ෆයිසර් හා මොඩොර්නා පමණක් එන්නත් කළ සිංගප්පූරුවේ දෛනික ආසාදිතයන් 1000 පනී
සිංගප්පූරුවේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා වාර්තා වී තිබේ. ඒ සෙනසුරාදා දිනයේදී එරටින් ආසාදිතයන් 1004ක් වාර්තා වීමත් සමගිනි.
සිංගප්පූරුව මේ දක්වා එරට වැසියන්ට ලබාදී ඇත්තේ ෆයිසර් හා මොඩර්නා එන්නත් පමණි.
ආසියාවේ පළමුවෙන්ම එන්නත්කරණය අරම්භ කළ රට බවට පත්වෙමින් සිංගප්පූරුව සිය වැසියන් සඳහා ෆයිසර් එන්නත් භාවිත කරමින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඔවුන් එන්නත්කරණය ආරම්භ කළේය.
සිංගප්පූරුව පසුගිය දෙසැම්බර් මාසයේදී චීනයේ නිෂ්පාදිත සිනෝවැක් එන්නත අණවුම් කළ ලබාගත්තත් එය රට තුළ පරිපාලනය නොකළේය.
සිංගපූරුවේ ජනතාවගෙන් සියයට 82ක් පූර්ණ වශයෙන් එන්නත්කරණය ලක්කර ඇති අතර අවම වශයෙන් එක් එන්නතක් හෝ ලබාගත් සංඛ්‍යාව සියයට 84කි.
මෙවැනි තත්ත්වයකදී සිංගප්පූරුවේ කොවිඩ් ආසාදිතයන් 1000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
එසේම රට තුළ නැවතත් කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම වැඩිවීම හේතුවෙන් ප්‍රාථමික අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමයට සිදුකිරීමටද සිංගප්පූරුව කටයුතු කර තිබේ.
පසුගිය අප්‍රේල් මාසයෙන් පසුව සිංග්පූරුවේ වාර්තාවන වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සෙනසුරාදා තහවුරු කළ 1004 වෙයි.
popular news
-
Kumar Sunday, 19 September 2021 03:10 PM
Api inna Californiaweth pasugiya wasara awasanaye sita wadiyenma methek dunne pfizer saha moderna ennathayi. Lankawa wage degunayaka janagahanayak inna may pranthaye ennathen pasu asaditha uvna aya inne dasadenek pamanayi. amerikawe aduma asadithyo inne Californiaweyi. Singapurwe inne los angelis nuwara pamana janagahanayak e nuwarenwath ewani thorathurak labi natha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

