පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත් හිටු වීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේය.
අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට පහර දීමට අදාලව නීතිපතිවරයා විසින් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසට පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
Read Moreඅද වන විට ඩොලරයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් අගය 425.71ක් බවට (spot exchange rate) පත්ව ඇතැයි ලෝකප්‍රකට ආර්ථික විද්‍යාඥයෙක් වන ස්ටීව් හැන්කේ මහතා පැවැසීය.
Read Moreඡන්ද 109ක් ලබාගනිමින් නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත්වීමට ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කළ අජිත් රාජපක්ෂ මහතා පත්ව තිබේ. විපක්ෂය විසින් ඉදිරිපත් කළ රොහිනී කවිරත්න මහත්මිය ඡන්ද 78ක් ලබාගත්තාය. අවලංග වූ ඡන්ද සංඛ්‍යාව 23කි.
Read Moreරාජපක්ෂ පවුලේ මහින්ද රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ යන මන්ත්‍රිවරුන් අද දිනයේදී පාර්ලිමේන්තු සභා ගර්භයට නොපැමිණියේය.
Read Moreඅවසන් සටනේදි ගැටුම්වලට මැදිවි මියගිය පිරිස් ස්මරණය කිරිම සදහා අම්පාර පොතුවිල් සිට රිය පෙරහැරකින් පැමිණි යුද්ධයේදි අතුරුදහන් වූ හා මියගිය අයගේ ඥාතීන් පිරිසක් අද (17දා) ත්‍රිකුණාමලය සිවන්කෝවිල අසලින් මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල යෑම සදහා ගමන් ඇරඹීය.
Read Moreනියොජ්‍ය කථානායකවරයෙක් පත්කර ගැනීම වෙනුවෙන් පැවැති ඡන්ද විමසීම අවසන් ව තිබේ. ඒ් අනුව මේ වන විජ ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ වී තිබේ.
Read Moreපාර්ලිමේන්තුව තුළ නියෝජ්‍ය කථානායක වරයෙක් පත්කර ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන ගණනක් වැය කරමින් අද දිනයේදී ඡන්දයක් පැවැත්වීමට නියමිතය.
Read Moreමන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඒ අනුව ඔවුන්ගේ නිවෙස්වත ලබාදි ඇති ආරක්ෂාව මෙන්ම පාර්ලිමේන්තුවට පැමිණීමේදී හා පිටව යාමේදී ලබාදෙන ආරක්ෂාව වැඩි කරන ලෙස තමන් ඉල්ලා සිටින බව කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.
Read Moreදියත උයන අසල පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා ඇති බව පොලිසිය පවසයි. එම නිසා මෙම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවත් වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලිසිය දැනුම් දී තිබේ.
Read Moreරාජපක්ෂ පාලනය අවසන් කිරිම වෙනුවෙන් සමගි ජන බලවේගයේ සටන අඛණ්ඩවව ක්‍රියාත්මක බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නැවත ශ්‍රී ලංකා ගොඩ නැගීමට නම් සිදුකළ යුතු පළමු පියවර එය බවත් ඔහු පවසයි. වත්මන් පාලනය යටතේ සමගි ජනබලවේගයේ කිසිවෙකුත් කිසිම ධුරයක් භාර නොගන්නා බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
Read Moreඉන්දියාව තිරිඟු අපනයන තහනම විශාල ආහාර අර්බුදයක් පිළිබඳ භීතිය මතු කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreපසුගිය මැයි මස 09 වැනි දින ගාලු මුවදොර අරගල භූමියේ ඇති වූ කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපාර්ලිමේන්තුව අද (17දා) පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතව තිබේ. ඊට පෙර පෙරවරු 8.30ට පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Read Moreඑක්සත් ජනපදය, ස්වීඩනය, ෆින්ලන්තය සහ යුක්රේනය ඇතුළු රටවල් 14ක භට පිරිස් දහස් ගණනක් එස්තෝනියාවේ දැවැන්ත අභ්‍යාසවලට සහභාගී වෙති.
Read Moreනව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමත් සමග පාර්ලිමේන්තුවේ ආසන පැනවිමේ වෙනසක් සිදුකර තිබේ. ඒ අනුව මෙතෙක් අග්‍රාමාත්‍යවරයාට හිමි ආසනයේ සිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපෙළ 04 වැනි ආසනය පැනවීමට කටයුතු කර තිබේ.
Read Moreපර්යේෂකයන් පැවසුවේ, වසංගත සහ විභව පූර්ව මතුවිය හැකි SARS-CoV-2 ප්‍රභේදවලට එරෙහිව මෙම එන්නත් සංවර්ධනය කිරීම සිදුකරන බවයි.
Read Moreඉන්ධන, ආහාර ද්‍රව්‍ය, සෞඛ්‍ය සේවා ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් ලබාගැනීමේදී විශේෂ අවශ්‍යතා ඇති අයට ප්‍රමුඛතාව ලබාදීමට රජයේ හා පෞද්ගලික අංශයේ ආයතනවලින් ඉල්ලා සිටින බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreපිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති වුවත්, පාකිස්තානයේ නව නායකයා බලයට පත්වීමෙන් පසුව සිදුවූ පළමු වැනි පිපිරුම ලෙස මෙය සැලකෙයි.
Read Moreනියෝජ්‍ය කථානායකධුරය සඳහා සමගි ජන බලවේගය විසින් නම්කර ඇති අපේක්ෂිකාව වන රෝහිනී කවිරත්න මහත්මියට සහාය දැක්වීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර තිබේ.
Read Moreඑක්සත් ජනපද ගුවන් හමුදාව සඳුදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් පියාසර කළ හයිපර්සොනික් අවියක් සාර්ථක ලෙස අත්හදා බැලූ බවයි.
Read Moreඇඳිරි නීතිය හෙට හෙට (17) අලුයම පහට ඉවත් වන හෙයින් හෙට සිට දුම්රිය ධානයට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreහදුනානොගත් සත්වයෙක් මාතර මිදිගම ප්‍ර දේශයේ සිටියදි අද (16දා) සොයාගත් බව ගමිවාසිහු පවසති. මිදිගම ගමිමාන කිපයක සැරිසරා ඇති මෙම සත්වයා හේතුවෙන් ගමිවාසිහු බියට පත්ව සිටි අතර මේ හේතුවෙන් ගමේ තරුණයන් පිරිසක් ඊයේ (15දා) සිට මෙම සත්වයා සෙවිමේ කටයුතුවල නිරත වි තිබුණි.
Read Moreසාමාකාමී උද්ඝෝෂකයින් සිටිනි මයිනා ගෝ ගමට’ සහිගෝඨා ගෝ ගමට’ පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු ඇමතිවරු ඇතුළු 22 දෙදෙනකු වහාම අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද ලිඛිතව උපදෙස් දී ඇත.
Read Moreරජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38, 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55, සුපර් ඩීසල් ලිටරයකින් රුපියල් 136.31 සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50 පාඩු ලබනවා.තෙල් සංස්ථාවට මෙම පාඩු තවදුරටත් දරාගැනීමට හැකියාවක් නෑ.
Read Moreපසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා විසින් මෙම ධූරය භාරගැනීමට මට ආරාධනා කළා. මම දේශපාලන නායකයෙකු වශයෙන් පමණක් නොව නිදහස් අධ්‍යාපනය බුක්ති විඳලා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඉහළට ගිය ජාතික නායකයෙකු වශයෙනුයි මෙම වගකීම භාර ගත්තේ.
Read Moreඑමෙන්ම දින 40කට කාලයක පුරාවට ලංකාවේ මුහුදු සීමාවේ පෙට්‍රල් සහ බොරතෙල් මෙන්ම ගෑස් දැවිතෙල් නෞකා තුනක් නවතා තිබෙන බවත් එම නෞකා මුදා ගැනීමට විවෘත වෙලඳ පොලෙන් ඩොලර් ලබා ගැනීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදි පැවසීය.
Read More2019 නොවැම්බර් මාසයේදී මෙරට විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් පැවති බවත් අද භාණ්ඩාගාරයේ ඩොලර් මිලියනයක්වත් සොයා ගැනීමට නොහැකි තත්ත්යක් උදා වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
Read More2022 ආරම්භයේදී පසුගිය රජයේ අයවැයෙන් රුපියල් ට්‍රිලියන 2.3ක් ඇති බවට පෙන්නුම් කලත් මේ වසර සඳහා සැබෑ අනාවැකිය වන්නේ රුපියල් ට්‍රිලියන 1.6ක් පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
Read Moreමිට පෙර නිකුත් කළ ඇදිරි නීති නිවේදනය වෙනස් කරමින් ජනපති මාධ්‍ය අංශය විසින් නව ඇඳිරි නීති නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අද රාත්‍රී 11.00 සිට හෙට (17දා) අලුයම 5 තෙක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read More