saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 6697 hours ago

LATEST

සංචරණ සීමා තවදුරටත් ලිහිල් කරයි

calendar_today 2021 ජුලි 16 - 11:04 remove_red_eye - 891  

ශාලාවේ ධාරිතාවෙන් 50% ක අසුන් සඳහා සීමාවන්ට යටත්ව අද දිනයේ ක්‍රියාත්මක වන පරිදි ශාලාවන් තුළ සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබාදී තිබේ.

මන්නාරම් ප්‍රදේශයේ ආගමික ස්ථාන කිහිපයකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට නියෝග ලබා දී ඇති බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 29,971 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

ඇමෙරිකාව විසින් පරිත්‍යාග කරනු ලදුව කෝවැක්ස් පහසුකම ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන මොඩෙර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් රැගත් විශේෂ ගුවන් යානය අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

මරදාන පොලිස් ස්ථානයේ අද (16) අලුයම ගින්නක් හට ගෙන තිබේ.

Read More

ඔහු ගැන කථා කරන්න ඕන නෑ. පසුගිය දිනක ලෝකයේම දන්න ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගෙනල්ලා ඔහු මතක හිටින පාඩමක් ඉගෙන ගත්තා. ඔහුගේ මෙ වෛරීය මාධ්‍ය භාවිතය මට තේරෙන්නේ නෑ. මම ඒ මාධ්‍ය ආයතනයෙන් ඉල්ලනවා මේ පුද්ගලයාව මානසික වෛද්‍යවරයෙක් ළඟට යොමු කරන්න කියලා. පුළුවන්නම් පෝය දවසට වැඩසටහනකට ඔහු දැම්මොත් බණක් භාවනාවක් ඉගෙන ගෙන ඔහුගේ හිතේ තියෙන වෛරය, මිනිස්සු එක්ක තියෙන තරහ නැතිවෙයි කියලා.

Read More

අද දිනයේ මොඩර්නා කොරෝනා මර්දන එන්නත් මාත්‍රා තොගයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

Read More

ගත වූ පැය විසිහතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 157 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

හුදකලා කර තිබු තවත් ප්‍රදේශ දෙකක් අද අලුයම සිට හුදකලා බව ඉවත් කර තිබෙනවා.

Read More

චීනයේ අඟහරු රෝවරය වන ෂුරොන්ග් එය අඟහරු මත ගොඩබෑම සිදුකළ පැරෂූටය සහ එහි ආරක්ෂිත ආවරණයේ ඡායාරූප සමග අඟහරු පෘෂ්ඨයේ සමීප රූප කිහිපයක් පෘථිවිය වෙත එවා ඇති බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසයි.

Read More

ගිනිගත්හේන රංජුරාව සදසිරිගම ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් මතුව ඇත.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 480 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,447 ක්.

Read More

වත්තල - මාබෝල නගර සභාවේ ලේකම්වරියට පහරදීමට උත්සාහ කරමින් කලහකාරී ලෙස හැසුරුණු නගර සභා මන්ත්‍රී ලෙනාර්ඩ් රෝහණ මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මේ දක්වා කොවිඩ්-19 එන්නත්වල තුන්වැනි මාත්‍රාවක් අවශ්‍ය බව පෙන්වීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ඊයේ (14) දින කොරෝනා මරණ 50 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මිය ගිය අය අතරට අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 12 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 38 දෙනෙකු අයත්.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 967 දෙනෙකු අද (15) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ධම්මික ප්‍රසාද්ගෙන් මුරලිට විවෘත ලිපියක්..

Read More

දිගින් දිගටම ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් බටහිර ජර්මානු ප්‍රාන්ත වන රයින්ලන්ඩ්-පලටිනේට් සහ උතුරු රයින්-වෙස්ට්ෆේලියා හි ඇති වූ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 58දෙනෙකු මියගොස්, තවත් සැලකිය යුතු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ එන්නතකරණ වැඩසටහන් වඩාත් කාර්යක්‍ෂමව සිදුකිරීම සදහා බස්නාහිර පලාත සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෝහල් වෙතින් අද (ජූලි 15) දින එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී .

Read More

දැනට සිර දඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස්වී පැමිණෙන විට තමන්ට හිමි නිවෙස් තුනෙන් එක නිවසක් ඔහුට ලබාදීමට තීරණය කළ බවට ප්‍රකට රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ මහතා පැවැසීය.

Read More

එක විශයකට එක ශ්‍රේණියකට ගුරුවරයෙක් බැගින් හිටපුවාම ඒ අයට මුව රටටම උගන්වන්න පුළුවන් කියන එකයි මම කිව්වේ. ඉතින් මම ආයේ අදත් කියනවා ඒක ඇත්තනේ. අපිට රට පුරා කනෙක්ෂන් එක ගොඩනගන්න පුළුවන් 1 සිට 12 දක්වා පංති තියෙන්නේ. විෂයන් ප්‍රමාණය අටයි හෝ දහයයි නම් ඒ සඳහා අවශ්‍ය ගුරුවරු හිටියාම උගන්වන්න පුළුවන් එතකොට වර්ජනයක් කළාට ප්‍රශ්නයක් නෑ කියලයි මම කිව්වේ.

Read More

සිල්ලර වෙළෙඳ සැල්, අත්‍යවශ්‍ය රාජකාරි, ව්‍යායාම, සෞඛ්‍ය සේවා සහ එන්නත් ලබාගැනීම හැර අද (15දා) මධ්‍යම රාත්‍රියේ සිට මිලියන 6.6ක ජනතාවකට නිවසේ රැඳී සිටින ලෙස දැනුම් දී තිබේ.

Read More

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 43,000 කට මේ වනවිට නඩු පවරා ඇති බව පොලිසිය සදහන් කරනවා.

Read More

කොවිඩ් ආසාදනය වි නොමැති බව තහවුරු වි ඇති වෘත්තිය සමිති නියෝජිතයින් නිරෝධායනයෙන් නිදහස් කරන්නේ නම් පමණක් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ජාවකට සුදානම් බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කළේය.

Read More

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් පොරොන්දුවක් ඉටුකරමින් පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ. එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිරි සති කිහිපය තුළදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Read More

කොවිඩ් ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 939 දෙනෙකු අද දිනයේ සුවය ලබා පිටවගොස් තිබේ.

Read More

එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළ නඩුව අද (15) කොළඹ මහාධිකරණයේදී කැඳවා තිබිණි.

Read More

පාසල් අනධ්‍යයන සේවකයින්ට මෙම මස 19 වැනිදා වන විට කොවිඩ් පාලන එන්නත් ලබානොදුනහොත් විරෝධතා ව්‍යාපාරයක නිරතවන බව පාසල් අනධ්‍යයන සේවක සංගමය සඳහන් කරයි.

Read More

ගතවූ පැය 24 තුළ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන තිබේ.

Read More

නව ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ තවත් 19ක් හඳුනාගෙන ඇත. කොළඹ,පිළියන්දල, කිලිනොච්චිය හා යාපනය ය​න ප්‍රදේශයෙන්ගෙන් මෙම ආසාදිතයින් හමුවී ඇති බවට වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.