saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 3745 hours ago

LATEST

ජෙරම්ගේ ප්‍රකාශයට නීතිය ක්‍රියාත්මක කරන්නැයි මල්වතු මහ නාහිමියෝ ජනපතිට ලියති

calendar_today 2023 මැයි 22 - 18:01 remove_red_eye - 343  

දිවැසිවරයෙකු ලෙස තමන්ව හඳුන්වා ගනිමින් ජෙරම් ප්‍රනාන්දු නැමැති තැනැත්තෙකු විසින් පටු ආගමික අරමුණු පෙරදැරිව මෙරට ආගමික සංහිදියාවට දැඩි තර්ජනයක් වන අයුරින් පසුගිය දින ප්‍රසිද්ධියේ සිදු කළ ප්‍රකාශය හුදු ආකාශ්මික සිදුවීමක් ලෙසින් සුළු කොට තැකිය නොහැකි බවත් එය නිසි අණපනත් මගින් නීත්‍යානුකූලව පියවර

විවෘත අධිකරණයේ කෑ ගසමින් අධිකරණයේ කටයුතු වලට බාධා කළ පුද්ගලයෙකුට බරපතල වැඩ සහිතව වසර 3 ක සිරදඬුවම් මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.අයි.හෙට්ටිවත්ත මහත්මිය අද (22දා) නියම කළේය.

Read More

හැටන් කොටගල පතන ශ්‍රි පාද විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යාසලාභි සිසු සිසුවියන් 92 දෙනෙකු සෙම්ප්‍රතිස්සාව , කැස්ස සහ උණ රෝගි ලක්ෂණ සහිතව තම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත් බව කොටගල ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනි සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසිය.

Read More

දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති කුරිරු යුද්ධය හේතුවෙන් මිය ගිය සියලුම ශ්‍රී ලාංකිකයක් සැමරීවේ වැඩසටහනක් පසුගියදා වව්නියාව නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැතියේය.

Read More

සිය අනුබද්ධිත ඇඟළුම් කර්මාන්තශාලාවක් වන මීපේ හි පිහිටි MRC ඇසෝෂියේට්ස් ගාමන්ට් (පුද්) සමාගම වසා දැමීමට හේතු වූයේ මූලික වශයෙන් වර්තමානයේ පවතින ගෝලීය ආර්ථික තත්ත්වය මත ප්‍රධාන වෙළෙඳපොළවල ඇඟළුම් සම්බන්ධයෙන් පවතින ඉල්ලුම අඩුවීම බව හයිඩ්‍රාමනී ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

2023 වසරේ මේ වසරේ මේ දක්වා (මැයි 19 වන දින දක්වා) කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 18.7 කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

හම්බන්තොට සුචි ගම්මානයේ ඊයේ (21දා) රාත්‍රී 09ට පමණ සිදුවූ වේඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව හම්බන්තොට මුලස්ථාන පොලිසිය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් චීනයේ සයිනොපෙක් සමාගම සමග අද (22) ගිවිසුම් අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Read More

සිය වයස්ගත රෝගී මවගේ උදව්වට මවත් සමග නිවසට පැමිණ සිටි විසිහය හැවිරිදි විශේෂ අවශ්‍යතා ඇති තරුණියකට අතවර කළා යයි කියන පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (21දා) සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි. කොස්ගොඩ මහ ඉදුරුව ප්‍රදේශයේ සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ නිවසේදී මේ තරුණියට ඔහු අතවර කළේ යයි කියමින් පොලීසියට පැමිණිලි කර තිබුණේ මැයි මස 20 වැනිදා පස්වරුවේදීය.

Read More

පසුගියදා අවසන්වූ තායිලන්ත මහා මැතිවරණය අතරතුර බැංකොක් නගරයේ දී පැවැති ආසියානු මැතිවරණ ජාලයේ 8 වන මහා සභා රැස්වීමේදී රටවල් 18 ක හා සංවිධාන විසිනවයක් අතරින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එහි අධ්‍යක්ෂක වරයෙක් ලෙස හා සභාපතිවරයා ලෙස පත්කරගනු ලැබීය.

Read More

අරගලයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයෙකු යැයි පවසන පුද්ගලයෙකු විසින් මෙහෙයවන ලද ජංගම ගණිකා මධ්‍යස්ථානයක් වටලා එම අරගල ක්‍රියාකාරිකයා, මෙන්ම සුරූපී කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි .

Read More

’’මට තටු නැතුව ඉගිල්ලෙන්න කියනවා නමුත් මම 2030 දි සුර්ය්‍ය විදුලියෙන් ධාවනය කරන පොදු ප්‍රවාහන සේවයක් ආරම්භ කරනවා’’ යැයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම සඳහා සිටි පාසල් සිසුවියක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. මුන්දලම පුලිච්චන්කුලම වැවේ දිය නාමින් සිටියදි මෙම සිසුවිය ඊයේ (17දා) ජීවිතක්ෂයට පත්ව ඇත. ඇය උඩප්පුව පදිංචි අවුරුදු 17ක සිසුවියකි. මියගිය සිසුවිය ඇයගේ මිතුරියන් සිව්දෙනෙකු හා එක් මිතුරියකගේ මිත්තනියක් සමග වැවේ දිය නාමින් සිටියදි මෙම අනතුරට ලක්ව තිබේ.

Read More

රජයේ මූල්‍ය කළමනාකරණ හේතුවෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සදහා ප්‍රතිපාදන නොලැබෙන තත්වයක් පැවතීම කනගාටුවට කරුණක් බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් ඊයේ (21දා ) පැවසූහ.

Read More

යල කන්නයේ වී වගා කරන ගොවීන් හයලක්ෂ පනස් දහසකට පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර වවුචර්පත් නිකුත් කිරීම අද (22) ඇරැඹීමට තීරණය කරයි.

Read More

තම ප්‍රකාශය හරහා බෞද්ධ, හින්දු, මුස්ලිම් භක්තිකයන්ට හානියක් සිදුවූයේ නම් එයට සමාව ඉල්ලා සිටින බවත් තමන් අනිවාර්යයෙන්ම ලංකාවට පැමිණෙන බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු පවසයි.

Read More

යුරෝපා සංගමයේ GSP+ සහනය ලබා ගැනීමට අවශ්‍ය සියලු රෙගුලාසි වලට අනුකූලව ශ්‍රී ලංකාව කටයුතු කර ඇති අතර GSP+ සහන නව වටය ප්‍රකාශයට පත් කරන විට ශ්‍රී ලංකාවට එම සහනය නැවත ලබා ගැනීමට හැකිවෙනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාස කරයි.

Read More

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවට පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරුද්ධව ඡන්දය පාවිච්චි කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

Read More

දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ මළ සිරුර තැන්පත් කරන තිබෙන බොරැල්ල සුසාන භූමියේ එම වල ආසන්නයට ගිනි අවි සහිත පොලිස් ආරක්ෂාව යෙදවූ බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.බොරැල්ල පොලිසියේ නිලධාරීන් සිව් දෙනෙකු ඒ සඳහා යොදවා ඇත.

Read More

මහනුවර පේරාදෙණිය පාරේ පිහිටි විදේශිකයන්ට මැණික් අලෙවිකරණ සුප්‍රසිද්ධ අලෙවි මධ්‍යස්ථානයකට පැමිණි තිදෙනෙකු එම ස්ථානයේ තිබූ රුපියල් ලක්ෂ 80ක් වටිනා නිල් මැණික් ගලක් පරීක්ෂා කරන මුවාවෙන් ව්‍යාජ නිල් වීදුරු ගලක් තබා නිල් මැණික් ගල සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මුලස්ථාන මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ .

Read More

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම‍ට අධ්‍යාපන අමාත්‍යාංශය ලිපි නිකුත් කරනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. අයදුම්කරුවන් අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අදාල පාසලට යොමු කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

Read More

පානදුර මුහුදු වෙරළේ මත් ගතියෙන් සිටි බාල වයස්කාර ළමුන් දෙදෙනෙකු ඇතුළු තරුණ තරුණියන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා පැවසීය.

Read More

අදාළ රාජ්‍ය අමාත්‍යවරයා මොවුන් ආයෝජකයන් පිරිසක් බැවින් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කරමින් ආගමන විගමන පාලකවරයා වෙත ලිපියක් නිකුත් කර තිබේ.

Read More

රට තුළ ජාතිවාදී හා ආගම් ආගම්වාදී අර්බුද ඉස්මතු වීමේ ස්වරූපයක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින්හටගන්නා සිද්ධීන් වලින් පෙනෙන්නට තිබෙන බැවින්එවැනි කටයුතු මැඬලීම සඳහා අවශ්‍යපියවර ගන්නා ලෙසජනාධිපතිවරයාට දන්වමින්විශේෂ සංදේශයක්ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රීඤානරතන නායක හිමියන් විසින්ජනාධිපතිවරයාට භාර දී තිබේ .

Read More

බංකොළොත් බවින් මිදුණු අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

අම්බලන්‌ෙතාට හා බතලගොඩ වී පර්යේෂණායතන විසින් හඳුන්වා දුන් At 362, Bg 300 හා Bg 352 වී ප්‍රභේද මේ වනවිට දිස්ත්‍රික් කිහිපයකම ඉහළ අස්වැන්නක් ලබා දීමට සමත්ව ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරිහු අවධාරණය කරති.

Read More

ජනාධිපතිවරණයකට මුහුණ දීමට ආණ්ඩුව මෙන්ම සිය පක්ෂයද සුදානම් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

මම දේශපලනඥයෙක්. මම ගාවට හැම ජාතියෙම මිනිස්සු එනවා. මම ලියුම් ගැහුව්ව පලියට වැඩ කරන්න එපා. මම කියන දේ හරි නැත්නම් ඒ වැඩේ කරන්න එපා. හැබැයි මාව දැනුවත් කරන්න.

Read More

අත්අඩංගුවට ගත් කාන්තාවක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තෙලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය

Read More

කුරුණෑගල නාරම්මල ප්‍රධාන මාර්ගයේ පිදුරුවැල්ල නගරයට ආසන්නව තිබෙන බස් නැවතුම්පොළක රැඳී සිටි උහුමීය ඩී.එස්. සේනානායක මැදි විදුහලේ සිසුවියක් ජීප් රථයක හැපීමෙන් සිදුවූ අනතුරකින් ඊයේ (20) පෙරවරුවේ මරණයට පත්ව ඇති බව වීරඹුගෙදර පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.