ශ්රී ලංකාවේ නව ශ්රමිකයන් සඳහා ඉතාමත් ඉක්මනින්ම කොරියානු රැකියා අවස්ථා ලබාදෙන බව ශ්රී ලංකාවේ කොරියානු තානාපති පවසයි.
ඉතාමත් ඉක්මනින්ම ශ්රී ලංකාව ඇතුළු අනෙකුත් විදේශ රටවල නව ශ්රමිකයන්ට කොරියාවේ රැකියා අවස්ථා සඳහා පැමිණීමට අවස්ථාව ලබාදිමට කොරියානු රජය තීරණය කර ඇති බව තානාපති වූන්ජින් ජෙයොන්ග් මහතා පැවැසීය.
කොවිඩ් හේතුවෙන් කොරියාවට අලුත් ශ්රමිකයන් ඇතුළත් නොකළ අතර පැරණි ශ්රමිකයන්ට නැවතත් කොරියාවට පැමිණිමට පමණක් අවස්ථාව හිමිවිය.