් 06 දෙනෙකු මෙම අධ්‍යයනයට සහභාගී වී ඇත. මෙම කණ්ඩායමට ලැබ්‍රඩෝ, ගෝල්ඩන් රිට්‍රීවර් සහ කොකර් ස්පැනියල් යන වර්ගවල සුනඛයන් අයත් වී තිබේ. සති 06 සිට 08 දක්වා පුහුණුවීමෙන් පසු කොවිඩ්-19 ආසාදනය වී ඇතිදැයි ඉව කිරීමෙන් හඳුනා ගැනීමට සුනඛයන්ට හැකි වූ බව පර්යේෂකයෝ පැවසූහ.

Read More

ශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීම චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

Read More

තවත් කොරෝනා ආසාදිත මරණ 28ක් වාර්තා වී තිබේ.

Read More

බුස්ස බන්ධනාගාරයේ සිට අගුණුකොළපැලැස්ස රැගෙන යමන් සිටි කොවිඩ් ආසාදිත රැඳවියෙකු මාතර වැලිගම ප්‍රදේශයේදි බන්ධනාගාර බස් රථයේ ජනේලයකින් පැන ‌ගොස් තිබෙන බව සඳහන් වෙයි.

Read More

මේ අවස්ථාවේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු නොවී මහජනතාවට අවශ්‍ය සේවා කාර්යක්ෂම ලෙස සපයා දෙන ලෙස ඉල්ලීම් කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 898ක් වාර්තා වි තිබේ.

Read More

ශ්‍රී ලංකාවට එරෙහි​ව පළමුවරට එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වි​ය.

Read More

’’ලෝකයම මොහොතකට නතර වුණා.’’ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක ටිම් සීෆර්ට් ඕක්ලන්ඩ් හි හෝටල් නිරෝධායනයේදී වීඩියෝ ඇමතුමකින් වාර්තාකරුවන්ට පැවසීය. ’’මට ඇත්තටම ඊළඟට කුමක් කළ යුතු දැයි සිතා ගත නොහැකි වුණා. ඒ වගේම ඒක තමයි, බය හිතෙන කොටස.’’

Read More

මුහුණු ආවරණ නොමැතිව වීල් බැරෝවගින් භාණ්ඩ ප්‍රවාහනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 1,228 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර ඇතිවිමේ අවදානමක් හටගෙන තිබේ.

Read More

PCR හා RAT පරීක්ෂණ වලට නිදර්ශක ලබා ගැනීමේ ක්‍රියාවලියෙන් හෙද නිලධාරීන් ඉවත් වීමට තීරණය කර ඇති බව රජයේ හෙද නිළධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සදහන් කරයි.

Read More

කොවිඩ් ආසාදිතයින්ට සෘජුවම සම්බන්ධ වන ක්ෂේත්‍ර නිලධාරින් නොසලකා සෘජුවම කොවිඩ් ම්ර්දන වැඩපිළිවෙලට සම්බන්ධ නොවන පුද්ගලයනට පවා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදිමට විරෝධය පාමින් සියලුම ග්‍රාම නිලධාරින් අද (25) රාත්‍රි 12න් පසු කොවිඩ් පාලන රාජකාරිවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැලෙන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාර පවසයි.

Read More

අද දින මේ දක්වා තවත් කොරෝනා ආසාදිතයින් 1,808 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

දින දෙකක් තිස්සේ රත්නපුර දිස්ත‍්‍රික්කයට බලපෑ අධික වැසි සහ සුළං හේතුවෙන් ඇති වු ගංවතුර, නායයාම් සහ තද සුළං හේතුවෙන් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9ක ග‍්‍රාම සේවා වසම් 48ක පවුල් 420ක පුද්ගලයින් 1739දෙනෙකු ආපදාවට ලක්ව සිටින බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය අද සවස පැවසුවාය.

Read More

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (26) සහ අනිද්දා (27) දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් සහ මස් මාංශ අලෙවි සැල් වසා දමන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවා 48.1ක දී සියලු දෙනා දැවී ලකුනු 246ක් රැස්කිරීමට සමත්විය.

Read More

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඉදිරිපස ඇති වූ ගින්න මේ වන විට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වෙමින් පවතී. කාළගුණික තත්වයේ වෙනස් වීම මත දැඩි වූ සුළං ප්‍රවාහය මෙලෙස ගින්න තවත් වර්ධනය වීමට හේතුවී ඇති අතර, මේ වන විට නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය සහ ගලවා ගැනීමේ සමාගමේ විශේෂඥ පිරිස නිරුපද්‍රිතව නෞකාවෙන් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරිණි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් සතුව පැති ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි නවීන පහසුකම් වලින් සමන්විත නිවස ඔහු වෙන්දේසියේ අලෙවි කර තිබේ.

Read More

දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අලුතින් හුදකලා කර තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය හා අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ගේ පවුල් 65 ක පුද්ගලයන් 276 අද (25) වනවිට අවතැත්ව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

Read More

ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ ප්‍රාන්ත සහ නගර ආශ්‍රිතව මසකට ආසන්න කාලයක් පැවති ලොක්ඩවුන් සීමාවන් මෙන්ම, අවශ්‍ය සෞඛ්‍ය යටිතල පහසුකම් කඩිනමින් සපයා ගැනීමට ක්‍රියා කිරීමද මේ ආකාරයෙන් ආසාදිතයන් ක්‍රමයෙන් අඩුවීමට හේතුව බව සඳහන් වෙයි.

Read More

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අද (25)දා දහවල් වන විට මාතලේ දිස්ත්‍රික්කයෙන් මේ වන විට මරණ 57 දක්වා ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

Read More

ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් රුපියල් මිලියන 13ක් වටිනා PCRපරික්ෂණ කට්ටල 4700 ක් අද දින (25) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාරදීම සිදු කරන ලදි.

Read More

බස්නාහිර පළාත තුළ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද ක්‍රියාත්මක කිරිමට සිටි වැඩ වර්ජනය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව අත්හිටවු බව ආරංචි වෙයි.

Read More

මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ දේශපාලනය පිරිහී ඇති බවට කිසිදු සැකයක් නොමැති බවත්, යම් පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයින්ට එරෙහි පුද්ගලික පහරදීම් සහ මඩ ගැසීම් සිදුකිරීම ඇතැම් පුද්ගලයින්ට අනුව සාධාරණ සහ පිළිගත හැකි ක්‍රියාවක් වී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

ජාතික පාසල් දහස ව්‍යාපෘතිය යටතේ මධ්‍යම පළාතේ පාසල් 114ක් ජාතික පාසල් බවට පත් කිරීමට මේ වන විට අනුමත වි ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.