මුලින්ම උපෙළ සිසුන්ට ෆයිසර් එන්නත්
පාසල් සිසුන් සඳහා කෝවිඩ් එන්නත ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝගයක් ලබා දී තිබෙන බවත් ඒ අනුව පළමුවෙන් උසස් පෙළ විභාගයට මුහුණ දීමට අපේක්ෂාවෙන් සිසුන්ට ෆයිසර් එන්නත ලබා දීමට සැලසුම් කර තිබෙන බවත් සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ෆයිසර් එන්නත ලබා දී උසස් පෙළ සිසුන්ට පන්ති ආරම්භ කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (21දා) පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර උසස් පෙළ සිසුන්ට නියමිත විෂය නිර්දේශ අවසන් කර නොමැති බවට ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහන් කරන බවත් ඒ පිළිබද අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සොයා බලා පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කරන බව එහිදී ප්‍රශ්නයක් යොමු කරමින් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අදාළ ප්රශ්නය සම්බන්ධයෙන් මේ වන විට අවදානය යොමු තිබෙන අතර ඒ පිළිබද දීර්ඝ පිළිතුරක් ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බව ඊට පිළිතුරු ලබා දෙමින් සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
popular news
-
B.M Sahan Bandranayaka Tuesday, 21 September 2021 01:46 PM
Mata kiyanna one wune , A/L exam postponed kranna, mokada apita thawa syllabus cover kranna thiyenawa, Anika ape manasika mattama gana Sitha blanna , apita thawa time one exam ekata prepare wenna..please
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

