අවසන් සටනේදි ගැටුම්වලට මැදිවි මියගිය පිරිස් ස්මරණය කිරිම සදහා අම්පාර පොතුවිල් සිට රිය පෙරහැරකින් පැමිණි යුද්ධයේදි අතුරුදහන් වූ හා මියගිය අයගේ ඥාතීන් පිරිසක් අද (17දා) ත්‍රිකුණාමලය සිවන්කෝවිල අසලින් මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල යෑම සදහා ගමන් ඇරඹීය.
පොතුවිල් සිට පැමිණි මෙම පිරිස ඊයේ (16දා)පස්වරුවේ ඉර බැසගෙන යද්දි ත්‍රිකුණාමල, කොටුව මුහුදුවෙරල අසල ගාන්ධි වටරවුමේදි පහන් දල්වා මියගිය අය හා අතුරුදහන් වු අය සිහි කිරිමද විශේෂත්වයකි.
උතුරු නැගෙනහිර පලාතේ දිස්ත්‍රික් මට්ටමන් ක්‍රියාත්මක යුද්ධයේදි මියගිය හා අතුරුදහන් වුවන්ගේ ඥාතීන් ගේ සංගම් දෙමල සංවිධාන ක්රියාකාරිකයන් රැසක් මෙම රථ පෙලපාලියේ පැමිණියහ.
මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් හිදි හෙට (18දා) පැවැත්වෙන සැමරුමට මෙම පිරිස සමග ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිරිසක්ද මෙලෙස පිටත්ව ගියහ.
ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලි අමරජිව
