saravita-anim2

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6814 hours ago

LATEST

සංචරණ සිමා මැද පැවැත්වු උපන්දින සාදය

calendar_today 2021 ජුනි 09 - 20:06 remove_red_eye - 538  

පවතින සංචරණ සීමා උල්ලංඝනය කරමින් කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක පැවැත්වු උපන්දින සාදයක් පොලීසිය විසින් වටලා තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම, ලේක් හවුස් ආයතනයේ හිටපු මාධ්‍යවේදියෙකු වන බුද්ධික කුරුකුලරත්න මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට එතුමා 77 වැනි වියේ පසු විය.

Read More

“පසුගිය සතියට සාපෙක්ෂව රෝගීන්ගේ සුළු වර්ධනයක් හා මරණ 28ක වැඩිවීමක් පෙන්නුම්කරනවා. තාම අඩුවෙන පැත්තට නෑ.

Read More

2020 – 2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනිමට අදාළ අයදුම්පත් භාරගැනිමේ කාලසීමාව දීර්ඝ කර තිබේ.

Read More

අද දින මේ දක්වා තවත් කෝවිඩ් ආසාදිතයින් 2,173 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

මේ පිළිබඳ ‍රෝහල් පොලිසියට හා අධිකරණ වෛද්‍ය අංශයට දැනුම් දීමෙන් පසු අද(09) උදෑසන මළ සිරුර අධිකරණ වෛද්‍ය අංශයේ මෘත ශරීරාගාරයට යවා මුද්‍රා තබා ඇති අතර පොලිසිය විසින් මියගිය පුද්ගලයාගේ ඥාතීන් සියලු දෙනා ම නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කර තිබේ.

Read More

කොවිඩ් මර්දන වැඩපිළිවෙල සඳහා නිරතුරුව සහය ලබා දෙන ඔස්ට්‍රේලියානු රජය විසින් සෞඛ්‍ය කාර්යමණ්ඩල වලට අත්‍යාවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක් ප්‍රදානයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදී ඇත.

Read More

ලොව වේගවත්ම එන්නත්කරණයක් ළඟා කරගෙන ඇති රට බවට චීනය පත් වනවිට, චීනයට පසුව වැඩිම එන්නත්කරණයක් සිදුකර ඇති ඇමෙරිකාවේ මේ වනවිට ලබාදී ඇති සමස්ත මාත්‍රාවන් සංඛ්‍යාව මිලියන 300ක් පමණි.

Read More

වොෂින්ටන් ප්‍රාන්තයේ මධ්‍යසාර හා කංසා මණ්ඩලය ජුලි 12 දා තෙක් කොවිඩ් 19 මර්දන එන්නතේ පළමු හෝ දෙවැනි මාත්‍රාව ලබාගන්නා අය වෙනුවෙන් මෙසේ නොමිලයේ කංසා සුරුට්ටුවක් ලබාදීමට අවසර දී තිබේ. ‘එන්නතකට ජොයින්ට් එකක්’ යනුවෙන් ඔවුන් මෙය හඳුන්වා දුන් අතර‍ එය එන්නත ලබාගන්නා අවුරුදු 21 හෝ ඊට වැඩි අය වෙනුවෙන් ලබාගැනීමට අවස්ථාව තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 2,168 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ අද (09) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 136ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 11,400 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින අරලියගහ මන්දිරයේ දී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දුන්නේය.

Read More

අධිකරණ කේෂ්ත්‍රයේ පත් කිරීම කිහිපයක් සඳහා පාර්ලිමේන්තු සභාව විසින් සිය අනුමැතිය ලබාදී තිබෙනවා.

Read More

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන ලබන 12 සහ 13 දිනවල තොග වෙළඳාම සඳහා විවෘත කෙරෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතනවල වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක්’’ යනුවෙන් අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී යසිරු කුරුවිටගේ නැමැත්තා රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදාහැර තිබේ.

Read More

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් (Yoshihide Suga) කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර හිමි වේ.

Read More

අයහපත් කාලගුණය නිසා පාසල් පෙළ පොත් විනාශ වූ දරුවන්ට අලුතින් පෙළ පොත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

අනිවාර්යෙන්ම අපේ මූලික අධ්‍යාපනය සිංහල මාධ්‍යයෙන් විය යුතු අතර, දෙවන බසක් ලෙස ඉංග්‍රීසි සාර්ථකව ඉගැන්විය යුතුය. ඒ වෙනුවෙන් මෙරට ඉංග්‍රීසි අධ්‍යාපනයේ ඇති දුර්වලතා නිවැරදි කළ යුතුය. සැබෑ ලෙසම ලෝකය ජයගැනීමේ ප‍්‍රවේශය එවැන්නක් මිස ඉංග්‍රීසි බැරිකමේ රෝගයට පිළියම ලෙස ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම වැනි විකාර සහගත යෝජනා ඉදිරිපත් කිරීම නොවේ.

Read More

(LONG READS) රසායනික පොහොර සහ කාබනික පොහොර ගැන වැරදි මත 5 ක් ගැන විග්‍රහයක්

Read More

ලබන අගෝස්තු මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවිමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ති​බේ.

Read More

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව යළි අගෝස්තු මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

Read More

නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන එන්නත ලබාදිම නිල වශයෙන් (09) දින ආරම්භ කෙරිණ.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශලට (08) දින සිට යලිත් අධික වර්ෂාව ලැබිම හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇති බවත්,ජලාශ කිහිපයක වාන් දොරටු (08) දින පස්වරුවේ සිට විවෘත කර ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

මෙම ලැයිස්තුවට අයත් භාණ්ඩ බහුතරයක් පරිසර හිතකාමී, එමෙන්ම ඉක්මනින්ම දිරාපත්වන විකල්ප යොදා ගත හැකිව තිබියදී නිපදවන භාණ්ඩ වේ. එම භාණ්ඩ පොලිතීන් හා ප්ලාස්ටික් යොදාගෙන නිපදවීම නිසා දැවැන්ත පාරිසරික හානියකට අපේ රටට මුහුණ දීමට සිදුව ඇතැයි ද අමාත්‍යවරයා එම සාකච්ඡාවේ දී සඳහන් කළේය.

Read More

එංගලන්තය අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්හි ඉහළින් සිටින නිසා අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමක් වුවත්, ඔවුන්ට අභියෝගයක් වී තරගාවලිය ජයගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්න බව ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා පැවසීය.

Read More

ගාල්ලේදී ඇස්ට්‍රා සෙනිකා කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව බස්නාහිර පළාත ඇතුළුව පිට පළාත්වලින් පැමිණි අය වෙත ලබාදීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Read More

ආරක්ෂිත ජංගම දුරකථන යෙදුමක් (Mobile App )භාවිත කරමින් ජාත්‍යන්තර බුද්ධි අංශ විසින් සිදුකළ බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා විවිධ ගණයේ අපරාධකරුවන් 800කට වැඩි පිරිසක්, මත්ද්‍රව්‍ය තොග, ඩොලර් මිලියන ගණනින් මුදල් සහ අවිආයුධ රැසක් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. තාක්ෂණය උපරිමයෙන් යොදාගත් මෙම දැවැන්ත මෙහෙයුම ගැන ඊයේ (08දා) පළමුවරට මාධ්‍ය වෙත හෙළි කෙරුණි.

Read More

ඊයේ දිනයේ දී මෙරටින් ආසාදිතයින් 2,682ක් වාර්තා වු අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

Read More

ඇමසොන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් සහ ටෙස්ලා නිර්මාතෘ එලොන් මස්ක් ඇතුළු ප්‍රකෝටිපතියන් වසර ගණනාවක් ෆෙඩරල් ආදායම් බදු නොගෙවූ බව මාධ්‍ය ආයතනයක් නවතම හෙළිදරව්වක් කළ විට, ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි පැවසුවේ අතිශය රහස්‍ය රජයේ තොරතුරු අනවසරයෙන් හෙළිදරව් කිරීමද නීති විරෝධී ක්‍රියාවක් බවයි.

Read More

ගර්භනී මව්වරුන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද (09) ආරම්භ වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.