saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 3751 hours ago

LATEST

ජනපතිවරණ දිනය ගැන රුවන්ගෙන් ඉඟියක්

calendar_today 2023 මැයි 21 - 09:31 remove_red_eye - 709  

ලබන වසරේ මාර්තු පමණ වනවිට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීම පිනිස දේශපාලන පක්ෂ කිහිපයක සහාය ලැබෙන බවත් රට ගොඩනැගීමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහදී පැවසීය.

උතුරු, උතුරු-මැද හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read More

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව ඇත. රජරට විශ්ව විද්‍යාලයේ පැවතී සැසිවාරයේදී ඔහු එම තනතුරට පත්ව තිබේ.

Read More

බුදු දහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව විදෙස් ගත වු දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද (21දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

Read More

තම වැඩි මහල් දියණියට අතවර කළ පියෙකු මස්කෙළිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් එම්.එච්.ෆරීක්ඩීන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස (31) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

Read More

චීනය සහ මධ්‍යම ආසියානු සහයෝගීතාවය හරහා නව අපේක්ෂාවන් විවෘත වන වේදිකාවක් නිර්මාණය කිරීමට මධ්‍යම ආසියා සමුළුවට හැකි වූ බව චීන ජනාධිපති ෂී ජිංපිං මහතා පැවසීය.

Read More

කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා 2023 මැයි 18 වැනි දින නිකුත් කළ ප්‍රකාශය මුළුමනින්ම හෙළා දැක ප්‍රතික්ෂේප කළේ ය.

Read More

2023 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා ඉදිරි දෙවසරක කාලසීමාවක් සඳහා ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ පරිපාලන කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාරදීම නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

Read More

විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ කඩිනමින් අවසන් කර අදාල පත්වීම් ඉක්මනින් ලබා දෙන ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් ලබා දෙන ලදී.

Read More

මහ නගර සැලැස්ම යටතේ මෙම මහනුවර නගරය කඩිනමින් සංවර්ධනය කිරිමට මම බලාපොරොත්තු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගෙන ලබන සැප්තැම්බර් මාසය වන විට රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වෙයි කියා මම විශ්වාස කරනවා. ඉන් පසු රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බොහෝ ප්‍රමාණයක් ආයෝජන අවශ්‍ය වෙනවා. ඒ වගේම සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වාගත යුතුයි. ත්‍රිකුණාමලය නව නගර සැලස්ම දැන් ක්‍රියාත්මකයි. මහනුවර මහනගර සංවර්ධන සැලැස්ම මේ වසරේ ආරම්භ කිර

Read More

කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේ දී මතුව ඇති ගැටලු නීත්‍යානුකූලව නිරාකරණය කර ගැනීම සඳහා කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 57 වන කණ්ඩායම ලෙස රැකියා ලාභීන් විසිතුන් දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුවිය.

Read More

බගවන්තලාව හා නොර්වුඩ් පොලිස් වසම්වලින් 19 වන දින අතුරුදහන්වු බවට පැමිණිලි ලැබි පැය කිපයක් ඇතුලත එම පාසල් සිසුන් දෙදෙනා සොයා ගැනිමට බගවන්තලාව හා නොර්වුඩ් පොලිස් ස්ථානවල නිලධාරින් සමත්ව ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2023 -2025 නිලධාරි මණ්ඩලය තෝරාපත්කර ගැනීම වෙනුවෙන් පැවැති නිලවරණයේදී සභාපති ධුරයට හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරඟයෙන් නැවතත් අද (20) පත්විය.

Read More

මෑතකදී අවාසනාවන්ත ලෙස යෞවනයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් වාර්තා වූ නීති විරෝධී සිදුවීම් සම්බන්දයෙන් අවධානය යොමු කරමින් ,විශේෂයෙන්ම දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ‘සමාජ බුද්ධි ඒකකයක්’ පිහිටුවීමට සැලසුම් කර ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටියේය.

Read More

වසරේ මුල් මාස තුන තුළ ජපානය අභිබවා යමින් ලොව විශාලතම මෝටර් රථ අපනයනකරුවා බවට පත්ව ඇති බව චීනය ප්‍රකාශ කළේය.

Read More

බොරැල්ල, ලෙස්ලි රණගල දුම්රිය හරස් මාර්ගයේදී වෙඩි තැබීමක් සුදුකර පුද්ගලයෙක් ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

Read More

අද දිනයේදී උතුරු, උතුරු - මැද හා නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතියැයි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමන් කරමින් පවසයි.

Read More

රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක් ( රුපියල් මිලියන 43 ක් ) වටිනා රත්තරන් තොගයක් සිය ගමන් මලු තුළ සගවා ගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ව්‍යාපාරිකයෙකු ඊයේ (18දා) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .

Read More

සිංගප්පූරුවේ මහල් නිවාසයකින් වැටී මියගිය ශ්‍රී ලංකික ගෘහ සේවිකාව පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබා දුන් බව එම කාර්යාංශයේ සභාපති ඒ ඒ එම් හිල්මි අසීස් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති සමයේ ජන සංහාරයක් සිදුවූ බවට කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා 2023 මැයි 18 වැනි දින සිදු කළ සාවද්‍ය ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍යංශය තරයේ ප්‍රතික්ෂේප කරයි.

Read More

2023 මැයි මාසය වන විට දකුණු කොරියානු රැකියා සඳහා ලාංකික ශ්‍රමිකයින් 2726 දෙනෙකු මෙරටින් පිටත්ව ගොස් ඇත. 2022 වසරේ අග සහ මෙම වසරේ මුල් මාස කිපය තුළදී මෙරටට එවන ලද රැකියා ගිවිසුම් අනුව තරුණයින් 2694 දෙනෙකු සහ තරුණීයන් 32 දෙදෙනෙකු එසේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර ඔවුහු නිෂ්පාදන, ධීවර සහ ඉදිකිරීම් යන රැකියා ක්ෂේත්‍රවලට අයත් වෙති.

Read More

ලබන වර්ෂය මැතිවරණ වැස්සක් වහින වර්ෂයක් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

සතොස සේවකයන් දේශපාලන වැඩට යෙදවීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඇතුළු තිදෙනෙකුට පවරා තිබූ නඩුවෙන් ඔවුන්ව නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු නාමල් බලල්ල මහතා නියෝග කළේය.

Read More

කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයෙකු 05/19 දින අලුයම අත් අඩංගුවට ගෙන ආපසු ඩුබායි වෙත යැවීමට ආගමන විගමන නිලධාරීන් විසින් පියවර ගැනීමේ දී , මෙම චීන ජාතිකයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය තුළ කළහකාරී ලෙස හැසිරෙමින් , දැඩි ලෙස බාධා කර තිබේ .

Read More

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ආරක්ෂාව ඉතා උසස් මට්ටමකින් පවත්වා ගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තය මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කළාපය ද වඩාත් ආරක්ෂිත බවත් ඊයේ (18දා) අවසන් වූ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය ( International Civil Aviation Organization - I.C.A.O. ) විසින් පවත්වන ලද ගුවන් සේවා ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර විගනනයේ දී තහවුරු වී තිබේ.

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර ගැනිමට හැකිවෙනු ඇතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග ඊයේ පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read More

රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින මූල්‍ය සහනයන් ඇතුළු වරප්‍රසාද පිළිබඳ සලකා බැලීමට රජයට හැකි වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

ඇදුම රෝගය හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා පුද්ගලයන් ලක්ෂ පහක් පමණ මරණයට පත්වන බවත් මෙම රෝගය ලොව පුරා ප්‍රචලිත වීමට හේතු වී ඇත්තේ වායු දූෂණය දේශගුණ විපර්යාස ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් බව මහනුවර ජාතික රෝහලේ ස්වසන රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය දුශ්‍යන්ත මැදගෙදර මහතා පවසයි.

Read More

ඩෙංගු රෝගී තත්ත්වය සඳහාපැරසිටමෝල්වලටඅමතරව NSAID (Non Steroidal Anti Inflammatory Drugs - ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහඖෂධ) කාණ්ඩයටඅයත් වේදනා නාශක භාවිතකිරීම මරණ ඇතිවීමට හේතුවක් ලෙස සැකකරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.