saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 6604 hours ago

LATEST

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

calendar_today 2021 අගෝ 09 - 19:05 remove_red_eye - 233  

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සේවා ලාභීන්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවා ති​බේ. හෙට (10) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු මෙම තහනම ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය නිලධාරීන් පවසා ඇත්තේ සිඩ්නි සහ මෙල්බර්න් නගරවල අගුලු දැමීම ඉවත් කිරීමට පෙර මහජනතාව අතර ගැවසෙන ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ශුන්‍යයට ආසන්න විය යුතු බවයි.

Read More

කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ප්‍රධාන තැපැල් කාර්යාල හා උපතැපැල් කාර්යාලවල සේවා දින හතරකට සීමා කර තිබේ. එම තැපැල් කාර්යාල ක්‍රියාත්මක වන්නේ සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල පමණයි.

Read More

කොරෝනා මර්දන සියලු එන්නත් එක සමාන වැදගත්කමකින් යුතු අතර සිදුකළ යුත්තේ කිසියම් හෝ එන්නතක් ලබා ගැනීම බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

Read More

ළමයින් සහ වැඩිහිටියන් හැර එන්නත් ලබාගත් පුද්ගලයන් සඳහා පමණක් 25%ක ධාරිතාවකින් වෙළඳසැල් නැවත විවෘත කරන අතර, එසේ වෙළෙඳ සැල්වලට ඇතුළු වීමේදී ඩිජිටල් යෙදුමක් භාවිතයෙන් මිනිසුන් තම එන්නත් කිරීමේ සාක්ෂි පෙන්විය යුතුය.

Read More

විසල් මාතලේ ජල ව්‍යාපෘතියේ නල මාර්ග ඉදිකිරීමේ දී සිදුවන අවහිරතා හේතුවෙන් හෙට උදෑසන අටේ සිට බදාදා පෙරවරු අට දක්වා පැය 24 කා කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනවා.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික වැඩසටහනට අනුව යමින් පුනර්ජනනීය බලශක්තිය ඉහළ නැංවීම සදහා සූර්ය පැනල සවි කිරීමේ වැඩසටහන පුළුල් කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

Read More

ඩෙල්ටා වෛරසය ප්‍රචාරය වන වේගයට වඩා සියයට 100 ක වේගයකින් සමාජය තුළ පැතිර යන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසා සිටියි.

Read More

සිය බිරිද සහ මාස හයක් වයසැති දියණිය ඝාතනය කර මල සිරුරු දෙක පුළුස්සා වසර හයක කාලයක් සැගවී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිවුදෙනෙකු ඉදිරිපත් කළ ඇප ඉල්ලුම්පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

යාපනය තීවගම් මාර්ගයේ පන්නෙයි පාලම මතදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ ගත් තරුණයෙකු ඊයේ (08) සවස එම පාලමින් වැටී මුහුදු ජලයට ගසාගෙන ගොස් දියේ ගිලීමෙන් පසු මළ සිරුර අද (09) උදෑසන සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි.

Read More

සැලසුම් කළ පරිදි එළඹෙන සැප්තැම්බර් පළමු සතියේදී පාසල් යලි ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් ප්‍රකාශ කර සිටියි.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි මාර්ගෝපදේශකයන් හා රියදුරන්ට සහන සැලසීම සඳහා මේ වන විට රුපියල් මිලියන 81.64 ක මුදලක් වැය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් හා රියදුරන් 4746ක් සඳහා රුපියල් 20,000 බැගින් හා රුපියල් 15,000 බැගින් ගෙවා ඇතැයිද ඇමතිවරයා කියයි.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය ඉෂාලිනී දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඒ මහතාගේ බිරිඳ ඇතුළු සිවු දෙනා අද යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read More

කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත්කරණය රටපුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා.

Read More

කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් සිදු කරන කාර්යභාරය සහ ත්‍රිවිධ හමුදාව මගින් සිදුකරනු ලබන එන්නත් කරන වැඩපිළිවෙළ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවේචනයට ලක් කළත් ඒ මහතා ද කෝවිඩ් එන්නත ලබා ගනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලික රෝහල වන නාරාහෙන්පිට රෝහලට පැමිණ යුධ හමුදා එන්නත් කරන මධ්‍යස්ථානයෙන් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි .

Read More

මහවැලි ගඟ ආශ්‍රිතව ඉදිකර ඇති සියලු අනවසර ඉදිකිරීම් පිළිබඳ විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.

Read More

කළුබෝවිල රෝහලේ පසුගිය දිනවල පැවති තත්ත්වය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එය තාවකාලිකව ඇති වු තදබදයක් බවය.

Read More

කොවිඩ් 19 ආසාදිතයින් 2961 දෙනෙකු ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත්තා.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව සලකා බැලීමේදී එම සංඛ්‍යාව ඉන්දියාවේ මරණ සංඛ්‍යාවට වඩා 10 ගුණයකින් වැඩි බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සුනෙත් අංගම්පොඩි මහතා පවවසයි.

Read More

අපි ඉන්දියාවේ ,ඉන්දුනීසියාවේ තිබූ තත්ත්වයට මේ වන විට ලගා වෙමින් පවතින අතර වර්තමානයේ කොරෝනා වසංගතයට ජනතාව සහ රජය සම සමව වගකිව යුතු බවත් ඉදිරියේ දී උද්ගත වී තිබෙන තත්ත්වය පාලනය කිරීම සඳහා දෙපාර්ශ්වයම වගකීමෙන් යුතුව කටයුතු නොකොළොත් ඉතිහාසයේ කිසිදු දිනයක නොවු ව්‍යසනයකින් පිඩාවට පත් විමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

Read More

එන්නත් ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනා හැකි ඉක්මණින් එන්නත්කරණයට යොමු විය යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

Read More

ත්‍රීරෝද රථ රියදුරන් විසින් රාත්‍රී කාලයේ දී මගීන් රැගෙන යෑමේ දී විමසිලිමත්ව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

වැලිසර පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුපුරන ද්‍රව්‍ය ගබඩාවකින් පුපුරන ද්‍රව්‍ය තොගයක් අතුරුදන් වීමේ සිද්ධියට අදාලව පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

දුම්රියවල මගී තදබදය අවම කිරීම සඳහා අද සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

පිඹුර රෝහලේ තාවකාලිකව ඉදිකළ කොව්ඩ් වාට්ටුව මාස තුනක් තිස්සේ භාවිතයට නොගත් නිසා තාවකාලික ඉවත් කළ බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

Read More

පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පුද්ගලයින්ගේ රාජකාරී හැදුනුම්පත් පරීක්ෂා කිරීම් අද සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

Read More

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ආරම්භ කළ එන්නත් වැඩසටහන අද දිනයේත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

Read More

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය.

Read More

ගතවූ පැය විසි හතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 130දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.