saravita-anim2

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා

Latest News - timelapse 6800 hours ago

LATEST

දරුවන් 45000කට කොවිඩ්

calendar_today 2021 අගෝ 05 - 17:20 remove_red_eye - 341  

කොවිඩ් ආසාදනය වු දරුවන් 45,831ක් මේ දක්වා වාර්තා වි ඇතැයි සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදි පැවසීය.

විද්‍යාත්මක කරුණු මත පදනම්ව යම් යම් තීන්දු තීරණවලට එළැඹිය ද කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පෙන්වා දෙයි.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඊයේ (04) සිදුකළ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුලු 44 දෙනා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

Read More

ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික මංගල්‍යය දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් මෙවරද පැවත්වීමට පියවර ගෙන ඇතැයි කෝවිලේ භාරකාර මණ්ඩලය පවසයි.

Read More

ගර්භණී මවුවරුන් සේවයට කැඳවීම පිණිස අවශ්‍ය කරන නව මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

මධ්‍යම චීනයේ වුහාන් නුවර යළිත් කොවිඩ් ආසාදන කිහිපයක් වාර්තා වී තිබේ. මේ අනුව වෛරසය පැතිරිම වැළැක්වීම සඳහා නගරයේ සියලුම ජනතාව සිකුරාදාට පෙර කොවිඩ් පරීක්ෂණ සඳහා භාජනය කර අවසන් කිරීමට සැලසුම් කර ඇති බව පළාත් බලධාරීන් ප්‍රකාශ කරයි.

Read More

දින දෙකකට වඩා උණ පවතිනවා නම් ඉක්මණින්ම වෛද්‍ය උපදෙස් ලබාගෙන ප්‍රතිකාර සදහා යොමුවිය යුතු බව සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කෝට්ටේ නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල්ට පිටකෝට්ටේ ප්‍රදේශයේ දී පහරදීමක් සිදුව තිබෙනවා.

Read More

වී අලෙවි මණ්ඩලය හෝ මෝල් හිමියන් හැර වෙනත් ජාවාරම්කරුවන් ගොවීන්ගෙන් වී මිලදී ගෙන සහල් මිල ඉහළ නැංවීමේ අරමුණින් වී ගබඩා කර තබා ගතහොත් එවැනි වී තොග රාජ සන්තක කිරීමට අවශ්‍ය නීතිය සම්මත කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

අපි විශ්වාස කරනවා වර්තමානයේ කරන මේ එන්නත්කරණය අපට සැප්තැම්බර්, ඔක්තොම්බර් විතර අවසන් කර ගන්න. ලංකාවේ වැඩිහිටි ජනගහණය 100% ක් එන්නත්කරණය සිදුකර, එසේ කළ පළවෙනි රට බවට පත්වෙනවා. අපට ලෝකයට හඬගා කියන්න පුළුවන් දැන් ලංකාව සුරක්ෂිතයි ඒ නිසා බය නැතිව එන්න කියලා. අපි විශ්වාස කරනවා 2022-23 වන විට සංචාරක ක්‍ෂෙත‍්‍රයේ විශාල පුනරුදයක් ඇතිවේවි කියලා.

Read More

රත්නපුර නව නගරයේ පිහිටි ආයුර්වේද රෝහල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කල බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (05) සඳහන් කළේය.

Read More

මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම සලකාබැලීමේ දී මහනුවර සහ මාතර යන දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයින්ගේ සුළු වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

බන්ධනාගාර රැදවියන් සඳහා සයිනොෆාම් එන්නත ලබා දිම අද සිට කොළඹ බන්ධනාගාරවලින් ආරම්භ කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක ප්‍රකාශ කළේය.

Read More

කොළඹදී ඊයේ පැවැත්වූ උද්ඝෝෂණයේදී අත්අඩංගුවට පත් ගුරුවරුන්ට ඇඳුම් ලබාදීම සඳහා වරාය පොලීසියට ගිය අවස්ථාවේදි ඒ සඳහා අවසර නොලැබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

Read More

ජනාධිපති ලේකම්කාර්යාලය අසළ පැවැත්වූ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44 දෙනාගේ සුවදුක් විමසීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ වරාය පොලිසිය තුළට යෑමට උත්සාහ කළ අවස්ථාවේදී ඒ සඳහා අවසර නොලැබුණි.

Read More

පොලිස් විශේෂ කාර්ය බලකාය වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයට ඇතුළු වන ස්ථානයේ දී සිදුකළ සෝදිසි මෙහෙයුමේදී පැළඳ සිටි මේස් එක තුළ සඟවාගෙන ජංගම දුරකථන බැටරි සහ දුම්කොළ රැගෙන යාමට උත්සාහ දැරූ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති අද (05) උදෑසන සිට ආරම්භ කර තිබූ වර්ජනය අත්හැර දැමීමට තීරණය කර ඇ​ත.

Read More

රුපියල් පන්සියයේ ව්‍යාජ මුදල් නෝට්ටු 17 ක් සමග සැකකාරියක පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාසයෙන් ඊයේ (04) කොවිඩ් රෝගීන් අනූදෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව සිරස ආයතනයේ මාධ්‍ය වේදිනියක් වන තිලක්ෂණී මධුවන්තිගේ සජීවී අත්දැකීමක්.

Read More

කෝවිඩ්-19 ව්‍යසනයේ අර්බුධය මධ්‍යයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට තවත් ආපදා අවධානමක ඉඟියක් පළකරමින් ජපාන වේලාවෙන් ඊයේ (04දා) පෙ.ව. 5.30ට පමණ රික්ටර් මාපකයේ 6.0ක භූම්පනයක් වාර්තා විය. මෙය ඉරබාකි ප්‍රාන්ත වෙරළේ සිට කි.මී. 40කට එහෙයින් වූ ගැඹුරු මුහුදේ සිදුව ඇත. ජපාන මාධ්‍ය වාර්තාකර සිටියේ මෙය තත්. 20 -විනාඩි 03ක් අතර කාලයක් පැවැති බවයි.

Read More

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවසන් තරගකරුවා ලෙස අශ්වාරෝහක තරග ඉසව්වේ අසුපැන්නීමේ ඉසව්වට සහභාගි වූ මැතිල්ඩාට, ඇගේ චොපින් අශ්වයා බාධක තරණ අවස්ථා දෙකක් ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් තරගයෙන් ඉවත්වීමට (03දා) සිදු වූවාය.

Read More

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පවත්වාගෙන යන යුද හමුදා එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් අද දිනය තුළදී අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව හා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයට එහි දෙවැනි මාත්‍රාව ලබාගැනීමට අවස්ථාව පවතින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවැසීය.

Read More

සෞඛ්‍ය කාර්ය මණ්ඩල 44 ක වෘත්තිය සමිති සියලු රොහල්වල අද පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා ​සේවයෙන් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

Read More

ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 9 ක් හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍යය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, ගම්පහ, කළුතර , කුරුණෑගල, මහනුවර, මාතර , රත්නපුර, කෑගල්ල, ගාල්ල යන දිස්ත්‍රික්කයි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවදානයකින් යුතුව කටයුතු කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් මහත්මිය පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකවේ කෙවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලයන් 13 262 725 කොවිඩ් එන්නත් ලබාදී තිබේ.

Read More

කොවිඩ් මාර්ගෝපදේශ අනුව ප්‍රමාණය ඉක්මවා බස් රථ තුළ මගීන් රැගෙන යා නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

Read More

ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44දෙනාගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සෘණාත්මක වී තිබේ.

Read More

නියැදි 94ක් සිදුකරන ලද මූලික වාර්තාව සෙනසුරාදා වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට කොවිඩ් රෝගීන් වැඩි පිරිසකට හේතුකාරක වී ඇත්තේ ඩෙල්ටා වෛරස ප්‍ර භේදය බවට එයින් අණාවරණය වී තිබෙනවා.

Read More

ඊයේ (03) දින තවත් කොරෝනා මරණ 82 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,727 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.