කොවිඩ් කමිටුවත් ආණ්ඩුවත් බාර් අරින්න තීරණය කළේ නෑ
“රට විවර වෙන්න විනාඩියක් තිබෙද්දි පිරෙන්නේ බාර් එක නම් එතැනින් එහාට අපි යන්නේ කොතනටද කියන එක ගැන දෙපාරක් කල්පනා කරන්න ඕනෑ” යැයි ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ අද (19) තංගල්ලේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
“සුරාසැල් විවෘත කිරීම පිළිබඳව වැරැදි පණිවුඩයක් ගිහින් තිබෙන බවයි මගේ මතය. කොවිඩ් කමිටුවවත් ආණ්ඩුවෙන්වත් එවැනි තීන්දුවක් ගත්තෙ නැහැ. කොවිඩ් කමිටුවේ තීන්දුවක් ගන්නවා නම් එය ගන්නේ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත රටේ පවතින තත්ත්වයට අනුකූලව ව්‍යාප්තිය අවම කරගැනීමටයි. බාර් ඇරපු එක ගැන කොවිඩ් කමිටුවේ කිසිම තීන්දුවක් ගත්තේ නැහැ. හැබැයි බාර් ඇරපු එකෙන් දැකපු දර්ශනය අනුව හිතන්න දෙයක් තිබෙනවා.
කොච්චර ආර්ථික අපහසුතා තියෙනවා කිව්වත් කුලී වැඩ නෑ කිව්වත් සංචරණ සීමා දාල තිබුණත් බාර් ඇරියාම පෝලිම නම් තියෙනවා. බාර් ඇරපු එක කෙසේ වෙතත් එයින් ලැබුණ පණිවුඩය නම් මේ රටේ ජනතාව සහ ආණ්ඩුව මීට වඩා අනාගතවාදීව වැඩපිළිවෙලක් එක්ක බැලිය යුතුයි. මොකද රට විවර වෙන්න විනාඩියක් තිබෙද්දි පිරෙන්නේ බාර් එක නම් එතැනින් එහාට අපි යන්නේ කොතනටද කියන එක ගැන දෙපාරක් කල්පනා කරන්න ඕනෑ” යැයිද කීවේය.
popular news
-
rocky Sunday, 19 September 2021 01:21 PM
Ehenam moko Raththaran unnahe kiyanne, eka aanduwen gaththa theeranayak kiyala? Oba dan inne wenath aanduwakada?
Reply : 0 0
Demuni Uduwara Sunday, 19 September 2021 07:49 PM
Namal Rajapaksa , this inspires no govt exists at present!
Reply : 0 0
Demuni Uduwara Sunday, 19 September 2021 08:01 PM
A govt within the govt exists?
Reply : 0 0
Demuni Uduwara Sunday, 19 September 2021 09:30 PM
Ask podi bappa who directed to open vine stores!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

