saravita-anim2

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

Latest News - timelapse 6474 hours ago

LATEST

රිජ්වේ ළමා රෝහලේ ළමුන් 16ක් කොවිඩ් ආසාදිතව මරුට

calendar_today 2021 අගෝ 29 - 22:02 remove_red_eye - 763  

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ දක්වා කොවිඩ් වැළදුණු දරුවන් 16කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පි.විජේසුරිය මහතා පවසයි.

ඊයේ (28) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍192 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 36 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 156 දෙනෙකු අයත්.

Read More

’’පාසලේදී ළමයින්ට එන්නත් අනිවාර්ය කිරීම හොඳ අදහසක් යැයි මා විශ්වාස කරනවා. පෝලියෝ, සරම්ප, රුබෙල්ලා, හෙපටයිටිස් එන්නත් අවශ්‍ය වූවා සේම මේ එන්නතත් අවශ්‍යයි. අපි මෙය දශක ගණනාවක් තිස්සේ කර ’’තිබෙන දෙයක්.’’ එක්සත් ජනපදයේ ඉහළම බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.

Read More

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරි දින කිහිපය තුළදී වේගවත් කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට ඉහළ ජාත්‍යන්තරික පැසසුමට ලක් වෙමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වාදෙයි.

Read More

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මහ ඇමති ග්ලැඩිස් බෙරෙජික්ලියන් පොරොන්දු වූයේ වයස අවුරුදු 16 සහ ඊට වැඩි අයගෙන් 70%කට එන්නත් මාත්‍රා ලබා දුන් පසු නැවත ප්‍රාන්තය විවෘත කරන බවය. වික්ටෝරියා ප්‍රාන්ත මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පැවසුවේ බ්‍රහස්පතින්දායින් අවසන් වීමට නියමිතව තිබූ තම ප්‍රාන්තයේ අගුලු දැමීම දීර්ඝ කරන නමුත් කොපමණ කාලයකටද යන්න නොකියන බවයි.

Read More

පිහිටි ස්භාවික වනාන්තර පද්ධතියක් විනාශ කරමින් වන වගාවකට සැරසෙයි

Read More

දඹාන ආදිවාසී ගම්මානයේ ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී 115 දෙනෙකුගෙන් 44 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

Read More

මෙම තීරණයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත කලින් ඇතුළුවීම තහනම් කර තිබූ රටවලින් පැමිණෙන පුද්ගලයන්ද ආවරණය කළ බව එම පුවත් ඒජන්සිය වාර්තා කරයි.

Read More

’’එපා එපා මස් කන්නට කිරි අම්මාගේ, ලස්සනට පිපුනු වන මල්, රූ සිරිය ඈගේ’’ ඇතුළු ජනප්‍රිය ගීත රැසක්ම සුමනශාන්ත හිමියන් විසින් ලියා ඇත. සුමනශාන්ත හිමියන් ගිහි ජීවිතයේ සිටියදී මෙම ගීත ලියා ඇති අතර, ගීත රචනයට මෙන්ම කාව්‍යකරණයටද දස්කම් දක්වා ඇති උන්වහන්සේ සඟරා කීපයකම සංස්කාරකවරයා වශයෙන්ද කටයුතු කර තිබේ.

Read More

හෙට (30) සිට සියලුම රටවලින් පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති සියලු සංචාරකයන්ට වීසා අනුමත කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කර සිටියි.

Read More

මෙම පරිත්‍යාගය ජාත්‍යන්තර ප්‍රජාවට ආදර්ශයක් බවත්, කියුබාවට පමණක් නොව අවශ්‍යතා ඇති රටවලට චීනය උදව් කරන බවත් කියුබානු විදේශ වෙළඳ හා ආයෝඡන ඇමති රොඩ්රිගෝ මැල්මියර්කා පැවසුවේ, කොවිඩ්-19 අර්බුදය මැඩපැවැත්වීම සඳහා රජයන් එකට වැඩ කළ යුතු බවද අවධාරණය කරමිනි.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි නොකළ වී මෝල් සහ අනවසර වී ගබඩා වැටලීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළේය.

Read More

මේ රටේ ජනතාව සිනි වංචාවට සම්බන්ධ වු පුද්ගලයින්ට හෙණ ඉල්ලනවා යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි මහතා කියයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රෝගාතුරව ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍යවල පළවන ඡායාරූප හා විස්තර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලින් ඉකුත් පැය 48 ක කාලය තුලදි කොවිඩ් ආසාදිත මරණ 19ක් වාර්තා වි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

Read More

දිවයිනේ කොරෝනා එන්නත්කරන වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබා දුන් ජනගහනය මිලියන 7 ඉක්මවා ඇති බව සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටියි.

Read More

යුද හමුදාව ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩසටහන් කෙරෙහි ජනතාවගේ ඉහළ උනන්දුවක් දක්නට ලැබෙනවා.

Read More

පාරිභෝගිකයා වෙත රුපියල් 130 බැගින් අලෙවිකිරිම සඳහා අවශ්‍ය දුඹුරු සීනි තොග මේ වනවිට සතොසට නිකුත් කර ඇති අතර (30) සිට ලංකා සීනි සමාගම මගින් සමුපකාර සමිති වෙත නිකුත් කරන බව දැනට කෝවිඩ් ආසාදිතව සිය නිවසේ ම ප්‍රතිකාර ලබන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා 29දා පැවසුවේය.

Read More

පසුගිය වසර එකහමාරක කාලය තුළදී දිවයින පුරා පාරිසරික මෙහෙයුම් තීව්‍ර කිරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

නිවෙස්ගතෙ නිරෝධායනය වන ක්‍රමවේදය යටතේ මේ වන විට රෝගීන් 41,826 ක් සිටින බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පවසා සිටියේය.

Read More

වයස අවුරුදු 30 ට වැඩි ජනතාවගෙන් 60 % කට එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට හැකි වී තිබෙන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

Read More

පරිසර අමාත්‍යාංශය විසින් ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය අවම කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ යටතේ වරක් භාවිත කර (Single Use) ඉවත ලන ප්ලාස්ටික් හා පොලිතීන් පාලනය කිරීම සඳහා ඉදිරිපත් කරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හෙට දින (30) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දී ඇත.

Read More

කොරෝනා වසංගත තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සෙත් පැතීම සඳහා කරනු ලබන පිරිත් සජ්ජායනාවක් වෙනුවෙන් කිලෝ මීටර් 20 ක පමණ දිගු දුරකට අදින ලද දැවැන්ත පිරිත් නූලක් පිළිබඳව මාවතගම මීතැන්වල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

Read More

පවතින අයහපත් කාලගුණයත් සමඟ තලවකැලේ ලිඳුල පොලිස් වසමට අයත් ප්‍රදේශ කිහිපයක නායයෑම් ඇති වීමේ අවදානමක් මතුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද පෙරවරුව දක්වා වූ පැය විසි හතරක් තුල නව ආසාදිතයින් 725 දෙනෙකු වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාතෙන් වාර්තා වන මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව ආසාදිතයින් 51,446ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.

Read More

කොරෝනා ආසාදිතයින්ට ලබාදීම සඳහා සතියකට ඔක්සිජන් ටොන් 300ක් බැගින් ඉන්දියාවෙන් මෙරටට රැගෙන ඒමට තීරණය කර ඇති බවත් මේ දිනවල දිනකට කොරෝනා ආසාදිතයින්ට ඔක්සිජන් ටොන් 140 ක් ලබා දිය යුතු බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසා සිටියි.

Read More

කිලිනොච්චිය මධ්‍යම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් ඉන්ධන නොමැතිව සූර්ය කෝෂ පැනල මගින් ධාවනය කළ හැකි ත්‍රී රෝද රථයක් නිර්මාණය කොට ඇත.

Read More

කොරෝනා රෝගීන් වාර්තා වීම අනුව සංචරණ සීමා තව දුරටත් ඉදිරියේදී දීර්ඝ කරනවාද නැද්ද යන්න තීරණය කරන බවත් කොරෝනා රෝගය සුළුපටු රෝගයක් නොවන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය හා සම කැබිනට් ප්‍රකාෂක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා බලපිටියේදී කීවේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.