රුපියල් කෝටියකට අධික හොරෙයින් මත්කුඩු සහ මුදල් තොගයක් සමග මහා පරිමාණ මත්කුඩු ජාවාරම් කාරියක් වන "වනාතේ අරුණි" නැමැත්තිය හා ඇයගේ පෙම්වතා ජාඇල නිවාසිපුර ප්‍රදේශයේ නිවසක දි අද (19) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු සැකකාරිය සමග මත් කුඩු කිලෝ1 ග්‍රෑම් 200 ක්,ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 8 ලක්ෂ 68 දහසකට අධික මුදලක් හා මෝටර් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකාරිය පදිංචි බොරැල්ලේ නිවසට අමතරව තවත් නිවසක් කුලී පදනම මත ජාඇල නිවාසිපුර ප්‍රදේශයෙන් ලබාගෙන මත්කුඩු ජාවාරම ඉතා රහසිගතව සිදුකරන බවට කොළඹ අපරාධ බුද්ධි ඒකකයට ලැබුණ තොරතුරක් අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකාර කාන්තාව මීට මාස හයකට පමණ පෙර මෙම නිවස කුලී පදනම මත ලබා ගෙන මත්කුඩු ජාවාරම කිසිදු බාධාවකින් තොරව සිදු කර ගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
26 හැවිරිදි සැකකාර කාන්තාව මීට පෙර අවස්ථා කිහිපයකදීම හොරයින් මත්කුඩු සමඟ පොලිස් අත්අඩංගුවට පත් වූ තැනැත්තියක් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. 28 හැවිරිදි සැකකරු පිටකෝට්ටේ පදිංචිකරුවෙකි.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ