ප්‍රකට ව්‍යාපාරිකයකු සහ ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය හෙට (25) යළි ගොඩගැනීමට අවසර දුන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය සම්බන්ධ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමටද ඊයේ (23) අවසර දුන්නාය.
දින 02ක් ඉක්මවා උණ පවතීනම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා අවධාරණය කරයි.
Read Moreකොන්ත්‍රාත් සඳහා ඍජු සම්බන්ධතාවක් නොදැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ දකුණු පළාත් කාර්යාලවල ඉංජිනේරුවරුන් හා කාර්මික නිලධාරීන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට වෑන් කැබ් හා මෝටර් රථ කුලියට ලබා ගැනීම වෙනුවෙන් 2021 වර්ෂයේ දී රුපියල් මිලියන 23.6 ක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරියෙකු 22/5 කරන ලද විමසිමක දී ප්‍රකාශ කර තිබේ.
Read Moreවිදුලි බිල අධික ලෙස ඉහළ දැමූ පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළදී පවුල් හාරලක්ෂ තිස්හයදහසක් විදුලි භාවිතයෙන් ඉවත් වී තිබෙන බව මහජන උපයෝගිතා කොමිෂම සඳහන් කරයි.
Read Moreනව විදුලිබල පනත නීතිමය සහතික කිරීම් වෙනුවෙන් සහ පරිවර්තනය කටයුතු වෙනුවෙන් නීති සම්පාදක දෙපාර්තම්න්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ලබන සතියේදී ඉදිරිපත් කරණ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි
Read Moreඋද්ධමනය මධ්‍යස්ථ වීම, විනිමය අනුපාතිකය ස්ථාවර වීම සහ මහ බැංකුව සිය සංචිත නැවත ගොඩ නැගීම සමඟ රටේ සාර්ව ආර්ථික තත්ත්වය වැඩිදියුණු වීමේ තාවකාලික ධනාත්මක ලකුණු පෙන්නුම් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩලය සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් පවසයි. කෙසේ වෙතත්, සමස්ත සාර්ව ආර්ථික සහ ප්‍රතිපත්තිමය පරිසරය තවමත් අභියෝගාත්මකව පවතින බවද ඔවුන් නිවේදනය කරයි.
Read Moreඉතාලියේ රෝම් අගනුවර කොරනේලියා ප්‍රදේශයේදි පෙරේදා 21 රාත්‍රියේ සිදුවු අනතුරකින් ශ්‍රි ලාංකික තරුණයෙක් මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ රෝම් අගනුවර පදිංචි මාන්නගේ මාර්කෝ නැමති 25 හැවිරිදි තරුණයෙකි.
Read Moreඩිජිටල් පද්ධති අනිසි ලෙස භාවිතා කිරීමේ අවධානම ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා වන සයිබර් ආරක්ෂණ පනත ස්ථාපිත කිරීම හරහා කිසිඳු මාධ්‍යයක් වාරණයට ලක් නොවන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කරයි.
Read Moreරාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා සේවකයන් වෙනුවෙන් හිමි විශ්‍රාම වැටුප් අප්‍රමාදව ගෙවීමට සහ ඒ සඳහා ඇති වැඩපිළිවෙල පිළිබඳ ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස විවෘත සහ වගකිවයුතු රජයක් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.
Read Moreඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් විසින් විශ්වවිද්‍යාල භූමියේ සිට මහනුවර දෙසට ගමන් කර වූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කෙරුණි .
Read Moreමෙරට ධීවර ජනතාව වෙනුවෙන් චින රජය මගින් පරිත්‍යග කළ භූමිතෙල් බෙදාහැරීම අද (23දා) වන දින පානදුර ධීවර වරායේ දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත චීන තානපති කී ෂෙන්හොංග් යන මහත්වරුන්ගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.
Read Moreපුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා නීතිවිරෝධී ලෙස රත්රන් බිස්කට් තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
Read Moreබස්නාහිර මහනගර සංවර්ධන සැලසුම කඩිනමින් ආරම්භ කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි. එම සැලසුමේ අවසන් සමාලෝචනය සිදු කර මාස 3 ක් ඇතුළත එහි ඉදිරි කටයුතු සිදු කරන ලෙසද ඇමතිවරයා නිළධාරීන්ට උපදෙස් දුන්නේය.
Read More2021 මහ කන්නයේ දී මෙරට හෙක්ටයාර් එකකට ලබන අස්වැන්න මෙට්‍රික් ටොන් 02ක් දක්වා පහළ ගිය ද, 2022 මහ කන්නයේ දී හෙක්ටයාර් එකකට ලබන අස්වැන්න මෙට්‍රික් ටොන් 3.2ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යටතේ ක්‍රියාත්මක කර තිබෙන හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
Read Moreනව සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ඇගයීම සඳහා ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය ලබා දි තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව සඳහා (COP 28) සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කර තිබේ.
Read Moreමිහින්තලාව ප්රමුඛ අනුරාධපුර පොසොන් පුණ්‍යෝත්සවය සඳහා, මූල්‍ය ලෙස හෝ කිසිදු ආකාරයක අඩුපාඩුවක් රජය පාර්ශවයෙන් සිදු නොවන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23දා) දින කියා සිටියේය.
Read Moreනිවසක සුරතලයට ඇති කළ රුපියල් 80,000ක් පමණ වටිනා ආනයනික ගිරව් 9 දෙනෙකු සොරකම් කළ පුද්ගලයකු, සොරකම් කරන ලද එම ගිරව් සමග ඊයේ (22 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍ර දේශයේ හෝටලයකට කොස් ගෙඩියක් අලෙවි කිරීම සඳහා පැමිණි පුද්ගලයෙක් හා එම හෝටලයේ හිමිකරු අතර ගණන් හිලව් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මුල්කරගනිමින් කොස් ගෙඩිය අලෙවි කිරීමට පැමිණි පුද්ගලයා තියුණු ආයුධයකින් පහරදී හෝටල් හිමිකරු ඝාතනය කර ඇති බව පොලීසිය කියයි. අවුරුදු 29ක් වන අහස්තලාව පදිංචිව සිටි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමෙම වර්ෂය අවසන් වීමට පෙර ඊ - ගුවන් ගමන් බලපත්‍ර (E-Passport) ලබා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
Read Moreපොසොන් පොහොය නිමිත්තෙන් ජුනි මස 03 වන දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම මත්පැන් හල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබේ
Read Moreකි.ග්රෑ. 2,525ක් වූ ප්‍රමාණය ඉන්දියාවෙන් හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගයයි මුලින් වටිනාකම ඉන්දීය රු. කෝටි 12,000ක් වුවත් දැන් එය කෝටි 25,000ක් වටිනවාලු
Read Moreපුද්ගල සෞඛ්‍ය වාර්තාව යෙදවුමක් මාර්ගයෙන් ජනතාවට ලබාදීම සඳහා ලෝක බැංකුව විසින් දළ වශයෙන් මිලියන 500කට අධික ප්රතිපාදනයක් ලබාදී වසර ගණනක් ගත වුවද, අදාළ ව්‍යාපෘතිය මේ වන තෙක් ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි ලෝක බැංකුවේ ඉහළ නිලධාරීන් මෙරට සෞඛ්‍ය බලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ හා ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සඳහා අද (23දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
Read Moreමේ මාසයේ ගතවූ දින 21 ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 6,223 දෙනෙකු හඳුනා ගෙන තිබේන බවත් මේ අනුව මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,931 ක් බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය සදහන් කරයි.
Read Moreජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී ලක්ෂ්යමය මතුපිට උද්ධමනය තවදුරටත් පහළ ගොස් තිබේ. ඒ අනුව 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 49.2%ක් වූ ලක්ෂ්යමය මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේ දී 33.6% ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉතාලියේ බෙර්ගමෝ නගරයේදි සිදු වු රිය අනතුරකින් ශ්‍රිලාංකිකයෙක් මිය ගියේය. මෙලෙස මියගොස් ඇත්තේ බෙර්ගමෝ නගරයේ පදිංචි වර්ණකුලසූරිය සංජීව ප්‍රදීප් ප්‍රනාන්දු නැමති 45 හැවිරිදි දෙදරු පියෙකි.
Read Moreසාමාකාමී උද්ඝෝෂකයන් සිටි ‘මයිනා ගෝ ගමට’ සහ ෙ‘ගෝඨා ගෝ ගමට’ පහරදීමේ සිද්ධීවලින් අනතුරුව රටපුරා පදිංචිව සිටි දේශපාලනඥයන්ගේ නිවාස ඇතුළු දේපල ගිනි තබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු මැති ඇමතිවරු පිරිසක් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සමක් අද (22දා) ඉල්ලා අස්කර ගත්තේය.
Read Moreමේ වනවිට රුපියල් 10,000කට අලෙවි කෙරෙන යූරියා පොහොර මිටියක මිළ එළඹෙන මස වනවිට තවදුරටත් අඩු කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.
Read Moreමේ මස 29 වන දින සිට ආරම්භ වන සමාන්‍ය පෙළ විභාගයට අදාල සියලුම් ප්‍රවර්ධන කටයුතු හෙට (23දා) දින මධ්‍යම රාත්‍රි 12 සිට විභාගය අවසන් වනතෙක් සිදුකිරිම තහනම් බව විභාග දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.
Read More