saravita-anim2

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6836 hours ago

LATEST

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ඇනහිටි

calendar_today 2021 ජුනි 04 - 12:44 remove_red_eye - 206  

කොළොන්නාව නගර සභා සීමාව, මොරගස්මුල්ල, රාජගිරිය, රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රධාන මාර්ගය හා අතුරු මාර්ගවල ජල සැපයුමට ඇණහිට තිබේ.

පවතින අධික වර්ෂාවත් සමග ජලාශ කිහිපයක වාන්දොර විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

Read More

රත්නපුර, අයගම ප්‍රදේශයේ නාය යාමෙන් අතුරුදන්වූ පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙකු සොයා ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගී වූ තවත් 6 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ධාරාණිපාත වර්ෂාවත් සමග දිවයින පුරා පහත් බිම් ජලයෙන් යටවී තිබේ.

Read More

හිටපු නායක සනත් ජයසූරිය, ඔස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජයක් වන මෙල්බර්න්හි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත. මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ නායක ලෙස මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලංකා හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරයි. එමෙන්ම ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගද මේ වනවිට එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩාකරනු ලබයි.

Read More

ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවි දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි හදුනා ගැනීමට අද (04) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවූ බව එම සංගමය පවසයි.

Read More

G7 වෙත ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් එන්නත් ප්‍රසම්පාදනය සඳහා සම්බන්ධ රජයන්, ඖෂධ සමාගම් සහ කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටියේ එන්නත් කොන්ත්‍රාත්, ගනුදෙනු හා බෙදාහැරීම් පිළිබඳ විනිවිදභාවය ඉහළ නංවන ලෙසයි.

Read More

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද දිනයෙත් විවෘතව තැබේ.

Read More

අධිවේගී මාර්ගයේ කඩවත දෙසින් පැමිණෙන සැහැල්ලු වාහනවලට කඩුවෙල හුවමාරුවෙන් පිටවිය නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී ප්‍රකට නිරූපණ ශිල්පි චන්දිමාල් ජයසිංහ, මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි ඇතුළු පිරිස පැවැත්වූ උපන්දින සාදය සම්බන්ධයෙන් වන පරීක්ෂණ තවදුරටත් කොළඹ කොටුව පොලීසිය මගින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

රත්නපුර, ඇල්ල දේවාලය අසලදී පස් කන්දක් නාය යාම හේතුවෙන් නිවසක සිටි පුද්ගලයෙකු සහ ඒ අසල මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්වී තිබෙනවා.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයෙක් වෙන ජේ.ඩී.එස්. රසික ජයකොඩි මහතා ඩිරාම් මිලියන 15ක (රුපියල් මිලියන 812ක් පමණ) ලොතරැයි ජයග්‍රහණයක් වාර්තා කර තිබේ.

Read More

කෝවිඩ් 19ආසාදිත හාලිඇල පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඊයේ (3) හදුනාගනු ලැබීමත් සමඟ මේ වනවිට හාලිඇල පොලිසියේ නිලධාරීන් 16කට කෝවිඩ් වයිරසය ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි .

Read More

අන්තර්ගතය පාලනය කිරීමේ නීතිරීතිවලින් දේශපාලඥයන් ආරක්ෂා කරන සිය ප්‍රතිපත්තිය අවසන් කිරීමට ෆේස්බුක් සැලසුම් කර ඇති බව විදෙස් වාර්තා අනාවරණය කරයි.

Read More

නිරෝධායන නීති කඩ කළ 886 දෙනෙකු ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 42ක් වාර්තා වී ඇත.

Read More

ගිංගගේ සහ නිල්වලා ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් එම ගංගා ආශ්‍රිතව සිටින ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා පවසයි.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් 642ක් අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කොළඹ ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් විද්‍යාත්මක සහ තාක්ෂණික සාක්ෂි විමර්ශණය කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

ඉන්දියාව කොවිඩ්-19 මරණ 338,000ක සීමාවට පැමිණීම තුළ නවදිල්ලියේ මහාධිකරණය පවසා තිබුණේ එන්නත්කරණය මන්දගාමී වීම සම්බන්ධයෙන් මධ්‍යම රජයේ ඇතැම් නිලධාරීන්ට මිනීමැරුම් චෝදනා එල්ල කළ යුතු බවය. ’’මේ රජය අසමත්. ඒ තුළ ජනතාවත් අවාසනාවන්ත ලෙස අසමත්.’’ කොංග්‍රසය කියා සිටියි.

Read More

එන්නත් මිලදී ගැනීමට රජයට මුදල් නොමැති බව ඇතැමුන් ප්‍රකාශ කළත් එන්නත් ප්‍රමාදයකට හේතුව වී ඇත්තේ ජාත්‍යන්තරය තුළ එන්නත් සඳහා පවතින අධික ඉල්ලුම මිස, රජ‍යේ මුදල් හිඟතාවයක් නොමැති බව ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

අද දින තවත් කෝවිඩ් ආසාදිතයින් 642 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්​ත කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3,264ක් වෙයි.

Read More

මංගල ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව 07 වැනි පිතිකරුවා ලෙසත්, එවැනි දස්කමක් දැක්වූ දෙවැනි නවසීලන්ත පිතිකරුවා ලෙසත් සුවිශේෂී කඩයිමක් පසුකිරීමට නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ අද (03දා) සමත් විය.

Read More

ගිනිගැනිමෙන් පසු මුහුදුබත් වු එම්.වි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සියලු තොරතුරු සටහන් වි ඇති දත්ත රෙකෝඩරය සොයා නාවික හමුදාවේ සහයෙන් ගලවා ගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදිමට අපේක්ෂා කරන බව වෙළෙද ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් සෙනෙවිරත්න සඳහන් කළේය.

Read More

පවතින තත්ත්වය හමුවේ රුධිරය ඉතා අත්‍යාවශ්‍ය බැවින් තම රුධිරය පරිත්‍යාග කිරිමට ඉදිරිපත් වන ලෙසජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා රුධිර පරිත්‍යාග කරන්නන්ගෙන් ඉල්ලිමක් කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තරගාවලි අතරතුරදී විවිධ වූ අබාධයන්ට ලක්වීම පසුගිය කාලයේ විශේෂයෙන් කථාබහට ලක් වූ කරුණකි. ඒ හේතුවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ මට්ටමක තබා ගැනීමේ අරමුණින්, යෝග්‍යතා පරීක්‍ෂණයක් පවත්වා ඉන් සමත්වන ක්‍රීඩකයන් පමණක් සංචිත ගතකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් මේ වනවිට තීරණය කර ඇත.

Read More

රට තුළ ලුණු අතිරික්තයක් පවතින බව වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,683 දෙනෙකු අද (03) දිනයේ රෝහල්වලින් පිටවගොස් ඇත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,622ක් අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.