දෛනිකව සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ ප්රමාණය සහ ඇන්ටිජන් ප්රමාණය තවදුරටත් අඩුවෙමින් පවතින අතර, මේ අනුව මේවන විට දෛනිකව සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ ප්රමාණය4,500ට අඩු අගයක් ගෙන තිබෙන අතර, ඇන්ටිජන් පරීක්ෂණ ප්රමාණය 2,000කට ආසන්න අගයක් ගෙනතිබේ.
මේඅනුව දෛනිකව වාර්තා වන කෝවිඩ් රෝගීන් ප්රමාණයත් 650කට අඩු අගයක් ගෙන තිබෙන අතර,මීට මාසයකට පෙර එනම් පසුගිය මස 08 වැනිදා පී.සී.ආර්. පරීක්ෂණ7,411 සිදුකර ඇත.
එදින ඇන්ටිජන් පරීක්ෂණ 3,493ක් සිදුකර තිබෙන අතර, එදින වාර්තා වී තිබූ කෝවිඩ් රෝගීන්ගේ ප්රමාණය 1,253කි.
එසේම ඊයේ (08දා) දින පී.සී.ආර්.පරීක්ෂණ 4,338 හා ඇන්ටිජන් පරීක්ෂණ2,026 සිදුකර තිබෙන අතර, එදින වාර්තා වූ කෝවිඩ් රෝගීන් ප්රමාණය 632කි.