saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 3847 hours ago

LATEST

කටාර් පෙන්වා මුදල් ගැරෑ ජෝඩුව අත්අඩංගුවට

calendar_today 2023 අප්‍රේ 30 - 16:10 remove_red_eye - 263  

කටාර් රාජ්‍යෙව් රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කර මැදපෙරදිග රටකට පලායාමට සූදානම්ව සිටි අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලීසිය සමත්ව තිබේ.

ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු පුද්ගල මලසිරුරක් අද (30) දින සොයාගත් බව තලවකැලේ පොලිසිය පවසයි.

Read More

දිවයිනේ බොහේ ප්‍ර දේශවල සවස් කාලයේදි ගිගුරුම් සහිත වැසි ඇතිවිමට හිතකර වායූගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සෞඛ්‍ය සේවා සැපයීමේදී ඇමෙරිකානු ඩොලර් 840000 කට ආසන්න මුදලක් එරට රජයට වංචා කිරීම පිළිබඳ වරද පිළිගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ට්‍රැට්ෆර්ඩ් නගරයේ වෛද්‍ය සායනයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා සම්භවයක් සහිත වෛද්‍යවරයකුට බ්‍රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණය වසර හතරක සිර දඬුවමක් නියම කළේය.

Read More

කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව ප්‍රදේශයට (29) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය පිටාර ගලා තිබුණි.

Read More

මිහින්තලේ දොරමඩලාව ප්‍රදේශයේ නිවසක තිබී අතවරයට ලක්කර කර ඝාතනය කර ඇති බවට සැක කෙරෙන, විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගත් බවත් මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (29 දා) අත්අඩංගුවට ගත් බවත් මිහින්තලේ පොලිසිය පවසයි.

Read More

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී ජී චමල් සංජීව මහතා සෞඛ්‍ය ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ ආචාර්ය උපාධිය මැලේසියානු විවෘත විශ්වවිද්‍යාලයෙන් දිනා ගැනීමට සමත්ව ඇත.

Read More

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන අර්බුද වලින් ඉතා ඉක්මනින් ගොඩ එනු ඇති බවත් ඒ සඳහා චීන රජය නිරන්තරයෙන් උදව් උපකාර කරන බවත් චීන තානාපති චී ෂෙන්හොං මහතා පවසයි.

Read More

රජයේ පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කල වෙලෙදුන් 06 දෙනෙකු (28) දින නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය මගින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් වරද පිලිගත් නිසා එක් සැකකරුවෙකුට රු ලක්ෂය බැගින් සැකකරුවන් 06 දෙනාට රු ලක්ෂ 06 ක දඩ මුදලක් ගෙවන ලෙසට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරුක් ඩින් මහතා නියෝග කලහ.

Read More

නුවරඑළිය නානුඔය ග්ලාසෝ ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් ‍27 දෙනෙකු ආහාර විස වීමෙන් (28) දින නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා පැවසිය.

Read More

මැදවච්චියේ හෙරෝයින් ජාවාරම් කරුවන් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව ප්‍රථිකාර ලබමින් සිටි තරුණයෙකු රෝහල් ඇද තුලම ගෙල හා පාදයක් කපා ඝාතනය කර ඇති බව මැදවච්චිය පොලිසිය කියයි.

Read More

දැනට බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමට අවසර දී තිබෙන ආනයනික කුකුළු බිත්තර සිල්ලර වෙළෙඳපොලේත් අලෙවි කිරීම සදහා අවසර දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Read More

කටාන ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා අත් පා ගැට ගසා අභිරහස් ලෙස ඝාතනය කර තිබේ.

Read More

උස්බෙකිස්ථානයේ මේ දිනවල පැවැත්වෙන 18න් පහළ ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා පිටත් වී සිටින රි‌ටි පැනීමේ ඉසව්ව නියෝජනය කල තුෂේන් සිල්වා ක්‍රීඩකයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන සිදුවීම් සම්බන්දයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මෙම සොරකම පසුගිය 26 වැනි දින දර්ගා නගරය ඉස්තාපුල්ලා පාර ප්‍රදේශයේ නිවසක පරෙවියන් සිටි කූඩුවක් කඩා සිදුකර තිබේන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 සහ 20 යන වයස්වල පසුවන තරුණයන් බවත් සඳහන්.

Read More

අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේදී එකට කා බී මිතුරාට පිහියෙන් ඇන ඝාතනය කළ බව කියන අයෙකු දෙදිනක් සැහවී සිට විදෙස්ගත වීම සඳහා පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොලේදී අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබූ “ජනාධිපති පරිසර සම්මාන 2021-2022” සම්මාන උළෙලේදී මුද්‍රිත මාධ්‍ය අංශයේ රන් සම්මානය සහ ලෝකඩ සම්මානය යන සම්මාන දෙකම දිනා ගැනීමට අද පුවත්පතෙහි මාධ්‍යවේදීහු සමත් වූහ. රන් සම්මානය රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින් දිනාගත් අතර ලෝකඩ සම්මානය දිනා ගැනීමට නිදර්ශනී වික්‍රමසිංහ සමත් විය.

Read More

ඡන්ද අපේක්ෂකයන් වන රාජ්‍ය සේවකයන්, ඡන්දය ඉල්ලන බල ප්‍රදේශයට කිට්ටුම බල ප්‍රදේශයේ සේවයට වාර්තා කළ හැකි පරිදි තීරණය ලබන සතියේ ලබාදෙන බව, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Read More

කොටවෙහෙර ප්‍රදේශයේ හිමි නමකට පහර දුන් බවට සැකකාරියන් පස් දෙනෙකු නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එක් සැකකාරිියක් මැයි 05 දක්වා රිමාන්ඩ් කරණ ලෙසත්,සෙසු සැකකාරියන් රුපියල්.ලක්ෂය බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හරින ලෙසත් නිකවැරටිය මහේස්ත්‍රාත් කේ.ඒ.ආර්.නදීශානී මහත්මිය නියෝග කළාය.

Read More

දැනට පවතින කම්කරු නීතියේ සංකීර්ණ තත්ත්ව මගහැරෙන ලෙස නව ඒකාබද්ධ කම්කරු නීතිය සකස් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා 2023.04.25 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Read More

අධිවේගී මාර්ගයන්හි ගාස්තු වැඩි කළේ කොළඹ පාරිභෝගික දර්ශකය පදනම් කරගෙන වුවත් කැබිනට් මණ්ඩලය අනුමත කලේ 25% ක ගාස්තු වැඩිවීමක් යැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල් වි එස් වීරකෝන් මහතා පැවසීය.

Read More

අර්ධ සුඛෝපභෝගී බස් සේවාව අවලංගු කර, එම බස්රථ සාමාන්‍ය සේවා බවට පත් කළහොත් රාත්‍රී දුරගමන් සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා හා ප්‍රතිඵල ලේඛන හැර අනෙකුත් මුද්‍රණ ද්‍රව්‍ය මැතිවරණ කොමිෂමට භාරදුන් බව රජයේ මුද්‍රණාලය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (27) මුදල් අමාත්‍යාංශයේදී පිළිගන්වනු ලැබීය.

Read More

කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා යොදාගත යුතු බඩඉරිඟු ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

වත්මන් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට ඇමෙරිකා එක්සත් ජානපදයට ඇතුළුවීම තහනම් කරමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නියෝගයට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.

Read More

විදේශගත ශ්‍රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපොලේදී ලබාදෙන තීරු බදු සහනය ඉහළ නැංවීම මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවද, ඒ සදහා වන චක්‍රෙල්ඛය නිකුත් කර තිබෙන බවද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Read More

ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයෙන් අනතුරුව පැවැත්වෙන ඡන්ද විමසීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව කී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හෙට දිනයේදී අත්‍යාවශ්‍යම කරුණකට කොළඹින් බැහැරට ගමන් කිරීමට සිදුවීම හේතුවෙන් ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සිටීමට නොහැකි වන බවයි.

Read More

සිය ටෙස්ට් දිවියේ මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත්වූයේය. ඒ අයර්ලන්තයට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.