ගිනියාවේ විශේෂ බලකාය රටේ බලය අල්ලා ගෙනලු
ගිනියාවේ විශේෂ බලකා සෙබලුන් එරට දිගු කලක් සේවය කළ ජනාධිපතිවරයා බලයෙන් පහ කරමින්, පවතින රජය විසුරුවා හැර එහි ගොඩබිම සහ ගුවන් දේශසීමා වසා දැමූ බවට නිවේදනයක් සිදුකර තිබේ.
කෙසේ වෙතත් මෙම හමුදා කුමන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දැක තිබුණත්, එරට ප්‍රභූ හමුදා ඒකකයේ ප්‍රධානී මාමාඩි ඩුම්බෝව්යා පැවසුවේ "දුප්පත්කම සහ රටම වෙලාගත් ආවේණික දූෂණය" හේතුවෙන් ජනාධිපති ඇල්ෆා කොන්ඩ්ව ධුරයෙන් ඉවත් කිරීමට තම හමුදාව යොමු කළ බවයි.
"අපි රජය සහ ආයතන විසුරුවා හැර තිබෙනවා" යැයි ගිනියාවේ ජාතික ධජය පසුබිමින් සන්නද්ධ සෙබළුන් අට දෙනෙකු විසින් වට කර ගත් බව ප්‍රංශ හිටපු විදේශ හමුදා භටයෙකු වූ ඩුම්බොව්යා රාජ්‍ය රූපවාහිනියෙන් ඔස්සේ ජාතිය අමතමින් පැවසීය. "අපි එකතු වෙලා ව්‍යවස්ථාවක් නැවත ලැවීමට යනවා." ඔහු වැඩිදුරටත් පැවසීය.
අද (05දා) උදෑසන කොනක්‍රි අගනුවර ජනාධිපති මන්දිරය අසල වෙඩි හුවමාරුවක් සිදුවිය. පැය කිහිපයකට පසු එරට විශේෂ බලකාය විසින් රටේ පාලන බලය අල්ලාගත් බවට තොරතුරු වාර්තා විය.
හමුදා ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයා හෙළි නොකළ ස්ථානයකට ගෙනගිය බවත්, රජයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළු තවත් අත්අඩංගුවට ගැනීම් කිහිපයක් සිදුව ඇති බවද විදෙස් වාර්තා පවසයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

