ඇතැම් වෙබ් අඩවි සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාවේ පෙට්‍රල් හිඟයක් ඇතිවිමේ අවදානමක් නැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය කොරෝනා වෛරස ප්‍රභේද ලැයිස්තුවට එකතු කර ඇති නවතම ප්‍රභේදය වන ලැම්බ්ඩා, දැනට අධික සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා දරුණු ප්‍රභේදයක් විය හැකි බවට අවධානය යොමුකර තිබේ.
Read Moreදේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා අද (6) අභාවප්‍රාප්ත විය.
Read Moreශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය පසුගිය වසර 6ක ප්‍රගතිය අළලා සකස් කළ “THE PEARL OF THE SILK ROUTE” ග්‍රන්ථය අගමැති මහින්ද රාජපක්ෂට පිළිගැන්වීම අද (06) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිය.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 269 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 919 ක් වෙයි.
Read Moreශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් දහසේ සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබීය.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවු සහරාන් හසීම් සමඟ සබදතා පැවැත්වු බවට සැකකෙරෙන පුද්ගලයෙකු මාවනැල්ල ප්‍රදේශයේදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එළැඹෙන බ්‍රහස්පතින්දා (08දා) දිවුරුම්දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.
Read Moreතවත් කොවිඩ් මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. ඊයේ (05) දින තහවුරු කර ඇති එම මරණ 45ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,313ක් දක්වා ඉහළගොස් තිබේ.
Read Moreඅද දැනට කෝවිඩ් ආසාදිතයන් 650 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreමහජනතාව වැඩියෙන් ඒකරාශී වන පොදු රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු සිදු නොකළ යුතු බව දන්වා සිටිමින් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreදිවයිනපුරා පවතින සංචාරක පොලිසී නවීකරණයට පියවර ගන්නා බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read More2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඒවාට ගත යුතු පියවර කවරේද යන්න නිර්දේශ කිරීම පත්කළ කමිටුවේ වාර්තාව අද (06) පෙරවරුවේ එම කමිටු සභාපති නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාර දීම සිදුවිය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා 2021 ජූලි 06 වන දින සිට බල පැවැත්වෙන පරිදි තම පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වූ බව තම අත්සන යටතේ ලිපියකින් දන්වා ඇතැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා යවා තිබේ.
Read Moreයුද හමුදාවේ පර්යේෂණ, විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය නිෂ්පාදනය කළ දෑත් විෂබීජ හරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් අද (06දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දෙනු ලැබිණ.
Read Moreපාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා වෙනුවට බැසිල් රාජපක්ෂ මහතාගේ නම එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.
Read Moreසෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව වර්ජනයේ නිරතව සිටි වෘත්තීය සමිති පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,717 දෙනෙකු අද (06) දිනයේ පිටවගොස් තිබේ.
Read More15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
Read Moreඅඛණ්ඩ පානීය ජල සැපයුමක් නොලැබීම සහ පානීය ජල සැපයුම සම්බන්ධ දුෂ්කරතා සහ ගැටළු මතුවී තිබු දිවයිනේ ප්‍රමුඛතම පූජා නගර ආශ්‍රිතව අඛණ්ඩව පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙලක් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ආරම්භ කර ඇත.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,525 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreමෙරට තවත් පුද්ගලයින් එක් ලක්ෂ 33,215 දෙනෙකුට ඊයේ දිනයේදී සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා.
Read Moreශ්‍රී ලංකාව හා පැවැති එක්දින තරගාවලියට එක්ව සිටි එංලන්ත කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු හා එහි සහායක කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreමහනුවර ජාතික රෝහලේ සුළු සේවකයන් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (06දා) දින වැඩවර්ජනයක යෙදුන අතර ඔවුන්ගේ රාජකාරි ආවරණය කිරීම සඳහා යුද හමුදාව යොදවා තිබෙන අයුරු දක්නට ලැබුණි .
Read Moreරතු පරිප්පු සහ සුදු සීනි සෘජුවම සමූපකාර ව්‍යාපාරය මැදිහත් වී ආනයනය කර ලංකා සතොස සහ සමූපාකාරය හරහා අලෙවි කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
Read Moreදිනකදී වාර්තා වූ අඩුම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 816 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණි.
Read Moreකොළඹ කොටුව බහු මහල් රථ ගාල හා මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ දෙවැනි අදියර වන උපරි ව්‍යුහය සැලසුම් කර ඉදි කිරීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුව තුඩාවේ බ්‍රදර්ස් වෙත හිමිව තිබේ.
Read Moreහිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවක් යළි විභාගය සඳහා මේ මස 20 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දින නියමකර තිබේ.
Read Moreහෙළිදරව් නොකරන ලද ආදායම් හා වත්කම් හෙලිදරුව් කිරීමට හා ආයෝජනය කිරීමට ව්‍යවසායන් දිරි ගැන්වීම සඳහා එවැනි ආයෝජකයින් බද්ද්, දඩ මුදලක් හෝ පොලියක් ගෙවීමේ වගකීමෙන් හා විමර්ශනයකට හෝ නඩු පැවැරීමට යටත් වීමෙන් නිදහස් කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් කාබනික පොහොර ටොන් 3600 ක් ලබා දීමේ ව්‍යාපෘතියක් යාපනය යුදහමුදා ආරක්ෂක සේනා මූලසථානයට අයත් ගොවිපළ මගින් ආරම්භ කොට ඇත.
Read More