saravita-anim2

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6869 hours ago

LATEST

ශ්‍රීපාද වන්දනා සමය අවසන්

calendar_today 2021 මැයි 27 - 20:39 remove_red_eye - 197  

සිරිපා වන්දනා වාරය අවසන් කරමින් සිරිපා මලුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඩු, සුමන සමන් දේව ප‍්‍රතිමා සහ පූජා භාණ්ඩ 27 දහවල් වනවිට සිරිපා මලූවෙන් ආපසු වැඩම කරවීම අවස්ථා දෙකක දී සිදුකරනු ලැබීය.

පවතින සංචරණ සීමා එළඹෙන 31 වැනිදා සහ 04 වැනිදා ලිහිල් කිරීමට තීරණය කර තිබුණද එය වෙනස් වීමට ඉඩ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 790ක් වාර්තා වි තිබේ.

Read More

මැයි මාසයේ විශ්‍රාම වැටුප් ,ගොවි සහ ධිවර විශ්‍රාම වැටුප්,වැඩිහිටි සහ මහජන ආධාර දිමනා ගැනිමට නොහැකිවු අයට පමණක් හෙට (28) සහ අනිද්දා (29) පෙ.ව 9 සිට පස්වරු 2 දක්වා තැපැල් කාර්යාල විවාතයි.

Read More

රිටිගල හා පිළිකුත්තුව ප්‍රදේශයන්ගෙන් ශ්‍රී ලංකාවට ආවේනික නව දිවාසැරි හූනන් දෙදෙනෙකු සොයාගන්නට පර්යේෂකයන් සමත්වී ඇත. එම හූනන් දෙදෙනා Cnemaspis gunawardanai හා Cnemaspis gunasekarai යනුවෙන් නම්කර ඇත්තේ මෙරට පරිසරය වෙනුවෙන් ඉමහත් සේවාවක් කළ පරිසරවේදින් යුගලක් වන සමන්ත ගුණසේකර හා ආචාර්ය ජගත් ගුණවර්ධන යන මහත්වරුන්ට ගරු කිරීමක් වශයෙන් බව පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන සමීර සුරංජන් කරුනාරත්න මහතා ’අද’ට පැවසුවේය

Read More

කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 90 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට එක්ව ඇති අපදව්‍ය මේ වන විට ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයට පැමිණෙමින් තිබේ. එම රසායනික අපද්‍රව්‍ය ජනතාව එක්රැස් කිරීමට කටයුතු කරන අතර එය ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර ක්‍රියාවලියක් වෙයි. මෙම අපද්‍රව්‍ය ජනතාවට එක්රැස් කිරීම වැළැක්වීමටත් ඒවා වෙරළෙන් ඉවත් කිරීමටත් ශ්‍රී ලංකා යුද හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ 1,411 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,782ක් අද හඳුනාගෙන ඇ​ත.

Read More

මෙතෙක් කොවිඩ් එන්නත් ලබා නොදිම හේතුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹි සිටින ග්‍රාම නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්ට එන්නත් ලබා දිමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරිමේ සාකච්ජාවක් අද (27) රාත්‍රියේදි අග්‍රාමාත්‍ය කාර්යාලයේදි පැවැත්වෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එන්.එම් චිත්‍රානන්ද මහතා පවසයි.

Read More

බාධාවකින් තොරව ජන ජීවිතය පවත්වා ගෙන යෑමේ අරමුණින් ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට නම් කරමින් , අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

එළැඹෙන ජූනි 07 වැනිදා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දීම සදහා සයිනෝෆාම් එන්නත් 50000 ක ප්‍රමාණයක් මේ වන විට ලැබී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.

Read More

නෞකාවේ ගින්නෙන් සාගර පරිසරයට සිදුවන හානිය පිළිබද පරීක්ෂණයක් කරන්නැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා නාරා ආයතනයට උපදෙස් ලබා දෙයි.

Read More

කොළඹට ආසන්න මුහුදේ ගිනිගනිමින් තිබෙන නැවේ සිට වෙරළට ගොඩ ගසා ඇති රසායනික ඇතුලු වෙනත් අපද්‍රව්‍ය හේතුවෙන් සිදුව ඇති පාරිසරික හානිය සඳහා අදාළ නැව් සමාගමෙන් වන්දි ලබා ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටී වෙරළට ගොඩගැසූ භාණ්ඩ හා අපද්‍රව්‍ය ස්පර්ශ කළ පුද්ගලයන් කිහිප දෙනෙකුට විවිධ අසාත්මිකතා හටගෙන ඇතැයි වාර්තා වන බව සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කර සිටියි.

Read More

පුත්තලම සිට කොළඹ , ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More

කටුනායක ප්‍රදේශය හරහා 05/26 දින රාත්‍රී හමා ගිය ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් නිසා ප්‍රදේශයේ විදුලිය බිද වැටීම් 270 ක් පමණ සිදු වී ඇති බව කටුනායක වලානගොඩ ප්‍රාදේශීය විදුලි උප පොළේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

Read More

මොනරාගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 රෝගීන් හමුවීම ඊයේ (26) වන විට අඩුවෙමින් පවතින බැව් මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනාය මහතා පැවසීය.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම (27) දින වන විට පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පැවසිය.

Read More

මෙය එරට වෛද්‍ය සඟරාවක පළී ඇති අතර එහිදී ඔවුන් පරීක්ෂණයට ලක්කළ අක්‍රීය කළ සිනෝෆාම් එන්නත් දෙකහි කාර්යක්ෂමතාව සියයට 72.8ක් හා 78.1ක් බව සඳහන් කර තිබේ

Read More

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ අත්සන් තැබීය.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබෙන අතර ඒ අනුව එම මධ්‍යස්ථානයේ කම්කරුවන්, වෙළෙඳ සේවකයන් සහ ව්‍යාපාරිකයන් 1,610 දෙනෙකුට කොරෝනා එන්නත ලබාදීම අද සිට ආරම්භ කර තිබෙනවා.

Read More

කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් අසරණ වී සිටින එහෙත් , රජයේ දීමනා නොලබන පුද්ගලයින් සඳහා යම් දීමනාවක් ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දනය සඳහා නිරෝධායන නීති කඩකිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා යුද හමුදාව යතුරුපැදි බලකායක් හඳුන්වාදීම 27 දින යුද හමුදාවේ පනස් තුන්වන බල සේනා මූලස්ථානයේ දී සිදුකෙරිණි.

Read More

දිවයින වටා මුහුදු ප්‍රෙද්ශවල සුළඟේ වේගය පැයට කිලෝමිටර් 40-50ත් අතර වන බවත් පුත්තලම සිට කොළඹ හරහා බේරුවල දක්වා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝම්ටර් 60ත් 65ත් දක්වා වැඩිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.

Read More

කොවිඩ් 19 වෙනුවෙන් රුසියාව නිෂ්පාදනය කළ ස්පුටිනික් වී එන්නත් මාත්‍රා 50000ක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව ජාතික ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.

Read More

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ අනතුර හේතුවෙන් එකතුවන අපද්‍රව්‍ය, “උපද්‍රවකාරී අපද්‍රව්‍ය” ලෙස සැලකෙන අතර ඒවා මෙතෙක් නිෂ්චිතව වෙන් වෙන්ව හඳුනාගෙන නොමැත. එබැවින් කිසිදු හේතුවක් මත මෙම අපද්‍රව්‍ය රටතුළට ගෙන ඒම, එක්රැස් කිරීම, වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම හෝ ඇල්ලීම අතිශයින්ම අනතුරුදායක විය හැකි බැවින් එවැනි ක්‍රියාවල නිරත නොවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

කොවිඩ් - 19 ආසාදිතයින් 2,377 දෙනෙකු ඊයේ (26) මෙරටදී හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවට චීනයෙන් ප්‍රදානයක් ලෙස ලැබුණ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5න් 125000ක් ගාල්ල, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතා පදනමින් ලබාදෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.