saravita-anim2

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2026 අප්‍රේල් මස 01 වන බදාදා

Latest News - timelapse 7488 hours ago

LATEST

ඉන්දියාවට ලකුණු 276ක ඉලක්කයක්

calendar_today 2021 ජුලි 20 - 18:52 remove_red_eye - 306  

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස් කිරීමට සමත් විය.

තවත් කොවිඩ් මරණ 43ක් වාර්තා වි ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව පවසයි.

Read More

කොරෝනා වෛරසයේ ආසාදන සංඛ්‍යාව ඉහළ මට්ටමක පැවතීම නිසා ඉන්දුනීසියාව වසංගත ආශ්‍රිත සීමා කිරීම් ජූලි 25දා දක්වා දීර්ඝ කර ඇති අතර, ආසාදන අඩු වුවහොත් ලබන සතියේ ක්‍රමයෙන් සීමාවන් ලිහිල් කිරීම අරමුණු කර ඇති බව ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පවසයි.

Read More

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉදිරි පැය 24 තුළදි ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ විශ්වාංසභංග යෝජනාව බහුතරයකින් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය

Read More

අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,062ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

දක්ෂිණ අධිවේගි මාර්ගයේ බද්දේගම අන්තර් හුවමාරුවේ කාර්ය මණ්ඩලයේ තවත් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත.

Read More

ලාෆස් සමාගම ගෑස් ආනයනය නවතා දැමුවත් වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ නොදෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

Read More

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Read More

’’මේක මගේ වරප්‍රසාද පිළිබද ප්‍රශ්නයක්. අද උදේ මහින්දානන්ද අමාත්‍යාවරයා වැරදි ප්‍රකාශයක් කළා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ. මම ආණ්ඩුවත් සහග එකතු වෙනවා බුලත් දීලා පිළිගන්න කියලා. එතුමාගෙන් පොහොර ප්‍රශ්නයක් ඇහුවම මාව මේකට ගාව ගන්න ඕනි නෑ. ඔබතුමා කළේ වැරදි ප්‍රකාශයක්.”

Read More

පාසල් යන වයසේ කුඩා දරුවන් දෙදෙනෙකුට පැණි බිම පවසමින් මත්පැන් පෙවිමේ සිද්ධියක් මහියංගණය,ගිරාදුරුකෝට්ටේ රත්කිද මහවැලි ගම්මානයෙන් වාර්තා වෙයි.

Read More

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 980දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 262,828ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නොමැතිව මහබැංකු බැඳුම්කර නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

Read More

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ අලියා දුපත අසල ගැඹුරු මුහුදේ මීටර් 100ක් කිමිදී වාර්තාවක් පිහිටුවීමට විධාන කිමිදුම් නිලධාරි(නැගෙනහිර නාවික විධානය) කොමාණ්ඩර් නිශාන්ත බාලසුරිය සහ ඔහුගේ සහයක කිමිදුම් කරුලෙස කටයුතු කල බල නැවි (කිමිදුම්) ඩබ්ඩබ්එන්පි සඳරුවන් යන අය සමත් විය.

Read More

පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන මුදල් කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව), ගිණුම් කාරක සභාව වැනි විශේෂ කාරක සභා සඳහා විශේෂඥයන් සහ පර්යේෂකයන්ගේ සහාය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාවේ දී දැඩි අවධානය යොමු වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

ප්‍රධාන කරුණු දෙකක් හේතුවෙන් ලාෆ්ස් සමාගම ගෑස් ආනයනය කිරීමට තීරණය කිරීම හේතුවෙන් වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් නිර්මාණය වන හැඩ පෙනෙන්නට තිබේ.

Read More

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය

Read More

අන්තර්ජාල වෙළදාම (online) විධිමත්ව සිදු කිරීමට අවශ්‍ය නීති රාමු සකස් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව සහ පුද්ගලික අංශයේ මෙම විෂය පිළිබද දැනුම සහිත කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් සිටින බවත් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ අද (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 52ක් වන කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

උසස්පෙළ විභාගයට හා ශිෂ්‍යත්ව විභාගයට දින නියම කළද එම විශය නිර්දේශ ආවරණය කර ඇත්ද යන්න ප්‍රශ්න කරන බවත් එසේ නොමැති නම් ඒ සඳහා තිබෙන වැඩපිළිවෙල කුමක්ද යන්න පිළිබද ආණ්ඩුව පැහැදිලි කිරීමක් කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 254ක් ජීවත්වන ගම්මාන දෙකක් අද දින දහවල් සිට හුදකලා කළ ප්‍රදේශ බවට පත්කළ බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

Read More

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් එක් ලක්ෂ 4,617 දෙනෙකුට සයිනොෆාම් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී ලබාදී තිබෙනවා.

Read More

බදවා ගැනීමේ පරිපාටියට පටහැනිව බහු කාර්ය සාධක විශේෂ කාර්ය සාධන බලකායෙන් රෝහල් තනතුරු සඳහා පත් කිරීමට විරෝධය පළ කරමින් අද (20) දෙවන දිනටත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහිද සෞඛ්‍ය කාර්ය සහායකයින් වර්ජනයේ නිරත වූහ.

Read More

වසර විසි එකකට පෙර සිය නිවසින් අතුරුදන්ව සිටි පුද්ගලයකුව කඳාන ආණියාකන්ද ප්‍රාදේශීය රෝහලේ දී ඔහුගේ බිරිදට හා දරුවන්ට හමුවීමත් සමඟ දරුවන් හා බිරිඳ ඔහුව වැළඳ ගනිමින් සතුටු කදුළු හෙලුයේ රටක් රාජ්‍යයක් හමුවුවා සේය.

Read More

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙක් හා හෙදියන් 5 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වී ඇති බවත් මොවුන් සියළු දෙනා කොවිඩ් ප්‍රතිශක්ති එන්නත් දෙකම ලබාසිටියදී මෙසේ ආසාදිතයන් බවට පත්ව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ බදුල්ල ශාඛා සභාපති හා ඌවපළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා (20) පැවසීය .

Read More

අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කොට තිබෙන විශ්වාසභංග යෝජනාව සඳහා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ සංශෝධන පිළිගත නොහැකි බව කතානායකවරයා අද දැනුම් දුන්නේ ය.

Read More

අධ්‍යාපන ඇමති සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අතර සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබේ.

Read More

පන්නල පොලිස් වසමේ මැල්ලවලාන ප්‍රදේශයේදි ඊයේ රාත්‍රියේ පුද්ගල ඝාතනයක් සිදුව තිබේ.

Read More

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලී මහතා තෙදින නිල සංචාරයක් සඳහා මහතා දින 03 සංචාරයක් සඳහා අද (20දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා අද (20දා) විශ්වාස භංගයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ආණ්ඩු පක්ෂයට පැමිණීමට නියමිත බවත් අවශ්‍ය වුවහොත් තමාගේ එක් දුරකතන ඇමතුමකින් මන්ත්‍රීවරයාව ආණ්ඩු පක්ෂයට ගත හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.