චීනයේ ෂියෑන් නරගය ලොක්ඩවුන් කිරිමට චීන බලධාරීන් කටයුතු කර තිබේ. නගරයෙන් කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග මෙසේ නගරයේ ජනතාවට සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස දන්වා තිබේ. නගරයේ ජනගහනය මිලියන 13 කට වැඩි වෙයි.
දෙසැම්බර් 9 දා සිට නගරයෙන් ආසාදිතයන් 143ක් වාර්තා වී ඇත. බදාදා ප්‍රකාශයට පත් කරන ලද නව සීමාවන් යටතේ, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා සෑම දින දෙකකට වරක් නිවසින් පිටවීමට අවසර දී තිබේ. ඒද එක් පුද්ගලයෙකුට පමණි.
චීනය දැඩි ශුන්‍ය-කොවිඩ් උපාය මාර්ගයක් භාවිත කරන අතර වෛසරය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා චීන බෙහෝ විට මහා පරිමාණ පරීක්ෂණ සහ අගුලු දැමීම් භාවිතා කරයි.
2022 ශීත ඍතු ඔලිම්පික් උළෙල පෙබරවාරි මාසයේදී පැවැත්වීමට සූදානම් වන බැවින් චීනය කොවිඩ් පාලනය කිරීමට දැඩි අවධානයෙන් සිටී. නිලධාරීන්ගේ අනුමැතිය නොමැතිව නගරයෙන් පිටතට යෑමට අවසර නොමැත.
