පවත්නා ඉන්ධන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරිම හා අත්හිටුවීම හේතුවෙන් රටවල් 4ක් වෙත තැපැල් භාණ්ඩ භාර ගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මසහතා දන්වා සිටියි.
ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, ඊශ්‍රාලය හා රුසියාව වෙත තැපැල් භාණ්ඩ භාර ගැනීම අත්හිටුවා තිබේ.
මීට අමතරව ඉන්ධන සපයා ගැනීමේ අපහසුතාව හේතුවෙන් රට අභ්‍යන්තරයේ තැපැල් ප්‍රවාහන කටයුතු ප්‍රමාදයට ලක්ව ඇති බවද ඒ මහතා වැඩිදුරටත් නිවේදනය කරයි.