saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6697 hours ago

LATEST

පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත් ලබා දිම ඇරඹේ

calendar_today 2021 ජුලි 12 - 08:22 remove_red_eye - 311  

දිවයින පුරා සියලු පාසල්වල ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙත කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ අද (12) ආරම්භ වේ.

ඉන්දියාවෙන් ගෙනා එන්නතක ඒඩ්ස් සංඝටක ඇත බවට ඇතැම් මාධ්‍ය පළකළ වාර්තා සත්‍යයෙන් තොර බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

Read More

දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් අද සිට හුදෙකලා කරිමිට පියව ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා තවත් 26,000 ක තොගයක් අද දින අලුයම කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

’’මම වරක් තරු දෙස බලා සිහින දැක්ක දරුවෙක්. දැන් මම අපේ සුන්දර පෘථිවිය දෙස අභ්‍යවකාශයේ සිට බැලූ වැඩිහිටියෙක්’’ යැයි ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් අභ්‍යවකාශයේදී වීඩියෝවකින් පැවසීය.

Read More

ගිනි ගැනීමට ලක්වූ නෞකාව හේතුවෙන් රැකියාව අහිමි වූ ධීවරයින් සඳහා වන්දි ගෙවීම හෙට (12) සිට ආරම්භ කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

තමාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කිසිඳු බියක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසා සිටියි. එලැඹෙන 19 හා 20 දෙදින තුළ මෙය විවාදයට ගැනීමට නියමිතව ති​​​බේ.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 506 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,492 ක්.

Read More

චීනයේ ෂුරොන්ග් රෝවරය අඟහරු ගවේෂණයේ යෙදෙමින් අද (11දා) රාත්‍රී 8.00 වනවිට රතු ග්‍රහලෝකයේ මීටර් 410කට වඩා වැඩි දුරක් ගමන් කළ බව චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසයි.

Read More

කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 52 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

මුතුරාජවෙල තෙත් බිමට අයත් අක්කර 100ක ඉදිකිරීමට නියමිත විදුලි බලාගාර ව්‍යාපෘතියට විරෝධය පලකරමින් කතෝලික පියතුමන්ලා ඇතුළු ප්‍රදේශවාසීන් අද විරෝධතාවක් පවත්වා ති​බේ

Read More

පාර්ලිමේන්තුවේදී මැක්‍රොන්ගේ සන්ධානයට නිතිපතා සහාය දෙන පක්ෂය වන මොඩෙම්හි නායකයා පැවසුවේ සෑම කෙනෙකුටම අනිවාර්ය එන්නත ලබාදීම හැර වෙනත් විකල්ප මාර්ගයක් නොමැති බවයි. ෆ්‍රැන්කොයිස් බයිරූ යෝජනා කළේ එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරන සෞඛ්‍ය සේවකයන් හෝ ඕනැම වෘත්තිකයෙකු සිය රාජකාරීවලින් අත්හිටවිය යුතු බවයි.

Read More

විශාල පස් කන්දක් කඩා වැටිමෙන් ඇණහිට තිබු හැටන් කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු (11) දින පස්වරු 5 සිට යලි යථා තත්ත්වයට පත් කල බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

දැඩි සුළං හේතුවෙන් තවදුරටත් 60,000 කට අධික පිරිසකට විදුලි බලය ඇණහිට ඇති බව විදුලි බල අමාත්‍යාංශය සඳහන් කර සිටියි. එම පුද්ගලයිගේ විදුලි සැපයුම යථාවත් කිරීම කඩිනමින් සිදු කෙරෙන බව මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කර සිටියේ​ය.

Read More

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 986ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

බෙල්ජියමේදී කොවිඩ්-19 මර්දන එන්නත් විදගෙන නොතිබූ, පසුගිය මාර්තු මාසයේදී වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් 90 හැවිරිදි කාන්තාවකට එකවර කොවිඩ්-19 ප්‍රභේද දෙකක්ම වැලඳී තිබූ බව අනාවරණය වෙයි.

Read More

මෙරට ජනගහනයෙන් මිලියන 13 කට අධික පිරිසකට අගෝස්තු සහ සැප්තැම්බර් මස අවසන් වන විට එන්නත්කරණය කිරීමට හැකිවනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේය.

Read More

රැඳවියන් තිදෙනෙකුගෙන් විද්‍යුත් ක්‍රමයට මුදල් ලබා ගත් බව කියන බෝගම්බර බන්ධනාගාරයේ නියාමකවරයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කළ බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.

Read More

ඊයේ (10) දින තවත් කොරෝනා මරණ 35 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 10 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 25 දෙනෙකු අයත්.ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 3,502 ක් දක්වා ඉහළ යනවා.

Read More

වසංගතයේ රැලි බොහොමයක් සඳහා සාර්ථකව කටයුතු කිරීමෙන් පසුව, වියට්නාමය අපේ‍්‍රල් අග සිට වඩාත් මුරණ්ඩු ආසාදන රැල්ලකට මුහුණ දී ඇති අතර, දිනපතා ආසාදන වාර්තාගත මට්ටම් කරා ඉහළ යමින් පවතී.

Read More

15 හැවිරිදි බාල වයස්කාර දැරිය අපයෝජනයට ලක් කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු බැංකු කළමනාකාරු සහ උප පොලිස් පරික්ෂකවරයා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

සයිනොෆාම් එන්නත මගින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට ඉතා සුවිශේෂී රැකවරණයක් ලැබෙන බව දේශීය ව සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී ඇ​ති බවට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියි. මේ සතියේ බදාදා හෝ බ්‍රහස්පතින්දා වන විට පරීක්ෂණයට අදාළ වාර්තා එළිදැක්විය හැකි බවට ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.

Read More

අද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,598 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොවිඞ් පැතිර යෑමේ අවදානම හඳුනාගෙන ඇති දිස්ත‍්‍රික්කයන්ට ප‍්‍රමුඛතාව දෙමින් මෙම මාසය ඇතුළත ලැබෙන එන්නත් මාත‍්‍රා සංඛ්‍යාව ජනතාවට ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඞ් මර්දන විශේෂ කමිටුවට උපදෙස් දී ඇත.

Read More

හෙට සිට මාර්ගගත ක්‍රමයට ඉගැන්විම් කටයුතු වලින් ගුරුවරුන් ඉවත් විමට ගත් තින්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ගුරු වෘත්තීය සමිති පවසයි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) පස්වරුවේ පැවැත්වෙයි.

Read More

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 1,548 කි.

Read More

කොරෝනා ආසාදිත රෝගීන් 71කු එකවර අද අද දින වාර්තා වීමේ හේතුවෙන් පිළියන්දල තුම්බෝවිල උතුර ග්‍රාම සේවා වසමේ කරදියාන වත්ත ග්‍රාමය හුදෙකලා කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය

Read More

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 තොගයෙන් ලක්ෂ 05ක් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ලබාදීමට නියමිත අතර කළුතර දිස්ත්‍රික්කය සඳහා ලක්ෂ 03ක්, කොළඹ හා කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා ලක්ෂ 02 බැගින් ලෙස ලබාදීමට නියමිතයි.

Read More

වීරකැටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟළුම් කම්හලක සේවකයින්ට සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීමෙන් අනතුරුව හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් සේවිකාවන් 12 දෙනකු වීරකැටිය ප්‍රාදේශීය රෝහලට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.