ධවල මන්දිර වාර්තා පිටතට දීම වැළැක්විය යුතුයි - ට්‍රම්ප්
එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ල වෙත පසුගිය ජනවාරි 6දා එල්ල වූ මාරාන්තික ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තේරීම් කාරක සභාව විසින් ඉල්ලා සිටින ධවල මන්දිර වාර්තා මුදා හැරීම අවහිර කරන ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ලියකියවිලි භාර දීමට ජනාධිපති ජෝ බයිඩන් ගත් තීරණයට අභියෝග කිරීමට හිටපු ජනාධිපතිවරයාට කිසිදු පදනමක් නොමැති බවට, කොලොම්බියා දිස්ත්‍රික් අභියාචනාධිකරණය තීන්දු කිරීමෙන් සති දෙකකට පසුව ට්‍රම්ප්ගේ නීතීඥයන් හදිසි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකර ඇත. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියාත්මක වන තුරු එම තීන්දුව අත්හිටුවනු ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මෙම නඩුවට අදාළ නෛතික හා ව්‍යවස්ථාපිත ගැටලු සලකා බලමින් සිටින අතර, ට්‍රම්ප් කණ්ඩායම තර්ක කළේ, වාර්තා මාරු කිරීමට අවසර දීමට අභියාචනාධිකරණය විසින් මෙම මස මුලදී ගත් තීරණය අත්හිටුවිය යුතු බවයි.


popular news
-
Kumar Friday, 24 December 2021 02:30 AM
trump sithanne janadhipthiwarayek hatiyatayi. ekage sorkam pitathata ena eka walakann hadanawa. amerikawe, api asala in lankikayo ekata wandhinawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

