තම අත්දැකිම් පාදක කරගෙන උගත්කම් භාවිතා කරමින් විද්‍යඥයින් මහාචාර්ය ආචාර්යවරුන් රජයට දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරිමට නොහැකිනම් එය රටට ව්‍යවසනයක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ජේශ්ඨ මහාචාර්ය උපුල් බී දිසානායක මහතා පවසයි.
හිටපු උපකුලපති වරයා මේසේ පැවසුයේ රජය ගන්නා යම් යම් ක්‍රියාමාර්ග සදහා සහයොගය දිම සදහා එක්ව සිටින විද්‍යඥයින් මහාචාර්ය ආචාර්යවරුන් රජයට දෙන නිර්දේශ පිලිනොගෙන ඔවුන් විවේචනය කිරිම සමබන්ධව මධ්‍ය වෙත අදහස් දැක්විම සදහා අද (28) පේරාදෙණියේදි පැවති මාධ්‍ය හමුවකිදි අදහස් දක්වමිනි.
රටේ පරිපාලනයෙන් බුද්ධිය හැලිම තුළින් රට විශාල අගාධයකට යෑම වැළැක්වීමට නොහැකි බවත් පරිපාලනය තුළින් බුද්ධිය හැළී යෑම තුළින් නවින තාක්ෂණික ලෝකයේ දියුණුව කරා යෑම වෙනුවට රට පල්ලම් බැහිමේ තත්වයකට පත්වන බවද හිටපු උපකුලපති වරයා පැවසිය.
“රට පාලනය කරන රජයන් සමාජ ගත කළ යුත්තේ ඔවුන්ගේ හිතලුවන් නොව පර්යේෂන , අත්දැකිම් හා දැනිම අනුව නිර්දේශ දෙන විද්‍යාඥයින් ,ප්‍රාඥයන් , විශේෂඥයන් ගේ අදහස් හා නිර්දේශයි. මේ වන විට පොහොර ගැටලුවට සිදුව ඇතිතේ එම කාරණයයි.
විවිධ කේෂත්ර වල විශේෂඥයින් ඉවත් වෙමින් හා ඉවත් කරමින් යනවා. එය බුද්ධියට කරන නිගාවක්. බුද්ධියේ ප්‍රවීණයා තමාට ඇති සාධක මත හා තමන්ගේ අත්දැකිම් මතයි තිරණ නිගමන දෙන්නේ.
මධ්‍යම පාන්තික බුද්ධිමතුන් නොමැතිව රටක පාලනයක් ගෙන ගිය නොහැකි බව කාල්ස්මාක් ප්‍රකාශ කර තිබෙනවා. රටට හිතකර හා දැනීම අනුව සත්‍ය හා බුද්ධිමය අදහස් ප්‍රකාශ කරන උගතුන් පහළට දමා ඔවුන්ට නිග්‍රහ කර අපේ මතය පමණක් ප්‍රකාශ කරන බුද්ධිමතුන් ගේ අදහස් මතින් රටක් ඉදිරියට ගෙන ගිය නොහැකියි.”
