saravita-anim2

2025 ජුලි මස 16 වන බදාදා

2025 ජුලි මස 16 වන බදාදා

Latest News - timelapse 3484 hours ago

LATEST

එක්ස්ප්‍රස් පර්ල්’ නැව ගැන විවාදය අද හා හෙට

calendar_today 2023 මැයි 10 - 09:26 remove_red_eye - 144  

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී %‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර සම්බන්ධ සභාව කල් තැබීමේ විවාදය දින දෙකකදී පැවැත්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

බිත්තර ආනයනය හා දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම යන කරුණු මූලික කර ගනිමින් මේ වනවිට රට තුළ උද්ගතව පවතින බිත්තර හිඟය සම්බන්ධව සියලු පාර්ශ්ව එක්ව ගැටළුව විසඳෙන තෙක් ඒකාබද්ධව කටයුතු කිරීමට අද (09) දින කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැති රැස්වීමක දී සියලු පාර්ශ්ව තීරණය කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ගිනි ගෙන විනාශ වූ ’’ එක්ස්ප්‍රස් පර්ල් ’’ නෞකාවේ වන්දි මුදලින් කොමිස් ලබා ගත්තේ තමන් නොවන බවත් එම ප්‍රකාශ වලට එරෙහිව එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවියට එරෙහිව තමන් එරටට ගොස් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ බවත් ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ නායක මංජු නිශ්ශංක මහතා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අද දින සවස ප්‍රකාශ කළේය.

Read More

තුෂාර සංජීව විතාරණ මහතා (පොදුජන පෙරමුණ) කුරුණෑගල නගරාධිපතිවරයාව සිටි කාලය තුළ වැරැදි කිසිවක් සිදු කර ඇත්දැයි සෙවීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගේ නියමයෙන් පත් කරන ලද ඒක පුද්ගල පරීක්ෂණ කොමිසම විසින් නිකුත් කර ඇති වාර්තාවට අනුව විතාරණ මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා 18 කින් චෝදනා 11 කටම ඔහු වැරැදිකරු බවට තීරණය කර ඇත.

Read More

’’පෞද්ගලික උපකාරක පංති නිසා දරුවන් දහම් පාසල මගහැරීම නිසා අශීලාචාර සමාජයක් බිහිවෙලා. දරුවන්ට ඉඩකඩම් දේපල හදනවා වගේ ඔවුනේ ඔළුව සහ පපුවත් හැදිය යුතුයි’’ යැයි නාගොඩ ජයවර්ධනාරාමධිකාරී පූජ්‍ය දොඩංගොඩ විදුරඥාන හිමියන් පැවසූහ.

Read More

නුවරඑළිය මහ රෝහලේ අක්ෂි ශල්‍යකර්ම සම්බන්ධ සිද්ධිය කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් වාර්තා වූ සිද්ධියට පෙර ඇති වූ තත්ත්වයක් බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පවසයි.

Read More

කටුගස්තොට බාලිකා විදුහලක 10 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක එම විදුහලේ ගොඩනැගිල්ලක පළමු මහලෙන් පහළට පැනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව පොලීසිය කියයි.

Read More

දූෂණ චෝදනා ලබා සිටින නිලධාරියෙක් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුර පිරිනැමීමට විරෝධය දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරු අද (9) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.

Read More

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අගනුවර මහාධිකරණය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලබන බ්‍රහස්පතින්දා (11) විවාදයට ගැනීමට නියමිතව තිබු ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය වෙනුවට ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර සම්බන්ධ සභාව කල් තැබීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට අද (9) පෙරවරුවෙ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදි තීරණය වූ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

බුදුන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කෙරෙන වෙසක් උත්සවය මෙවර තෙවැනි වරටත් ඇමරිකානු ජනාධිපතිවරයා ගේ, උපදෙස් මත මැයි 05 දින ධවල මන්දිරයේදී පැවැත්විනි.

Read More

එක්දින තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට එක්වීම සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික සොයා ගැනීම් හා පර්යේෂණ සංවර්ධනය වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට අපේක්ෂා කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.

Read More

සමෘද්ධි සහනාධාර මුදල් ගෙවිම රාජ්‍ය බැංකු වෙත ලබා දීම හරහා ආණ්ඩුව සමෘද්ධි බැංකු අකර්මන්‍ය කිරීමේ උත්සහයක නිරත වන බව සමෘද්ධි වෘත්තීය සංගම් එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා මග බැංකුව පනත් කෙටුම්පත සඳහා, මුදල් අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේදී සංශෝධන යෝජනා කරන ලෙසද එය මේ සතියේ පාර්ලිමේන්තුවේ විවාදය නොගන්නා බවද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී 2023.05.09 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Read More

අඩු ආදායම්ලාභී නිවාස 25000ක් සඳහා සූර්ය පැනල නොමිලයේ ලබාදීමේ ක්‍රියාවලිය කැබිනට් අනුමැතිය ලැබුණු පසුව ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

Read More

දැනට ඉදිරිපත්ව ඇති ’’ශ්‍රී ලංකා මහ බැංකුව කෙටුම්පත’’ වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා, විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී 2023.05.09 දින ලිපියක් භාර දුන්හ.

Read More

මන්නාරම මැදවච්චිය මාර්ගයේ කුංචිකුලම් ප්‍රදේශයේදී කාර් රථයක ප්‍රවාහනය කළ රුපියල් මිලියන 12 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (08) සවස අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ දැනට සිදු කෙරෙන බිම්මල් වගාව තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා ලෙස චීන රජයේ මෙරට තානාපති චී ෂෙන්හොන් මහතා තමන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

කළුතර බාලිකා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවියක ලැගුම්හලකට ගෙනගොස් පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියයාම සම්බන්ධයෙන් සොයමින් සිටී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසිය සමත්ව තිබේ.

Read More

අනියම් බිරිඳගේ නොමේරු දරු ගැබ ඉවත් කර ගබ්සාවක් කර දෙන ලෙසට තර්ජනය කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ මාතෘ හා නාරිවේද වෛද්‍ය ප්‍රතිකාර වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකුට පහර දීමට තැත් කළ තරුණයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මැල්සිරිපුර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read More

ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමඟ එක්නොවිය යුතු බවත්, තනතුරු ලබා නොගතයුතු බවත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

Read More

ලාංකීය ලියෝ බහු මණ්ඩල දිස්ත්‍රික් 306 විසින් මෙවර ලියෝ සමාජ වැඩසටහන සඳහා තවත් නවමු පියවරක් තබා ඇත එනම්, මාලදිවයිනට ලියෝ සමාජ වැඩසටහන ව්‍යාප්ත කරමින් මාලදිවයිනේ නැගී එන තරුණ නායකයින් සවිබල ගැන්වීමට එක්වීමයි. මෙසේ මාලදිවයිනේ ලියෝ සමාජ වැඩසටහන දියත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව පසුගිය අප්‍රේල් 25 වැනි දින රාජගිරිය සිංහ ක්‍රියාකාරී මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

Read More

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු කොටස් ඉන්දියාවේ ටාටා සමාම වෙත පැවරීමට මූලික වටයේ සාකච්ඡාවක් සිදුවන බවට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

නාථගනේ ස්තූපය හා පුරාවිද්‍යාත්මක නටබුන් සහිත ප්‍රදේශයේ කැනීම් කටයුතු මේවන විට සිදු කර අවසන් බවත්, මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය ඉදිරි පරම්පරාවන් වෙත ද දායාද කිරීමට ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් ද ඉල්ලා සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

Read More

මේ වන විට ඩෙංගු රෝගී තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන ගම්පහ දිස්ත්‍රික්කය තුළ විශේෂිත ඩෙංගු මර්දන වැඩසටහනක් කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගැනෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

විස්සයි විස්ස තරග 5කින් යුත් සංචාරයක් සඳහා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ජපානයේ සංචාරයක නිරත වේ. 15 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකත්වය ඩෙලන් පීරිස්ට හිමිවී ඇත. ජපානය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී,සී.) අර්ධ සාමාජික රටක් වේ.

Read More

කළුතර ලැගුම්හලක පස් වන මහලින් බිමට ඇද වැටී අභිරහස් ලෙස මියගිය බව කියන 16 හැවිරිදි රූමත් පාසල් සිසුවිය එම ලැගුම්හලට රැගෙන ආ බව කියන මෝටර් රථය කළුතර පලාතොට ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි.

Read More

මේ වසරේ මැයි මස මුල් සතිය වන විට දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ඩෙංගු රෝගීන් විසි දෙදෙනෙකු වාර්තා වී ඇති බව එම කාර්යාල තොරතුරු සඳහන් කරයි.

Read More

වලසකුගේ දරුණු ප්‍රහාරයකට ලක් වූ සිවිල් ආරක්ෂක භටයකු ඊයේ (7දා) වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව තන්තිරිමලේ පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.