saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6863 hours ago

LATEST

නුවරඑළිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4762 දක්වා ඉහලට

calendar_today 2021 ජුනි 05 - 14:48 remove_red_eye - 91  

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රොගීන් 160 කු ඊයේ (04) දින පෙරවරු 10.00 වනවිට හමුවීමත් සමග සමස්ථ ආසාදිත රෝගීන් සංඛ්‍යාව 4762 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

කොවිඩ් ආසාදිතයින් 3,410ක් ඊයේ (04) දිනය තුළ හඳුනාගෙන තිබේ.

Read More

“බණ්ඩාරවෙල කියන්නේ ලස්සන නගරයක්. ඩොටේ කිව්වට සමාවෙන්න. වැරදි කළා නම් දඩුවම් විදින්න ඕන.මට හරි අසාධාරණයක් වුණා. මම ඒකට මානව හිමිකම් යනවා. චමුදිත ඔයත් එක්ක පෞද්ගලික තරහක් නෑ. අපි ආවේගයෙන් මෙහෙට ආවට මෙහෙ අය අපිට සලකපු විදිහට අපේ හිතුණ තිබුණ තරහ එහෙම පිටින්ම ගියා. මම හරිම සතුටෙන් මෙහෙ ඉන්නවා. ට්‍රිප් එකක් ආවා වගේ. හිතේ තියෙන එකම දුක දරුවා නැති එක. මම පුතාටත් කිව්වේ ට්‍රිප් එකක් ගියා කියලා හිතන්න කියලා. ”

Read More

අද (05) උදෑසන මාවනැල්ල දෙවනගල කන්ද නාය යාමෙන් පස් කඳුවලට යටවී සිටින පිරිස සොයා යුද හමුදාව තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

Read More

අදියර 4කින් පාසල් ආරම්භ කරන බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත අසත්‍ය බවත්, පාසල් ආරම්භ කිරීම පිළිබදව මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

Read More

කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ’අප අමතන්න’ යටතේ සඳහන් කර ඇති දුරස්ථ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කම්කරු නීතිවලට අදාළ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් පැමිණිලි, විමසීම් සිදුකළ හැකි බව දැනුම් දෙයි.

Read More

වර්තමානයේ දිවයිනේ බොහෝ රෝහල් කෝවිඩ් රෝගය හා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන බැවින්, රෝහල්ගත කරනු ලබන්නේ රෝහල් ගත විය යුතු තරම් බරපතළ රෝග තත්ත්වයකින් පෙළෙන රෝගීන් පමණක් බව කෝට්ටේ ශ්‍රී ජයවර්ධපුර මහ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ.වී.සී ජානක මහතා පවසා සිටී.

Read More

මේ අනුව කැළණි ගඟ, කලු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, වලවේ ගඟ, මැණික් ගඟ, කුඹුක්කන් ඔය, මාදුරු ඔය, මහවැලි ගඟ, අත්තනගලු ඔය ඇතුළු ප්‍රධාන හා අතු ගංඟා කිහිපයකම ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (04) ගෙවුණු පැය 24 තුළ ආසාදිතයින් 431 ක් වාර්තාවවීමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 19,980 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අතුරුදන් දෙදෙනෙකුගේ දේහයන් සොයාගෙන තිබේ. මේ අතර වරකාපොල අල්ගම නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන්ද පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

සංචරණ සිමා පනවා ඇති මෙම කාල සිමාව තුළදි නියමිත පරිදි ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

Read More

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීරණයේ ‘එම් බ්ලොක්’ හි තෙවැනි මහලේ කාමරයක ඊයේ (4දා) රාත්‍රි හතට පමණ ඇතිවූ ගින්නකින් තරුණියක් පිළිස්සී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

චීනයේ සීනොවැක් බයෝටෙක් හි කොවිඩ්-19 මර්දන එන්නත වයස අවුරුදු 3ත් 17ත් අතර දරුවන් සහ නව යොවුන් වියේ ළමයින්ට හදිසි භාවිතය සඳහා චීනය අනුමත කළ බව එහි සභාපති යින් වයිඩොන්ග් පවසයි.

Read More

ලෝක පරිසර දිනය අදට (05) යෙදී ඇත.

Read More

කොවිඩ් ආසාදිතව මිය ගිය 79 හැවැරිදි මුස්ලිම් කාන්තාවකගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා ඇයගේ දේහය ඔට්ටමාවඩි වෙත් ගමන් කරවීමේදී එයට ආරක්ෂාව සපයමින් ගමන් කළ වෑන් රථයක් පෙරලී යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගයල් 6ක් තුවාල ලබා උප පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් ඇතිව තිබේ.

Read More

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් ඊයේ (4) දිනයෙදි පුද්ගලයින් 975ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදය (SPIEF) අමතමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් කියා සිටියේ එන්නත විදගැනීම සඳහා බොහෝ අය රුසියාවට පැමිණෙන බවයි.

Read More

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු ප්‍රමුඛ නියෝජිත පිරිසක් ඊට එක්වූහ.

Read More

අද (04) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 48ක් තහවුරු කර ඇත.

Read More

පසුගිය දින 14 ක කාළය තුළ ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකානු රටවල් 14 ක සංචාරය කළ හෝ එම රටවල් ඔස්සේ පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට නැවත දැනුම් දෙන තෙක් ශ්‍රී ලංකාවට පැමිණීම 06/04 දින සිට අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසීය.

Read More

බදුල්ල බන්ධනාගාර රැඳවියන් 26 දෙනෙකුට කොවිඩ් 19 අසාදනය වී ඇති බව පී.සී.ආර් පරික්ෂණ වාර්තා අනුව අද (4) තහවුරු වූ බව Anchor බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක පියල්පද්ම මහතා පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 663 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 70 දෙනෙකු වාර්තා වී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

සති දෙකකට පෙර අසල්වැසි නිව් සවුත් වේල්ස් වෙත ගිය පවුලක සාමාජිකයන් දෙදෙනෙකු තුළ මෙම ඩෙල්ටා ප්‍රභේදය (ඉන්දීය ප්‍රභේදය) අනාවරණය වී තිබේ. එහිදී ඔවුන්ට ආසාදනය වූවා විය හැකි අතර, ප්‍රාන්තයේ දකුණු කලාපයේ ජනප්‍රිය සංචාරක ස්ථාන කිහිපයකට ඔවුන් ගොස් ඇත.

Read More

පියුමි හංසමාලි, චන්දිමාල් ජයසිංහ යන අය මෙන්ම ඔවුන්ගේ නීතිඥයෙකු අමාත්‍යවරයා වෙත කථාකරමින් තමන්ට අවශ්‍ය ඇඳුම් ඇතුළු සුභසාධක ද්‍රව්‍ය රැගෙන ඒමට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත් ඒ අනුව ඔවුන් රැගෙන ගිය බස්රථය තලංගම පොලීසියට යොමුකර ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ගෙනෙන තෙක් බස් රථයේම රඳවාගෙන සිටි බවත් එම නිවේදනයේ දැක්වෙයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,735 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

දැවැන්ත බෝයාවක් මුන්දලම පෙරියපාඩු වෙරළ තිරයට ගොඩ ගසා තිබියදි ට්‍රැක්ටර් යොදා ගනිමින් වෙරළින් ගොඩට ඇද දැමිමට නාවික හමුදාව අද (4දා) දින දහවල් කටයුතු කෙරුණි .

Read More

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.