උපකාරක පන්ති යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදී මුදල් අමාත්‍යවරයා සහ උපකාරක පන්ති ගුරුවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
නොවැම්බර් මස පළමුවනදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.