කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා නව සීඝ්රගාමී දුම්රියක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2021/12/23 හා 2021/12/24 දින සිට මෙම දුම්රිය ගමන් වාර ක්රියාත්මක වෙයි. කොළඹ කොටුවේ සිට ගමන් ආරම්භ කරන බදුල්ල රාත්රී තැපැල් දුම්රිය ගමන් වාරයට අනුරූපිව මෙම නව ගමන් වාරය ක්රියාත්මක වෙයි.
මෙම දුම්රිය ගමන් වාරය සඳහා නවතම S14 වර්ගයේ බලවේග කට්ටල දුම්රියක් යොදවා තිබේ.
දිනපතා රාත්රී 8.30ට කොළඹින් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය නැවතත් පසුදා පස්වරු 5.50ට බදුල්ලෙන් කොළඹ බලා පිටත්වෙයි.