saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5161 hours ago

LATEST

ජනපති හා රුසියානු ජනපති අතර දුරකථන සංවාදයක්

calendar_today 2022 ජුලි 06 - 16:47 remove_red_eye - 640  

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වී තිබේ.

මේ රට තවමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන බැවින් මෙරට තුළ විරෝධය පළ කරන ජනතාව අත්අඩංගුවට ගනිමින් මර්දනය කිරීම සිදු නොකළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාරය හර්ෂද සිල්වා මහතා පැවසීය.

Read More

අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සංචාරක උපදේශන යාවත්කාලීන කරමින් බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය එම රටවල පුරවැසියන්ට දැනුම් දී තිබේ.

Read More

පිලියන්දල මිරිස්වත්ත සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල ට ජීප් රථ දෙකකින් කඩා වැදුණු රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක් ඉන්ධන හලේ හිමිකාරිනිය ට හා කළමනාකරු ට මරණීය තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

Read More

රටේ වගකිවයුතු අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව තුළ පිළිතුරු ලබා දිය යුතු බවත්, එසේ නොමැතිව අග්‍රාමාත්‍යවරයා ‘මිස්ටර් බීන්’ කෙනෙක් ලෙස හැසිරීම සිදු නොකල යුතු බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

Read More

කුරුණෑගල යක්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේ දී පසුගිය දා යුද හමුදා නිලධාරියකු විසින් පුද්ගලයකුට පා පහර එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම කරුණු විමසා තිබේ.

Read More

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි.

Read More

සෙවනගල පොලිස් වසමට අයත් මහගම ඌරුසිටාවැවේ අටේ ඇලේ දියනාමින් සිටි නව හැවිරිදි දරුවෙකු ඊයේ (05දා) දියේ ගිලී මියගොස් ඇතැයි සෙවනගල පොලීසිය පවසයි.

Read More

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළුව කාන්තාවන් කීපදෙනකු විසින් කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

Read More

කිරි ගවයන් 50 පාලනය කරන තරුණ ගොවි මහතෙකු ඉන්ධන ලබා ගැනීම සඳහා තමන්ට පෝලිමේ සිටීමට නොහැකි නිසා කිරි එළදෙනෙකු ඉන්ධන පෝලිමේ ගැටගසා අනෙක් සතුන්ගේ ආහාරපාන සහ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා යන පුදුමසහගත පුවතක් අද (06දා) දඹුල්ල නගරයෙන් වාර්තා වේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම නොරොච්චෝලේ ප්‍රදේශයේ අද අළුයම (06දා) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 212 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් සමඟ සැකකරුවකු නීතීයේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපතිධුරයෙන් හා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකමෙන් ඉවත්වෙන ලෙස ඉල්ලමින් අද(6දා)උදේ බලපිටිය නගර මධය හරහා විරෝධතා පාපැදි සවාරියක් ගමන් ගත්තේය.

Read More

අම්බලන්තොට නගරයේ සහ ඒ අවට තෙල් පෝලිම් වල සිටින තරුණ පිරිස් වලට බෙදා හැරීමට ගෙන්වන ලද මත් කුඩු ග්‍රෑම්ස් 15 යි මිලි ග්‍රෑම්ස් 300ක් සමඟ කාන්තාවක් සහ තරුණයින් දෙදෙනෙක් ඊයේ (05දා) සවස අත් අඩංගුවට බව අම්බලන්තොට පොලිසිය පවසයි.

Read More

තමන් බලාපොරොත්තු වූ දෙය නොවුණත් තරමක් හෝ සාධනීය දේවල් ඇතිනම් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය නොදෙන්නේ ’ද්විත්ව රටවැසියා’ නිසා බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසිය. පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

Read More

’’ ආන්ඩුවට සැලැස්මකුත් නෑ. සැලස්මක් ගැන කතාකරන්න අපිට ඉඩ දෙන්නෙත් නෑ ’’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනය්ක නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

Read More

මේ නවතම ජයග්‍රහණයත් සමග දැන් පූටින් ඩොන්බාස් කලාපයට හැරෙමින් සිටින බව සීඑන්එන් පුවත් සේවය පවසයි.

Read More

පානදුර දුම්රිය ස්ථානයේ ඊයේ (06) දුම්රිය බළධාරින් සහ මගීන් අතර ඇතිවූ නොසන්සුන්කාරී තාවයක් හේතුවෙන් ප්‍රවේශපත් කවුළු පහම වසාදමා තිබූනි.

Read More

මෙම ප්‍රොටෝකෝලය අත්සන් කිරීමත් සමග, එය මිත්‍ර පාර්ලිමේන්තු 30 විසින් අනුමත කළ යුතු අතර, එමඟින් දෙරටටම නිල වශයෙන් නේටෝවේ සාමාජිකයන් වීමට ඉඩ සැලසේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය එක් කණඩායමක් වැඩට ගෙන්වා අනිත් සියල්ලන්ම නිවාස වල තබා සෞඛ්‍ය අකර්මණ්‍ය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා රජය හා දකුණු කොරියානු රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ 2022 ජනවාරි සිට මේ දන්වා 2105 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Read More

අවම වශයෙන් පුද්ගලයන් 25දෙනෙකු මිය ගොස් ඇති බලුකිස්තාන් පළාත මෝසම් වර්ෂාවෙන් වඩාත් පීඩාවට පත්ව ඇති කලාපය ලෙස හඳුනාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෙට (07දා) කෝප් කමිටුව හමුවට කැඳවීමට එම කමිටුව තීරණය කර තිබේ. ඊයේ පැවැති කෝප් කමිටු විශේෂ රැස්විමේදී මෙම තීරණය ගෙන තිබේ.

Read More

චීන උප විදේශ අමාත්‍ය මා ෂඕෂු, චීනයේ රුසියානු තානාපති ඇන්ඩ්‍රෙ ඩෙනිසෝව් සමග බීජිං නුවරදී විශේෂ හමුවක් පවත්වා තිබේ.

Read More

’’ මේ අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවමත් බලයේ සිටීමයි. රටේ දුක්විදින ජනතාව වෙනුවෙන් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය යටතේ තවදුරටත් බලයේ රැදී සිටීමට හැකියාවක් නොමැති බැවින් රට වැටී තිබෙන තත්ත්වය ගැන වගකීම බාරගෙන තම තනතුරු වලින් ඉල්ලා අස්වි රටේ අනාගතය නැවත ජනතාවට භාර දෙන ලෙසයි’’

Read More

එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් අඟහරුවාදා රාත්‍රියේ හයිලන්ඩ් උද්‍යානයට ගොස් එරට ගිනිඅවි ආරක්ෂාව සම්බන්ධයෙන් ’’එකට සිට කතා කරන ලෙස’’ රටෙන් ඉල්ලා සිටියාය.

Read More

පාසල් කාලය තුළ පැවැත්වෙන ප්‍රධානතම විභාග තුන වන ශිෂ්‍යත්වය, උසස්පෙළ හා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

Read More

කෝප් කමිටුව විසින් කරන ලද නිර්දේශ සහ තීරණ ක්‍රියාත්මක නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය යොමුකරන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා පැවසීය.

Read More

ඉන්ධන ගැටලු මුල් කරගනිමින් දුම්රිය නියාමකයන් අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට සේවයෙන් ඉවත් වන බව ලංකා දුම්රිය නියාමක සංගමය සඳහන් කරයි.

Read More

කුරුණෑගල යග්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේදී පුද්ගලයෙකුට පහරදුන් යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයා වහාම ක්‍රියාත්මකවන පරිදි තාවකාලිකව රාජකාරීවලින් ඉවත් කිරීමට යුද හමුදාව කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.