පාසල් දරුවන්ගේ දිවා ආහාරයට බිත්තර සැපයීමට කුකුළ් ගොවිපොළවල්
මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් වල ඉගෙනුම ලබන දරුදැරියන්ගේ දිවා ආහාරයට බිත්තර සැපයීමට ගම් මට්ටමෙන් කුකුළ් ගොවිපොළවල් තුන්සියදෙකක් ආරම්භකිරීමට ඌව පළාත් පශුසම්පත් දෙපාර්තමේන්තුව කටයුතුයොදා ඇතැයි මොනරාගල පශුසම්පත් නියෝජ්‍ය අධ්‍යක්ෂක ඩී.එම් සිරිවර්ධන මහතා පැවසීය.
ලෝක ආහාර සංවිධානයේ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක මෙම වැඩසටහනේදී දිස්ත්‍රික්කය තුළ පවුල් 302 සම්බන්ධ කරගෙන ගොවිපොළවල් ඇතිකිරීමට නියමිතය.
එක් පවුලක් සඳහා මසක් වයසැති කිකිළි පැටව් 55 දෙනෙකු ලබාදීමට නියමිතය.
වර්ග අඩි 150 කින් යුත් කුකුළ් කූඩුවක් ඉඳිකිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහ උපකරණ ලබාදෙන අතර මාස 06 යනතුරු අවශ්‍ය කුකුළ් කෑම නොමිලේ ලබාදෙනු ලබයි.
නිෂ්පාදිත බිත්තර ලඟම පිහිටි පාසලේ දරුවන්ට දිවා ආහාරය සපයන සැපයුම්කරුවන්ට සාධාරණ මිලකට ලබාදීමෙන් අනතුරුව ඉතිරිවන බිත්තර පමණක් පිටස්තර පාරිභෝගිකයින්ට අලෙවිකිරීමට පුළුවන.
සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

