සපුගස්කන්ද කසළ ගොඩක් ආසන්නයේ ගමන් බැගයක තිබූ කාන්තා මළ සිරුර මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා හා දරුවන් දෙදෙනා විසින් හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි.
මාලිගාවත්ත මහල් නිවාසයක සිටි මොහොමඩ් ෆාතිමා යන අයගේ සිරුර මෙසේ හමුවී තිබේ. මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය හෙට දිනයේදි රාගම රෝහලේදි සිදුකිරිමට නියමිතව තිබේ. සපුගස්කන්ද පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.