බන්ධනාගාරගත රැදවියන්ට අමුත්තන් හමුවීමේ ක්‍රියාවලිය ඩිටිජල් කිරීමට කටයුතු කර තිබේ. විශේෂයෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය ඇති වීමත් සමග රැදවියන්ගේ අමුත්තන් බැලීම අත්හිටවන ලදී. එහිදි රැඳවියන් තුළ හා ඥාතීන් අතර සම්බන්ධතා බිඳවැටීමෙන් ඇතිවු මානසික අසහනය අවම කිරීමට මෙම ක්‍රමවේදය නිර්මාණය කර තිබේ.
තවද වර්තමානයේ කොවිඩ් 19 වසංගතය වර්ධනය වීමත් සමඟ රැඳවීයන් බැලීම සීමා කිරීම තුළ ඇති වූ අපහසුතාවය මෙම මාර්ගගත ක්‍රමවේදය හදුන්වාදීම තුළින් මගහරවා ගැනීමට හැකිවීමත්, එක් වරකට බොහෝ පිරිසකට සම්බන්ධවීමට අවස්ථාව ලැබීමත්, මෙහි ලැබු විශාල ප්රතිලාභයකි.
මෙය බන්ධනාගාර දෙපාර්තමේන්තුව හඳුන්වාදුන් ඉතාමත් විධිමත්, රැඳවියන් හා ඥාතීන් සම්බන්ධවීමේ ක්‍රියාකාරකමක් ලෙස හඳුන්වා දීමට හැකිය. (E visit) සංකල්පය යනු කොටස් දෙකකින් අන්තර්ගත වූ තාක්ෂණික ක්රමවේදයකි. මෙහි පළමුවැන්න වීඩියෝ තාක්ෂණය (Video Visitation) ඔස්සේ රැඳවියාගේ ඥාතීන් සමග බන්ධනාගාරයත් නිවසත් යා කෙරෙන තාක්ෂණික ක්රමයකි. මේ සඳහා විදේශගතව සිටින රැඳවියන්ගේ ඥාතීන්ටද ඊ මේල් තාක්ෂණය ඔස්සේ ලියාපදිංචි වී, බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ වීඩියෝ මගින් රැඳවියා සමග සම්බන්ධවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉඩ සලසා ඇත.
දෙවැන්න, මාර්ගගත (Online) ක්‍රමය යටතේ ලියාපදිංචි වී අමුත්තන් බැලීමේ අවස්ථාව ලබාගැනීම (Pre Book) ක්‍රමය ලෙසද හැදින්වේ. මෙම ක්‍රමය තුළ බන්ධනාගාර නීතිරිතිවලට යටත්ව වෙන් කරන ලද කුටියක බන්ධනාගාර ගත රැඳවියන් අපහසුතාවයකින් තොරව හමුවීම සඳහා පහසුකම් ලබා දී ඇත. මෙම වරප්‍රසාදය රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන්ට සතියකට එක් වරක් ද දඩුවම් විඳින රැඳවියන්ට මසකට එක්වරක් ද හිමිවේ.
මෙම මෘදුකාංගය ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැය නොකොට බන්ධනාගාර තොරතුරු තාක්ෂණ අංශය විසින් නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන ක්‍රියාවලියකි. මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ පසුගියදා ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ද්‍රව්‍යමය ආධාර ලබාදීමට ජත්‍යන්තර රතුකුරුස සංවිධානය (ICRC) කටයුතු කිරීම කැපී පෙනෙයි.
වර්තමානයේ බන්ධනාගාර බොහොමයක (E visit) සංකල්පය ඉතා සාර්ථකව පවත්වාගෙන යනු ලබන අතර, එමගින් දිනකට 400 කට අධික පිරිසක් ප්රතිලාභ ලබයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන්නේ මෙම ක්‍රමය වැඩිදියුණු කර රැඳවියන් බැලීමේදී ඥාතීන්ට සිදුවන තදබදය, කාලය හා පුද්ගල ආරක්ෂාව (Covid) මගහරවා මෙම සේවාව සියලු බන්ධනාගාර සඳහා ව්‍යාප්ත කිරීමයි.
