ශ්‍රී ලංකාවේ පොල්තෙල් අවශ්‍යතාවයෙන් 10% ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ ශ්‍රී ලංකාව තුළයි බවත් ඒ අනුව දේශීය පොල්තෙල්වල ප්‍රමිතිය සොයා බැලීමට ක්‍රමවේදයක් අවශ්‍ය බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
දිවයිනේ තේ වගා කරන දිස්ත්‍රික්ක 11 තුළ මෙ වන විට තේ කම්මල් 541 ක්‍රියාත්මක වන අතර මේ අතුරින් මෙම මස වැඩිම තේ මිලක් ගෙවා ඇත්තේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය පෝ තොටුව තේ කමලයි.
Read Moreවිදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවාස ඉදි කිරීමේ වැඩපිළිවෙලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අරඹයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව එය ක්‍රියාත්මක කරයි.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරගාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් (12) දින නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
Read Moreලංකාවේ සංචාරයක් සදහා පැමිණි කැනේඩියානු ජාතික බාල වයස්කාර පිරිමි හා ගැහණු දරුවන් දෙදෙනෙකු අපහරණය කරනු ලැබූවේ යයි කියන සංචාරක මග පෙන්වන්නකු අද (12) කොස්ගොඩදී අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
Read Moreනිදහස් සෞඛ්‍යය සේවාව කප්පාදු කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත්, ගුණාත්මක තත්ත්වයෙන් තොර ඖෂධ භාවිත කරනවා යැයි කියමින් ඇතැම් සංවිධානාත්මක පිරිස් සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් මහජන විශ්වාසය බිඳ දැමීමට උත්සහ කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
Read Moreමධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශන්ට මෙන්ම කාසල්රි ජලාශය අවට ප්‍රදේශයන්ට පැවති වියළි කාලගුණික තත්වයන් නිමාවට පත් කරමින් 12වන දින සවස් කාලයේදි වැසි පතිතවිම ආරම්භව ඇත.
Read Moreකූඨ ලෙස සකස් කළ චීන ගුවන් ගමන් බලපත්‍ර භාවිතා කර නෙදර්ලන්තය වෙත පැන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අද (12දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreතබ්බෝව අභය භුමියෙ ඇතිවු හදිසි ගිනි ගැනීමක් නිසා අක්කර 300 කට වැඩි ප්‍රමණයක භුමියක් ගිනි ගෙන විනාශ වී ඇති බව පුත්තලම දිස්ත්‍රීක් වන ජීවි සහකාර අධ්යක්ෂ එරන්ද ගමගෙ මහතා පවසයි.
Read Moreඅනුරාධපුර දිස්ත්‍රික්කයට මාස ගණනාවක් පැවති නියං තත්වය පහව යමින් ඊයේ (11) සවස ප්‍රදේශ කීපයකට වැසි ඇද හැළුණි.
Read Moreමහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට බන්ධනාගාර පවත්වා ගෙන යාමේ නීත්‍යනුකූල ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ කර ඇති අතර එය කිසි සේත්ම සමාජයේ කතාබහට ලක් වී ඇති පරිදි මුදල් ගෙවා වෙනම සිර මැදිරි වෙන් කර ගැනීමට අවස්ථාව ලබාදෙන ආකාරයේ කටයුත්තක් නොවන බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.
Read Moreකෘෂිකර්ම අංශය නවීකරණය කිරීම හරහා මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreඉන්ධන මිල තීරණය කිරීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්යයක් නොවන බවත්, සිනොපෙක් ආයතනය විසින් ඛනිජ තෙල් මිල තීරණය කිරීම පිළිබඳ කිසිදු ඉල්ලීමක් සංස්ථාවෙන් කර නොමැති බවත් එම සංස්ථාව පවසයි.
Read Moreනැගෙනහිර පළාතේ ගොවීන් විසින් වගා කර තිබෙන 44/1 වී වර්ගයෙන් විශාල අස්වැන්නක් ලැබෙන නමුත් වී කෙටීමේදී වී ඇට තුනට කැඩී යන බැවින් එවැනි වී වර්ගයක් ගොවීන්ට හඳුන්වාදීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසා තිබේ.
Read Moreමහනුවර හා කටුගස්තොට අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2023-08-18 දින මධ්‍යම රාත්‍රි යේ සිට අගෝස්තු 21 දින පෙරවරු 4 චක්වා කාලසීමාව තුළ මාතලේ හා මහනුවර අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreමහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර 13 වෙනි සංශෝධනයේ පොලිස් බලතල බෙදීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (9) පස්වරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
Read Moreජපන් රජයේ මූල්‍යාධාර මත උතුරු පළාතේ දිස්ත්‍රීක්ක 05 සහ කුරුනෑගල, ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රීක්කවල ගොවිපවුල් 228,611 ක් සඳහා නොමිළේ සූරියා රසායනික පොහොර මෙට්‍රික්ටොන් 8360 ක් බෙදාදීමේ වැඩසටහනක් අද (10) යාපනය චාවකච්චේරි ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී ආරම්භ විය.
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයට ලද ඇමතුමකින් දකුණු කොරියාවේ රැකියා පෙන්වා මුදල් වංචාකළ මහා පරිමාණ විදේශ රැකියා ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
Read Moreවසර තුනහමාරකින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවාගැනීම් සිදු කර නැහැ දැනට 33687 ක් සිවිල් ආරක්ෂක බලකා සේවයේ
Read Moreමම පන්සලක් හැදෙනවාට විරුද්ධ කෙනෙක් නෙමෙයි.මම මේ පලාතේ දේශපාලනය කරන කෙනෙකුත් නෙවෙයි.මේ ප්‍රදේශයේ ජනතාව සමගියෙන් ඉන්න ඕන නිසා ගත්ත තීන්දුවක්. 99%ක් දෙමල ජනතාව ඉන්න ප්‍රදේශයක පන්සලක් හැදුවම එල්ල වන විරෝධය නිසා මේ පන්සල හදන එක ගැන තීන්දුවක් ගැනිමට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉන්න මන්ත්‍රිවරු දෙදෙනා වන ආර්.සම්බන්ධන් හා කපිල නුවන් අතුකෝරල යන මන්ත්‍රිවරුන් දෙදෙනාට භාරකරලා තියනවා’’
Read Moreමහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර පැවැත්වීමේ දී ශ්‍රී දළදා මාලිගාව ඇතුළු සිව් මහා දේවාලයන්ට පැන නැගී තිබුණු විදුලි බිල සම්බන්ධ ගැටලුව රජය මැදිහත්වී විසඳූ බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි .
Read Moreත්‍රිකුණාමලය නිලාවේලි පාරේ පෙරියකුලම් පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ දැනට සිදුකරණ ඉදිකිරිම් හා සුද්ධ පවිත්‍ර කිරිම් තාවකාලිකව නවත්වන ලෙස නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා කල නියෝගයක් ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශිය ලේකම්වරයා විසින් විහාරාධිපති පුජ්‍ය අම්පිටියේ ශීලවංශතිස්ස හිමියන් වෙත දැනුම් දි ඇතැයි විහාරාධිකාරි ත්‍රිකුණාමලයේ සුඛිත වංශතිස්ස හිමියෝ පැවසුහ.
Read Moreමහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 අගෝස්තු 10) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
Read Moreණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමටත් “ආසියාන්” සංවිධානයේ අනෙකුත් රටවල් සමග ද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read More’’ මට දැන් ජීවත් වෙලා වැඩක් නැහැ ,මම මැරෙනවා’’ යැයි සිය පෙම්වතියට දුරකථනයෙන් අමතා පැවසූ පාසල් වියේ පසුවන 17 හැවිරිදි තරුණයාගේ සිරුර පැය කීපයකට පසු බඳ පටියකින් එල්ලෙමින් තිබියදී හමුවූ බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි
Read Moreරිදියගම සෆාරි උද්‍යානයේ ’’සිනා ’’ නැමති සිංහ ධේනුව විසින් බිහිකළ සිංහ පැටවුන් දෙදෙනෙකු 10 වනදා සිට මහජන ප්‍රදර්ශනයට තබන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සිදු කල විශේෂ ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුව නොමග යවා 13 ඉක්මවූ බලය බෙදීමකට සූදානම් වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. ඒ් මහතා මේ බව සදහන් කර සිටියේ අද (10දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Read Moreරජරට මෙන්ම මුළු රටටම බලපෑ ඇති දැඩි නියඟය හේතුවෙන් පීදෙන ගොයම ආරක්ෂා කර ගැනීම සඳහා ’නිසි කලට වැසි වසීවා, කෙත් වතු සරු සාර වේවා’යි ප්‍රාර්ථනා කරමින් වැසි පිරිත් සජ්ජායනා කිරීමේ ආගමික වැඩසටහනක් ඊයේ (9දා) පස්වරුවේ දී ඓතිහාසික රුවන්වැලිසෑ චෛත්‍යය අබියසදී විහාරාධිපති පූජ්‍ය ඊතල වැටුනවැවේ ඥානතිලක නායක හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා මහවැලි අධිකාරියේ එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර ඉන්දික රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Read Moreශ්‍රි ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා සම්බන්ධයෙන් ජාතික සංගමය වන ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචි කටයුතු අත්හිටුවමින් එහි පරිපාලනය සඳහා තාවකාලික කමිටුවක් පත්කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More