හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
14 දෙනෙකුගෙන් සමන්විත එම ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතීත්වය දරන්නේ විජිත් වැලිකල විසින්.
එහි සෙසු සාමාජිකයින් ලෙස ලලිත් සෙනවිරත්න, කසුන් තාරක අමල්, මාලින්ද සෙනෙවිරත්න, රසික තුසිත කුමාර, ආචාර්ය බී.කේ.ජි.කාවන්තිස්ස, සමන්ත ප්රනාන්දු, සමුදිත කුමාරසිංහ, අජිත් රන්දුනු, එන්.එම් කලීඩ්, ශම්මි කිරින්දේ, නිර්මලා කරව්ගොඩ, චමින්ද හෙට්ටිකන්කානම්ගේ සහ නිශාන් ද සිල්වා යන අය කටයුතු කරයි.