අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර කර තිබූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පීඨ 05 ක අධ්‍යයන කටයුතු යලි දෙසැම්බර් 29 වැනිදා සහ ජනවාරි 05 වැනිදා වනවිට යළි ආරම්භ කිරීමට සැලසුම් කොට තිබෙනවා.
ඒ අනුව, දෙසැම්බර් 29 වැනිදා කෘෂිකර්ම පීඨය, පශු වෛද්‍ය පීඨය සහ දන්ත වෛද්‍ය පීඨය සහ ජනවාරි 05 වැනිදා ශාස්ත්‍ර පීඨය හා විද්‍යා පීඨය ආරම්භ කිරීමට සැලසුම් කර ඇතිබව විශ්ව විද්‍යාල පාලන අධිකාරිය වැඩිදුරටත් පවසයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය