2021 වසර අවසානයේදී ඉන්දියාවට පහර දිය හැකි කොවිඩ්-19 තෙවැනි රැල්ලක් ගැන විද්‍යාඥයන් අනතුරු අඟවා ඇති අතර, එය දරුවන්ට වැඩි බලපෑමක් ඇති කරනු ඇති බව වසංගත රෝග විද්‍යාඥ සහ මහාචාර්ය වෛද්‍ය ගිරිදාර් බාබු පවසයි.
දිවයිනට බලපා අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මරණ 16ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තවත් පුද්ගලයන් තිදෙනෙක් අතුරුදන්ව තිබේ. බලපෑමට පත්ව ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 270910කි.
Read Moreසමගි ජන බලවේගයේ නායක , විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Read Moreපාර්ලිමේන්තුවේ පක්ෂ නායකයිගේ රැස්වීමක් හෙට (7) පැවැත්වේ.
Read Moreඋගස් මධ්‍යස්ථාන විවෘත කරනවාද නැද්ද පිළිබඳව ඉදිරි කොවිඩ් සාකච්ඡාවලදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් මෙතෙක් ජනතාවගෙන් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒ පිළිබඳව අවධානය යොමු නොවූ බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreඅද දින තවත් කෝවිඩ් ආසාදිතයින් 1,921ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
Read Moreශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කාර්ය මණ්ඩලයේ බහුතරයක් චීන ජාතිකයන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreකටුනායක ප්‍රදේශයේ 06/06 දින කොරෝනා ආසාදිතයන් 62 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreසංචරණ සීමා මැද අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන රථ වාහන සඳහා හෙට (07) දිනයේ සිට විශේෂිත ස්ටිකර් 11ක් හඳුන්වාදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreමිය ගිය කැස්බෑවුන් පස්දෙනෙකුගේ හා ඩොල්ෆින් මත්ස්‍යයකුගේ සිරුරු කොස්ගොඩ හා අලුත්ගම වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී අද (6) සොයා ගෙන තිබේ.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රොගීන් 90 කු අද (06) දින පෙරවරු 10.00 වනවිට හමුවීමත් සමග සමස්ත ආසාදිත රෝගීන් සංඛ්‍යාව 4990 දක්වාඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,172ක් අද (06) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreඅයහපත් කාලගුණයෙන් නිවාස 817කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreභාණ්ඩ ආනයන අපනයන ක්‍රියාවලියේදී විශාල අක්‍රමිකතා සිදුවන බවත් විවිධ රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ ආගමික සංවිධාන විසින් ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා ඉදිරිපත් කරන ඇතැම් ලියකියවිලි ඇස්කිමෝවරුන්ටත් අයිස් විකුණන්න හැකි අය විසින් සකස් කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයෙකුගේ ළගම ආශ්‍රිතයෙකු විම නිසා ස්වයං නිරෝධානයට යොමු කර සිටි තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (05) දින තහවුරු වු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතා පැවසිය.
Read Moreසංචරණ සීමා පැනවීම නිසාවෙන් ජල බිල්පත් ගෙවාගත නොහැකිව සිටින ජනතාවට ඒ සදහා මාසයක සහන කාලයක් ලබා දීමට බලාපොරොත්තු වන බව විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කර සිටියි.
Read Moreවිපක්ෂය විසින් කුමන චෝදනා එල්ල කළද, එන්නත්කරණ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව සිදු කෙරෙන අතර ඒ සඳහා ජනතාව තුළ ඇතිවී තිබෙන උනන්දුව හා විශ්වාසය කොවිඩ් වසංගතය පාලනය සඳහා වඩාත් වැදගත් වී තිබෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සදහන් කළේය.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ ඊයේ (05) පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 132ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 10,915 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඉල්ලා අස් වී තිබේ.
Read Moreසයිනෝෆාම් දෙවන මාත්‍රාව ලබා ගැනීමට පැමිණිය යුතු දිනය, ස්ථානය සහ වේලාව ඉදිරි දිනවල කෙටි පණිවුඩයක් (SMS) මගින් දැනුම් දෙන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදිත පුද්ගලයින් 3,103 දෙනෙකු ඊයේ (05) දිනය තුළ මෙරටින් හඳුනාගෙන තිබේ.
Read Moreනුවරඑලිය නානුඔය රදැල්ල ක්‍රිඩාංගණයට යාබදව හරිතාගාරවල පවත්වාගෙන යන ස්ට්‍රොබෙරි වගා ගොවිපලක නිලධාරින් සහ සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව ලිදුලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.
Read Moreමහින්දානන්ද අලුත්ගමගේ පදනම විසින් නාවලපිටිය නව කුරුදු වත්තේ සමර්සෙට් වතු යායේ ඉදි කරන ලද කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය එම පදනමේ සභාපති අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක ජානක සෝමරත්න මහතා වෙත (06) දින භාරදෙනු ලැබුහ.
Read Moreත්‍රස්තවාදි ක්‍රියා හේතුවෙන් දුබලතාවයට පත්ව එකී දුබලතා ප්‍රතිශතය සියයට 50ට අඩුවීම හේතුවෙන් ප්‍රතිලාභ නොලබා අදාළ සේවා කාලය සම්පූර්ණ කර විශ්‍රාම ගොස් හෝ අස්ව සිටින ත්‍රිවිධ හමුදා සේවා පුද්ගලයින් වෙත හිග වැටුප් ගෙවීම සදහා වන යෝජනාවක් ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
Read Moreබදුල්ල කයිලගොඩ වැඩිහිටි නිවාසයේ කෝවිඩ් ආසාදිත නේවාසික වැඩිහිටියන් අටදෙනකු ඊයේ (5) හදුනාගත් බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි .
Read Moreඅග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසන්නේ, බිලියන 10ක් ගස් සිටුවීමේ ඉලක්කයේ කොටසක් ලෙස දැනටමත් ගස් හා කඩොලාන බිලියනයක් රෝපණය කරමින් පාකිස්තාන රජය වනාන්තර පුළුල් කිරීමට හා ප්‍රතිෂ්ඨාපනය කිරීමට ලෝකයේ වඩාත්ම අභිලාෂකාමී උත්සාහයක සිටින බවය. පසුගිය දශකය තුළ පාකිස්තානයේ කඩොලාන ආවරණය 300%කින් ඉහළ ගියේ, එවැනි වර්ධනීය කඩොලාන ආවරණයක් සහිත ලොව එකම රට බවට පත්වෙමිනි.
Read Moreකොවිඩ් 19 ආසාධිතයවී බදුල්ල මහ රෝහලට ඇතුලත් වූ රෝගීන් 50 දෙනෙක් මේ වසරේ පෙබරවාරි මාසයේ සිට ජුනිමස 6 වැනිදා දක්වා කාලය තුළ මියගොස් ඇතැයි රෝහල් වාර්තාවලින් අනාවරණය වෙයි .
Read Moreපවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 08 ක ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreදැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 5ක් අඩි 3 බැගින් වීවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අනුව තත්ත්පරයට ඝන අඩි 10500ක ජල ධාරිතාවක් දැදුරු ඔයට නිකුත් කරමින් පවතින බවත් ඔය දෙපස ජීවත්වන ජනතාව අවදානයෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 234 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 4996 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read More