හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමට පක්ෂ, පාට නොබලා සියලූ දෙනා එකට එකතු විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
2015 දී තමන්ට හිමි බලය අත්හැරපු එකම නායකයා මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් එවැනි නායකත්වයක ආශිර්වාදය මත රට වැටී ඇති අර්බුදයෙන් ගොඩඒමට කටයුතු කළ යුතු බවත් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ සඳහා ආර්ථිකයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට හා කෘෂිකර්මයට අවශ්‍ය නිවැරදි ප්‍රතිපත්ති මාලාවක් සකසා එයට සියලූ පක්ෂ ඒකරාශි කරගත් වැඩපිළිවෙළක් සැකසිය යුතු බව ද මහලේකම්වරයා සඳහන් කළේය.