saravita-anim2

2026 ජනවාරි මස 23 වන සිකුරාදා

2026 ජනවාරි මස 23 වන සිකුරාදා

Latest News - timelapse 5191 hours ago

LATEST

ශිෂ්‍යත්වයට හා උපෙළ දින නියම වෙයි- දෙවැනි හා තෙවැනි වාර පාසල් නිවාඩුවත් වෙනස් වෙයි

calendar_today 2022 ඔක් 21 - 11:31 remove_red_eye - 1440  

2022 වර්ෂයට අදාළව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

කොළඹ - කුරුණෑගල මාර්ගයේ අලව්ව, වලකුඹුරේදී ටිපර් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් කළ මවක හා පුතෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

මෙරට ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සඳහා කර්මාන්ත පවත්වා ගැනීම‍ට සහ ආයෝජකයන් දිරිමත් කිරීම පිණිස විදුලි ගාස්තු කලාපයේ අනෙක් රටවලට සමගාමීව ස්ථාවර සහ සාධාරණ අගයක පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි අනාවරණය විය.

Read More

යුක්රේනය විසින් එල්ල කරන අඛණ්ඩ තර්ජනය සහ ඊට වඩා කාර්යක්ෂම ප්‍රතිචාරයක් දැක්වීමේ අවශ්‍යතාව හේතුවෙන් රුසියාව හදිසි පියවර ගෙන ඇති බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් නිවේදනය කළේය.

Read More

සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්ත සහ ආරක්ෂිතම රටවල් 13 අතරට ශ්‍රී ලංකාව ඇතුළත්ව ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

Read More

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඇය එම ධුරයට පත්ව දින 45කට පසුව මෙසේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්ව තිබේ.

Read More

මේ අනුව 9 ශ්‍රේණියේ සිට හෝ තමන්ගේ හැකියාව සහ කැමැත්ත මත අදාළ වෘත්තිය ක්ෂේත්‍රයක් තෝරා ගැනීම පිණිස නිසි මගපෙන්වීම සදහා අධ්‍යාපන ප්‍රතිපත්තීන් සකස් විය යුතු බවද ඊට අදාළ යෝජනා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කොට ප්‍රතිපත්ති සකස් කරන ලෙසද කමිටුව විසින් උපදෙස් ලබා දෙන ලදී.

Read More

වර්ෂ 1990 අගෝස්තු මාසයෙන් පසු ප්‍රථම වතාවට එක්සත් ජනපද ඩොලරය යෙන් 150ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඉන්දුනීසියාවේදී පැවැති ආසියානු යොවුන් චෙස් තරගාවලියේ වයස 10න් පහළ බාලිකා රන් පදක්කම කොළඹ විචර්ලි ජාතයන්තර පාසලේ ඔෂිනි දේවින්දයා ගුණවර්ධන දිනා ගත්තාය.

Read More

රුසියානු Tu-95 දිගු දුර බෝම්බ හෙලන යානා දෙකක් නිරීක්ෂණය කරමින්, ඇමෙරිකානු F-16 ප්‍රහාරක ජෙට් යානා දෙකක් විසින් මෙම යානා ලුහුබැඳීමකට ලක්කර තිබේ.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17,18,19,20 යන සංශෝධන සියල්ලටම පක්ෂය ඡන්දය භාවිතා කළ මන්ත්‍රීවරැන් 22වැනි සංශෝධනයටත් පක්ෂව ඡන්දය ලබා දීමට සූදානම් වීම හරහා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරැන් විහිලුවක් බවට පත් කර තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.

Read More

දරුවන් සිටින සේවකයන්ට මූල්‍ය පීඩනය ඊටත් වඩා දැනෙන බව අධ්‍යයනය පැවසුවේ, වැඩ කරන දෙමාපියන්ගෙන් 70%ක් පමණ පවසන්නේ ඔවුන්ගේ වැටුප ඉහළ යන වියදම් සමඟ නොගැලපෙන බවයි.

Read More

ජල බිල්පත් ගෙවීම සිදු කර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන ඇති තීරණය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවක දී ලබා දුන් උපදෙස් අනුව නතර කිරීමට පියවර ගෙන තිබේ.

Read More

ඉබෝලා 1976 දී දකුණු සුඩානයේ සහ කොංගෝවේ එකවර පැතිර යාමක් සමග සොයා ගන්නා ලද අතර, එය ඉබෝලා ගඟ අසල ගම්මානයක ඇති වූ හෙයින්, එම නමින් හැඳින්වීය.

Read More

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය කල්දමමින් මැතිවරණ සිතියම හැකිලීමේ රජයේ උත්සාහයට එරෙහි විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධාන ඒකාබද්ධව ප්‍රකාශයට අත්සන් තැබිම සිදු කර තිබේ

Read More

ගැටුම්වලින් 50ක් පමණ මිය ගිය බවත්, ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන බවත් චැඩ් අගමැති පවසයි.

Read More

නෙදර්ලන්තය හා පැවැති තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ආබාධයකට තිබේ. මේ අනුව ඔහු එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතය. නෙදර්ලන්තය හා පැවැති තරගයේදී පන්දු රැකීම වෙනුවෙන් පැතුම් නිශ්ශංක පිටියට නොපැමිණියේය.

Read More

2022 ඔක්තෝබර් 18 වැනිදා වන විට කොවිඩ් අරමුදලේ ඉතිරිව ඇති මුදල් ප්‍රමාණය රුපියල් විසි එක්කෝටි හැට අට ලක්ෂ හැත්තෑ හත්දහස් හාරසිය තිස් එකයි ශත පහක් (රු.216877431.05) වන අතර, එය ජනාධිපති අරමුදලට බැර කිරීමට කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා පුරවැසියන්හට ජනාධිපති අරමුදල මඟින් සැත්කම් හා ප්‍රතිකාර වෙනුවෙන් වෛද්‍යාධාර ලබාදීම සිදු කරනු ලබයි.

Read More

ජනතාවගේ පැත්තේ සිටගනිමින් 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඡන්දය භාවිතා කරන බවත්, එය කිසිසේත් වර්ථමාන රජය ශක්තිමත් කිරීම සඳහා එක් නොවීමක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Read More

දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මන්නාරම යෝධ වැවේ මීටර පහක් පමණ දිග පස් බැම්ම ආශ්‍රිතව අඟල් තුන හතර ප්‍රමාණයේ පැළුම් නිර්මාණය වී ඇති බව එම පස් බැම්ම මතින් මේ වන විට වාහන ගමනාගමනයක් සිදුවන බැවින් ඉදිරි කාලයේදීඑය වඩාත් අවදානම් විය හැකි බවපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භවිද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි .

Read More

රටේ ජනතාවට අවශ්‍ය පොදු සම්මතයට අනුව නොකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප්‍රතිගාමී සංශෝධන වන බවත්, කෙසේ වෙතත් 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය නව මානයකට ගෙන යන පියවරක් බවට විශ්වාස කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Read More

මෙරට වගා කළ කොළ ඇපල් හි මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (20දා) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

Read More

වසර ගණනාවක සිට ඇතැම් ආයතන ගිණුම් හා වාර්ශික වාර්ථා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවත්, ඒ අනුව ඊලග අයවැය ඉදිරිපත් කිරීමට පෙර එම ආයතන වල වාර්ථා පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස නියෝගයක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ අවසන් තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින් ලකුණු 16ක ජයක් ලැබීය. .මේ අනුව ශ්‍ර.ී ලංකා කණ්ඩායම මූලික වටයේ තරග තුනෙන් තරග දෙකක් ජය ගැනීමට සමත්විය.

Read More

22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහය ලබාදීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් රුපියල් මිලියන 4900ක මුදල බැංකු 08කින් සියයට 11-12ත් අතර අඩු පොලියට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට උපරිමය රුපියල් මිලියන 100ක් දක්වා ලබා ගැනීමට නව ණය යෝජනා ක්‍රමය යටතේ ආරම්භ කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400 ක් සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්, වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය වෙත සංකේතාත්මකව භාර දීම ඊයේ (19දා) නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

Read More

තිරිඟු පිටි කිලෝවක තොග මිල තවත් රුපියල් 25 කින් අඩු කළ බව පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

Read More

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා (Donald Lu) සඳහන් කළේය.

Read More

අනුරාධපුර දිසාවේ කැකිරාව හා මඩාටුගම අතර ප්‍රදේශයේ විහාරස්ථානක පසුගියදා පැවැති සල්පිලක් හා ආධුනික ගිත ප්‍රසංගයකදි වෙන්දේසිය සඳහා බියර් බොතල් ⁣දෙකක් හා කිසිප්පු බෝතලයක් තබා තබුණු බව වාර්තාවේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.